රංජන් කස්තුරි
ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ ඉගෙනුම ලබන සිසුන්ට ලබාදෙන මහපොළ ශිෂ්‍යාධාර මුදල රුපියල් 1000 ක් වැඩිකර තිබේ.
ඒ අනුව එම සිසුවකුට මාසිකව ලබාදුන් රුපියල් 1500 ශිෂ්‍යාධාර මුදල රුපියල් 2500 දක්වා ඉහළ නංවන බව නගර සැලසුම් ජලසම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය රාවුෆ් හකීම් මහතා පැවසීය.
ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ ප්‍රාදේශීය මධ්‍යස්ථාන 19 ක් තිබෙන අතර ඒවායේ සිසුන් 20,000 ක් පමණ අධ්‍යාපනය හදාරති.
ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය මගින් තාක්ෂණ අධ්‍යාපනය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමාව ප්රදානය කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර විශ්වවිද්‍යාල සිසුන්ට තාම මහපොල හරියට ලැබෙන්නෙත් නැහැ
ඡන්දෙ ලංවෙනකොට රනිල් ඔහොම ගිහිල්ලා රත්රන් චේන් බ්‍රේස්ලට් බෙදාවි. රජයේ සේවකයින්ට 2500 යයි මහපොළ 1000යි.. ත්‍රස්තයින්ට මාසෙකට 6000යි අරයා ගෙවල් හද හදා පිනට දෙනවා. මෙයයි, අරයයි අම්මා, අප්පා රැස්කළ ධනය විනාශ කරනවා වගෙයි... පව් නේද?
මහපොළ ශිෂ්‍යත්ව ප්රදානයේදී ලබාදෙන ප්‍රදාන පත්‍රයේ මේ ශිෂ්‍යත්වය ඇතිකලේ කවුද කුමක් සඳහාද කුමන රජයක් පැවති කාලයේ ඇතිකල දෙයක්ද යන්න සඳහන් කරන්නේ නම් ඉතා වටිනවා. මෙහි නිර්මාතෘ නමින් විශ්ව විද්‍යාලයක ගොඩනැගිල්ලක් විවෘත කරන්න සූදානම්වූ අවස්ථාවක ගුණමකුවන් පිරිසක් එයට විරුද්ධ වුනා දේශපාලකයන්ගේ නම් යොදන්න එපා කියල