
(යොහාන් භාසුර)
විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අධ්‍යාපනය පවත්වාගනෙ යෑම සඳහා හිමිවන මහපොළ සහ ශිෂ්‍යාධාර දීමනා ලබන ජනවාරි මස සිට ඉහළ නැංවීමට කටයුතු කරමින් සිටින බව උස්ස අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරියෙක් පැවසීය.
රට තුළ උද්ධමනය ඉහළ යෑම පිළිබඳව අවධානය යොමු කර මහපොළ සහ ශිෂ්‍යාධාර දීමනා සියයට 50 කින් පමණ ඉහළ දැමීමට යෝජනා වී ඇති බවත් ඒ පිළිබඳ අවසන් තීරණය ඉදිරි සතියේ ගැනීමට නියමිත බවත් එම නිලධාරියා කීය.
මහපොළ දීමනාව මේ වන විට රුපියල් 5,500 ක් වන අතර ශිෂ්‍යාධාර දීමනාව රුපියල් 5,000 කි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරගල අධ්‍යාපනයට ජයවේවා...! තව තවත් කැරලි කැළණි විශ්ව විද්‍යාලයට ළමයින් බඳවා ගනු ලැබේ...! මහපොළේ පයින් ගහලා උපාධි අරගල කරන පීඨයේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් තව තවත් ලොවටම පෙනේවා...!
ඇතුලත්මුදලි මහතා මේ ශිෂ්‍යාධාර ක්‍රමය හැදුවේ හොඳ පරිපාලන ක්‍රමයක් එක්ක.මහපොළ ලොතරැයිය සහ මහා පොළ (සල්පිල )මගින් එන ආදායමෙන් අදාළ ශිෂ්‍යත්ව දෙන්න .ඒ සල්පිලට මොකද උනේ?ලොතරැයිය නම් අත්හරිමුකෝ .මේ අරමුදලට මොකෙක්වත් බහිරවයෙක් පාත් වෙලාද කියලා අපිට ලොකු සැකයක් තියනවා
ඔය තක්කඩින්ට දැන්වත් නොමිලේ දෙන එක නවත්තපල්ලා
ආධාර නවත්වන්න. ලෝන් එකක් දෙන්න ඉස්සර අපිට දුන්නා වගේ. ග්‍රාම නිලධාරි හරහා සියලු විස්තර අරගෙන ආයේ හැංගෙන්න බැරි විදිහට. රස්සාවක් කරනකොට මාසිකව කපාගන්න. අපෙන් කපාගත්තා. ආධාර කාටවත් දෙන්න එපා. අනෙක දැන් ඉන්න අය ඉගෙන ගන්නේ නැහැ. රට කනවා.
මහපොළ ඉහළ දාන්න නොවෙයි, දෙන එකත් නවත්වනවා.
නියමිත කාලසීමාව තුළ පාඨමාලාව නිම කරන්න බැරි පිනට කහින වැද්දන්ට, රැවුල් වවාගත්තු පාරදිගේ කපකපා යන අයට සියලු දීමනා නවත්වන්න වෙලාව දැන්...!