
(ෂේත් සෙනෙවිරත්න)
රන්දෙනිගල මහනුවර මාර්ගයේ ගමන් කරමින් තිබූ පෞද්ගලික බස් රථයක් කීර්ති බණ්ඩාරපුර ප්‍රදේශයේදී අනතුරකට පත්වීම හේතුවෙන් එහි ගමන් කරමින් සිටි මඟින් 12 දෙනකු කැන්කැටිය ග්‍රාමීය රෝහලට ඇතුළත් කොට ඇති බව වලපනේ පොලීසිය කියයි.
බස් රථය ඇඟලුම් කම්මලක සේවකයන් ප්‍රවාහනය කරමින් සිටියදී ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් මාර්ගයෙන් ඉවතට පැන ගල්වැටියක වැදීමෙන් මෙම අනතුර සිදුවී ඇති බව පොලිසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් වලපනේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාර්මික දෝෂ නිසා අනතුරු වෙනවා කියනවා, කොහොමද එහෙම වෙන්නේ? සරලවම කිව්වොත් ඔය දේශීය සංචාර සඳහා, පාසල් දරුවන් ප්‍රවාහනය සහ කර්මාන්තශාලා සේවක ප්‍රවාහනය සඳහා යොදවන්නේ සාමාන්‍ය මගී ධාවනයෙන් ඉවත් කල ඉතා පරණ වාහන, මේකට හේතුව තමයි නිසි පරිදි නඩත්තු කර ධාවනය කිරීමට තරම් ආදායම් උපයන්න බැරි නිසා. අලුත් බස්රථ වෑන් රථ ගන්න හිතන්නවත් බැරි තරම් මිල අධිකයි. ඉතින් ඉස්සරහටත් ඔය ප්‍රවෘත්තිය අහන්න ලැබේවි