
(ඩයනා උදයංගනී)
මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදලේ නම ලලිත් ඇතුලත්මුදලි උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාරකාර අරමුදල ලෙස වෙනස් කිරීමට කටයුතු කරන බව එම අරමුදලේ වත්මන් සභාපති, වෙළඳ අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (12) පැවසීය.
ආර්ථික දුෂ්කරතා ඇති පවුල්වල විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන දරුවන් වෙනුවෙන් තමන්ගේ පෞද්ගලික මුදල් යොදවා මෙම අරමුදල ආරම්භ කළ දිවංගත වෙළද අමාත්‍ය ලලිත් ඇතුලත්මුදලි මහතාට දක්වන කෘතවේදීත්වයේ උපහාරයක් ලෙස මෙම නම්කිරීම සිදුකරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
එමෙන්ම මෙම අරමුදලේ සභාපතිධූරය සඳහා ජනාධිපතිවරයා විසින් නම්කරන විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් පත්කිරීමටත්, භාරකාර අරමුදලේ සේවක, පාලක සියලු දෙනා පොදු දේපල පනතට යටත් කිරීමටත් හැකිවන පරිදි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල සංශෝධනය කිරීම සඳහා වන නීති කෙටුම්පත තමන් කැබිනට් මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කළ බව කී ඇමතිවරයා එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම වෙනුවෙන් අනුමැතිය හිමිවූ බව ද කීවේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම හොද තීරණයක්. වචනයේ අර්ථයෙන්ම දේශපාලඥයකු වූ ලලිත් ඇතුලත්මුදලි මැතිතුමා උගත් මෙන්ම බුද්ධිමත් නායකයෙක්ය. අපට එතුමාගේ පක්ෂය කිසිසේත්ම අදාලම නැත. නමුත් රටේ අනාගතය පිලිබදව ඉතාමත්ම දුර දක්නා ඥානයක් තිබුණු එතුමා වැනි දේශප්‍රේමින් බල ලෝබයට මැදිවී අකාලයේ මියයාම අවාසනාවකි.
ලලිත් ඇතුලත්මුදලි මහතාට අපි පින් දෙනවා. ඒකටත් හරියන්න දැන් ඉන්න දූෂිත දේශපාලුවන් ගැන කියලා වැඩක් නැහැ...
එතකොට අර මහින්ද රාජපක්ෂ නම් ගහපුවා හැදුවේ එයාගේ පුද්ගලික මුදල් වියදම් කරලා වෙන්න ඇති...
බන්දුල ඇමැතිතුමාට කරගන්න පුළුවන් ලොකුම දේ මේ වගේ වැඩක් තමයි ඉතින්...
ඕකට අපි උදේ හවා අම්මා මුත්තා මතක් කරන සර්ගේ නම දාන්නකෝ...!!!
මෙතරම් ප්‍රමාදවී හෝ මෙම අදහස පහළවීම හොඳයි. මෙය කරන්න තිබුණේ බොහෝ කලකට පෙරයි. ඇතුළත්මුදලි මහතා තමන්ගේ බූදලෙන් ශිෂ්‍යත්ව දුන්නාද කියලා අහන අකෘතඥ සරසවි සිසුන්ට පුළුවන්... අකමැති නම් එය නොගෙන ඉන්න.
දැන් ඉතින් අර රතු හැට්ටකාරයෝ ඕකට විරුද්ධ වෙයි.
නම වෙනස් කළාට එකම වැඩනේ වෙන්නේ.. හරියට මිල සූතය වගේ හැමදාම බඩු වැඩිවෙනවා. පිටරටින් බඩු ගෙන්වනවා. කොරෝනා පටන් ගන්න කොටම අපේ දේශීය බලගතුම විෂබීජ නාශකයක් වන කහ තහනම් කළා.. සැනිටයිසර් ගෙන්නුවා. ඇයි බැරි කිරිපිටි, සිගරට්, අරක්කු, ගෙන්වීම තහනම් කරන්න....?
නම වෙනස් කරාට කමක් නෑ. අරමුදලේ භාරකාරීත්වය අරයට නම් දෙන්න එපා
මෙම සැලැස්ම මහපොළ අරමුදලේ පාලනය අමාත්‍යාංශය වෙත ලබාගෙන එයින් මුදල් ඉවතට ගැනීමයි. මෙම කපටි යෝජනා සමඟ එකඟ වෙන්න එපා.
මේක ඉතාම හොඳ දෙයක්. නිකම් බෝක්කුවක් හැදුවත් තමන්ගේ නම දමා ගැනීමට උත්සාහ කරන දේශපාලකයින් සිටින රටේ මෙවැනි දෙයක් කරන එක ලොකු දෙයක්. ඇතුළත්මුදලි මහතාගේ නම පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ගොඩනැගිල්ලකට දාන්න ඉඩ නොදීම ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. මොකද අද විශ්ව විද්‍යාල වල නීති පනවන්නේ ශිෂ්‍ය සංගම්වලට අවශ්‍ය විදියට... පාලකයින් ඒ තරම් නීච වෙලා...
ලලිත් ඇතුලත්මුදලි මහතා උගතෙක් සහ ලැජ්ජා, බය ඇති කෙනෙක්. ඒකයි ආණ්ඩුවේ සල්ලිවලට තමන්ගේ නම දාගත්තේ නැත්තේ... ඒ මනුස්සයාට නිගරු කරන්න සහ තමන්ට නම්බු ගන්න වසර ගාණක් ගිහින්ම වෙනස් කරන්න හදනවා...