
(ඩයනා උදයංගනී)
“රට වටේ ගිහින් එනවිට අපෙත් ස්වීප් එක ඇදෙයිද දන්නෙ නෑ.” යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
සුසිල් ප්‍රේමජයන්ත මහතා ද පොලේ ගොස් ස්වීප් එකක් ගත්විට පැය 24කින් ඇදුණා යැයි කී හිටපු ජනාධිපතිවරයා “අපිත් මේ සේරටම ලෑස්තියි” යැයි ද සඳහන් කළේය.
එවක තම ආණ්ඩුව දැඩි ලෙස විවේචනය කළ අය වත්මන් ආණ්ඩුවේ තත්වය පිළිබඳ සත්‍යය පෙන්වා දෙන විට තමන්ට දොස් පවරන බව ද මෛත්‍රීපාල සිරිසේන මහතා කීවේය.
හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද (7) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කුරුණෑගල දිස්ත්‍රික් සමුළුවට එක්වෙමිනි.
වර්තමානය බණ්ඩාරනායක මැතිනියගේ කාලය වගේ යැයි කියමින් ඇගේ ආර්ථික වැඩපිළිවෙලට අදත් දොස් කියන අය සිටින නමුත් එතුමිය ගොවියන්ගෙන් හෝ නිවෙස්වල ගෑස් ලිප පත්තු කරන්න යන කාන්තාවන්ගෙන් කුණුහරප ඇසුවේ නැතැයි ද හිටපු ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.
පසුගිය දිනවල තමන් කළ කතා ඇසූ ඇතැමුන් ‘තමුසෙත් ආණ්ඩු කළා නේදැයි’ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රශ්න කර තිබූ බව කී හිටපු ජනාධිපතිවරයා කවුරුන් කෙසේ කීවත් 1948න් පසු පත්වූ ආණ්ඩු අතරේ වෙනස්ම ආණ්ඩුව තමන්ගේ ආණ්ඩුව යැයි ද සඳහන් කළේය.
එදා ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක එක්ව ආණ්ඩු කරද්දී තමාට විවේචන, නින්දා අපහාස කළ අය අද තමන් රටේ තත්වය පැහැදිලි කරන විට ‘ඇයි මේ ගහන්නේ’ කියා අහනවා යැයි ද හිටපු ජනාධිපතිවරයා පැවසීය.
වත්මන් ආණ්ඩුව කරන අය තමන්ගේ ආණ්ඩුවට මීට වඩා අපහාස විවේචන කළ බව කී සිරිසේන මහතා එදා පිරිසිඳු ආණ්ඩු හදන්න කතා කරපු අය වර්තමානයේ ආණ්ඩු කරන්නේ කොහොමද කියා මෙන්ම එදා තමාට අපහාස කළ අය අද මොන තරම් අපහාසයට විවේචනයට ලක්වෙලාදැයි කවුරුත් දන්නා බව ද කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්වීප් එකක් ගන්නාවිට ඔබගේ කණ්ඩායමේ සියලු දෙනා එක්ව උත්සාහ කර බලන්න. ජනතාව නම් කියන්නේ ඔබලාට අමතක නොවන ලොකු දිනුමක් ලැබෙන බවකි...
අනේ මහත්තයෝ පැත්තකට වෙලා ඉන්න. ආයේ ඡන්දයකින් දිනන්න බැහැ ඔයාට.. ඔයාලා වගේ අයට ඡන්දෙ දීලා ඇති ඵලේ මොකක්ද? මහින්ද රාජපක්ෂ වෙන්නද හදන්නේ..? කවදාවත් බැහැ.
අනිවා... සිපිරි ගෙදරට තමයි..!
ඇදෙයි, ඇදෙයි... සුපිරි තෑග්ග එක්කම ඇදෙයි.
ඇදෙන්න දෙයක් ඉතුරුවෙලා නැහැ. ඇදගෙන ඉවරයි.
ඔයාගේ ස්වීප් එක ඔයාම අද්දගෙන හුඟාක් කල්...
අද සමස්ත රටම කඩාවැටිලා තියෙන විපත දැක්කාම තමුන්නැහෙත්, රාජපක්ෂවරුත් ලබන ඡන්දෙන් හේදිලා යනවා. දුගී දුප්පතා අවශ්‍ය දේවල් ගන්න අතේසතේ නැතුව වරු ගණන් පොළින්වල ඉඳලා TV නිවුස්වල බනින බැණුම් ඇහුවාම ඉලපතෙන් තමයි ඊළඟ ඡන්දෙන් මේ ගොල්ලන්ට හම්බ වෙන්නේ... ඇයි ගෑස් බෝම්බ ප්‍රශ්නෙම ඇති මේ ආණ්ඩුවේ කෙරුවාව දැන ගන්න. බොහොම අමාරුවෙන් දරයි, භූමිතෙල් වලින් උයාගෙන කාලා ජීවත් වෙනවා. ඡන්දෙ දුන්නොත් දෙන්නේ දුප්පතාගේ දුක හඳුනන සජිත්ට විතරයි...
රටේ මිනිස්සුන්ට තමයි ස්වීප් එක ඇදිලා තියෙන්නේ... මෙයාලට නෙමෙයි...
එදා ඔය තරම් මෝඩසේන කෙනෙක් නෑ කිව්වාට සමා වෙන්න. දැන් ඒක වැරැදියි කියලා 100 වාරයක් හිතෙනවා... අලුත් නන්දසේන නිසා...
ආණ්ඩුවේ නොහැකියාව දැකලා මෙයා ආපහු ජනාධිපති හීන දකිනවා. හැබැයි අමතක කරන්න එපා... මේ සේරටම මුල මේ අය කියන එක තමයි...
නන්දසේනට වඩා නම් මෙයා තරමක් හොඳයි.. හැබැයි 2024දී ඔයාටයි, නන්දසේන ඇතුළු සියලුම පක්ෂවලට අනිවාර්යෙන්ම ස්වීප් ඇදෙනවා...
සත 5ක වැඩක් නැහැ. කරුණාකරලා ගෙදරටම වෙලා ඉන්න. කොහොමටත් ලබන සැරේ ටිකට් ඇදෙනවා ජනතාවගේ අතින්ම... පාස්කු නඩුවෙන් ඊට කලින්ම ඇදෙයි සමහර විට...
මෙයාට ස්විප් එක ඇදුණේ බුද්ධිමත් ජනතාව මෙයාව 1989 පාර්ලිමේන්තුවට යවපු දවසේ...
මිනිස්සු ඡන්දෙ දෙන්නේ එකඑක්කෙනාට සුවිප් අදින්න නෙවෙයි, මහජන සේවය තකා...
ස්විප් එක ඇදිලා ගොඩක් කල්, ඔබතුමා තාම ඒක දන්නේ නැහැ... කරුණාකර ගෙදර ගිහිල්ලා තමන්ගේ වැඩක් කරගෙන ඉන්න. මෙවර අපි බලයට ගේන්නේ රට කවදාවත් බාරදීපු නැති කොටසකට...
මෙයාට ඇදුණු ස්වීප් එකට කොළඹ 7න් ගෙයක් ලැබුණා.
ඇදෙන ලකුණු තමා පේන්න තියෙන්නේ... සමහරවිට ගෙන්නපු කඹේම ප්‍රයෝජනයට ගන්න හැකිවේවි...!
ඔයත් ආණ්ඩු පක්ෂයේ කෙනෙක් තමයි. බොරුවට ටෝක්ස් දිදී ස්වීප් එකක් ඇදෙනකම් ඉන්නේ නැතිව ඉල්ලා අස්වෙන්න. ආණ්ඩුවෙත් ඉන්නවා ඒකාලේ ඇඟ බේරගන්න ටෝක්ස් දෙනවා. ආණ්ඩුව හොඳ නෑ වගේ ටෝක්ස් දෙ අය එළවලා දාන්න ඕනේ..
හොරු අඩු රජයක් හදමු. ජ වි පෙ එන්න ඕන.
මරු විහිලුව
කරන්න තියන ඔක්කොම වැරදි කරලා දැන් එනවා අනුන්ගේ ඇස් වල කීරි හොයන්න