(ෂේන් සෙනවිරත්න)

දීර්ඝ කාලයක් තිස්සේ මහනුවරට පැවති වියළි කාලගුණය නිමා කරමින් අද (29) සවස ධාරානිපාත වැස්සක් ඇදහැලුණි

සිවුවැනි රන්දෝලි පෙරහර වීදි සංචාරය කිරීමට නියමිතව තිබූ අද (29) සවස් කාලය වනවිට පෙරහර මාර්ගය බැතිමතුන්ගෙන් අතුරු සිදුරු නොමැතිව පිරී ඉතිරී ගොස් තිබූ අතර නොසිතූ මොහොතක කඩා හැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් එම බැතිමතුන් දැඩි අපහසුතාවයට පත්වූහ.