(මොහොමඩ් ආසික්)

පවතින වැසි තත්වය හේතුවෙන් පූජාපිටිය - මැදවෙල මාර්ගය මඩදෙණිය ප්‍රදේශයෙන් ගිලා බැසීම හේතුවෙන් එම මාර්ගය නැවත දැනුම් දෙන තුරු වසා ඇති බව මාර්ග සංවර්ධන අධිකරිය සඳහන් කරයි.

මෙම මාර්ගය පසුගිය දිට්වා ආපදා කාලයේ පටන් ආපදාවට ලක්ව තිබූ අතර එම ස්ථානය මේ වන විට සම්පූර්ණයෙන්ම ගිලා බැසී තිබේ.

මේ නිසා මාර්ගය පූජාපිටිය නගරයෙන් වසා ඇති අතර මැදවල දෙසට ගමන් කරන වාහන විකල්ප මාර්ග භාවිතා කරන ලෙසත් මාර්ග සංවර්ධන අධිකාරය ඉල්ලා සිටියි.