(නිමල කොඩිතුවක්කු)

මේ දිනවල පවතින අධික පෑවිල්ල අඛණ්ඩව පැවතියහොත් ඉදිරි යළ කන්නය සඳහා ජලය සැපයීමේදී ගැටලු මතුවිය හැකි බව වාරිමාර්ග අධයක්ෂ ඉංජිනේරු එස්. පී. සී සුගීශ්වර මහතා පැවසීය.

ප්‍රමාණවත් ජලය ජලාශවල පවතින බැවින්  මෙවර මහ කන්නය සඳහා ජලය සැපයීමට බාධාවක් නොවන බවත් සුගීශ්වර මහතා කීවේය.

දිවයින පුරා ජලාශවල ජල මට්ටම සියයට 65 ක පමණ අගයක තිබෙන බැවින්  මහකන්නය සඳහා කිසිදු ගැටලුවකින් තොරව ගොවීන්ට ජලය සැපයිය හැකි බවත් වාරිමාර්ග අධයක්ෂවරයා ප්‍රකාශ කළේය.

සේනානායක සමුද්‍රයේ ජල මට්ටම සියයට 44 කුත්, හුරුලු වැවේ ජල මට්ටම සියයට 54 කුත්, නාච්චිදූව වැවේ ජල මට්ටම සියයට 90 කුත්, රාජාංගනය වැවේ ජල මට්ටම සියයට 92 කුත්, පදවිය වැවේ ජල මට්ටම සියයට 90 කුත් ලුණුගම්වෙහෙර ජලාශයේ ජල මට්ටම සියයට 47කුත් පමණ තිබෙන බවද වාරිමාර්ග අධයක්ෂවරයා වැඩිදුරටත් ප්‍රකාශ කලේය.