( +++ මහනුවර ෂේන් සෙනෙවිරත්න සහ ජයන්ත සමරකෝන්)
ආදරවන්තයන්ගේ දිනය සැමරීම නිමිත්තෙන් මහනුවර ප්‍රධාන පෙළේ හෝටලයක මත්ද්‍රව්‍ය භාවිත කරමින් පවත්වාගෙන යමින් තිබූ ෆේස්බුක් සාදයක් ඊයේ (16) වැටලූ මධ්‍යම පළාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීහු එම සාදයට සහභාගි වෙමින් සිටි දෙසීයකට ආසන්න තරුණ තරුණියන් පිරිසක් අත්අඩංගුවට ගත්හ.
මෙසේ අත්අඩංගුවට ගත් පිරිස අතර පොලිස් පරීක්ෂකවරයකු, බන්ධනාගාර ජේලර්වරයකු, විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනකු හා පෞද්ගලික අංශයේ විධායක ශ්‍රේණියේ රැකියාවල නිරත පිරිසක් ද සිටින බව මධ්‍යම පළාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය පවසයි.
අත්අඩංගුවට ගත් පිරිස අතරේ සිටි මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගත් තරුණියන් විසි පස් දෙනකු එම සාදය සංවිධානය කළ පුද්ගලයන් ඇතුළු තවත් දාහත් දෙනකු ද අත්අඩංගුවට ගෙන අනෙකුත් අය අවවාද කර මුදා හැරිය බව සුරාබදු නිලධාරීහු පැවසූහ.
අත්අඩංගුවට ගත් පිරිස සන්තකයේ තිබී හෙරොයින්, ගංජා, අයිස්, මරිජුවානා හා මත් පෙති වර්ග විශාල ප්‍රමාණයක් සොයාගත් බව සුරාබදු නිලධාරීහු කීහ.
මුහුණු පොත ඔස්සේ සංවිධානය කර ඇති මෙම සාදය සඳහා සහභාගිවීමට රුපියල් 2500 ටිකට් පතක් නිකුත් කර ඇති අතර මත්ද්‍රව්‍ය භාවිතය සඳහා යැයි රුපියල් 3500ක් අය කර ඇති බව ද පැවසේ. එම සාදය සඳහා මහනුවර, අනුරාධපුරේ, දඹුල්ල, ගම්පහ, කොළඹ සහ ත්‍රිකුණාමලය ආදී දුර බැහැර ප්‍රදේශ රැසකින් පැමිණ සිටි බව ද සුරා බදු නිලධාරීහු පැවසූහ.
සුරා බදු නිලධාරීන් හා නිලධාරිනියන් කීපදෙනකු මුහුණු පොත ඔස්සේ අදාළ කණ්ඩායම් සමග සම්බන්ධ වී ටිකට්පත් ලබාගෙන සාදයට ඇතුළු වී එහි සියලු තොරතුරු දැන ගැනීමෙන් අනතුරුව වැටලීම සිදුකිරීමට සැරසී සිටි නිලධාරීන්ට වැටලීම සිදුකරන ලෙසට දැනුම් දී ඇති අතර ඒ අනුව පහළොස් දෙනකුගෙන් සමන්විත සුරාබදු නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට කඩා වැදීම වැටලීම සිදුකර තිබේ.
සාදයට සම්බන්ධ වී සිටි පොලිස් පරීක්ෂකවරයා හා බන්ධනාගාර ජේලර්වරයා සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුවට කරුණු වාර්තා කිරීමට පියවර ගෙන තිබෙන අතර මත්පැන් බලපත්‍ර උල්ලංඝනය කරමින් මත්පැන් අලෙවි කිරීමේ චෝදනා මත අදාළ හෝටලයට එරෙහිව ද සුරා බදු නීතිය අනුව ක්‍රියා කරන බව සුරාබදු නිලධාරීහු පවසති.
සුරාබදු කොමසාරිස් ජනරාල් ඒ බෝදරාගම, සුරාබදු කොමසාරිස් වසන්ත දිසානායක, මධ්‍යම පළාත් සුරාබදු කොමසාරිස් උපුල් සෙනෙවිරත්න, සුරාබදු අධිකාරි තිස්ස ගුණරත්න යන මහත්වරුන් ගේ උපදෙස් පරිදි මධ්‍යම පළාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති නාලක මලවිපතිරණ මහතාගේ මෙහෙයවීමෙන් එහි නිලධාරීහු ඉදිරි විමර්ශන සිදුකරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෆේස්බුක් එකේ ඇඩ්වර්ටයිස් කරන සාද විතරද වටලන්නෙ. අනිකුත් සාද වලත් ඕව පාවිච්චිවෙනවා ඇතිනෙ. ඒවට පනින්නෙ නැත්ද?
තරුණ දරුවන්ට මත්කුඩු, අයිස් පොවන්න කැස කවන පාතාලේ අයට දුටු තැන පහර දෙන්න කාලේ හරි. කරුමේ කියන්නේ පොලිසියේ නිලධාරියෙකුටයි, බන්ධනාගාර ජේලර් කෙනෙකුයි මෙතන ඉන්නවා. සාමාන්‍ය මිනිස්සුන්ට පැමිණිල්ලක් කරන්න තියෙන පොලිසියේ අයම කුඩු මුදලාලිලාගේ සල්ලි වලට යට වෙලා නම් ?
අපේ රටේ අනාගතය කොයිබටද. රටේ සිටින මහා පරිමාන මත්ද්‍රව්‍ය ගෙන්වන්නන් අත්අඩංගුවට නොගන්නාතාක් කුඩා පරිමාණයේ වෙළෙන්දන්ගේ අඩුවක් නොමැතිවෙවී. අධ්‍යාපන ක්රමයේ ප්‍රයෝගික වෙනසක් ඇති නොකරනතාක් දරුවන් මේ ව්‍යසනයෙන් මුදවාගත නොහැකි වේවි. රටේ නිතිය සැමට එක සමාන නොවනතාක් මේ ගැටළු දිගටම පවතීවි. බත් පැකට් එකට, මත්පැන් බෝතලයට, සිමෙන්ති කොට්ටයට සහ සෙවිලි තහඩු කැබැල්ලකට රටේ පාලකයන් පත්කරගන්නා ජනතාවක් සිටිනතාක් අපේ රට දිනෙන් දින අගාධයටම යනු ඇත. අවසානය කුමක් විය හැකිද. තවත් හයිටියක්, නැත්නම් සෝමාලියාවක්..
දැන් එතකොට මිනිස්සුන්ට විනෝද වෙන්නත් බැරිද?
කෙනෙක් අහනවා දැන් එතකොට මිනිසුන්ට විනෝද වෙන්න බැරිද ? කියලා. විනෝද වීමට අප රට තුළ කිසිම බාධාවක් නැත. බාධා ඇත්තේ මත් කුඩු ගැසීමට සහ තරුණ තරුණියන් කාමයේ වරදවා හැසිරීමටය. විවෘත වේදිකා මත කෙරෙන සංගීත සංදර්ශන වටලන්නේ නැත. තරුණ පරපුර යනු රට බාර ගැනීමට ඉන්නා පිරිසයි. හොඳින් හෝ තද නීති දමා ඔවුන් රැක ගත යුතුය. මේ වැටලීම් කළ නිළධාරින්ට ප්‍රණාමය.
නිතරම මේ සාද වටලද්දී මේ තරුණ තරුණියෝ ඔය තහනම් දේවල් අරන් ඔතනට එයිද? මේ ගැන ඉහලින් සාධාරණ පරීක්ෂණයක් පැවැත්විය යුතුයි.