(චමිල් රූපසිංහ)
ඇසළ පෙරහර මංගල්‍යයේ හතර වන කුඹල් පෙරහැර අද (08) රාත්‍රී 6.50 ට වයඹ දිශාමුඛව ගමන් ආරම්භ විය.
පෙරහර දළදා වීදිය(වෝඩ් වීදිය), ඊ.එල් සේනානායක විදිය (කොටුගොඩැල්ල වීදිය) ,ඔස්සේ රජ විදියෙන් ශ්‍රී දළඳා මාළිගාවට පිවිසීමට නියමිතය.
පෙරහරේ සධාතුක කරඩුව වඩම්මවන ලද්දේ කතරගම වාසනා හස්ථියා විසින් වන අතර දෑලේ ඇතුන් ලෙස සිංහ රාජා සහ මියන් රාජා ගමන් කළහ.
මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහැර ශ්‍රී දළඳා මාළිගාව අභියසින් හෙට (09) රාත්‍රී 7.45 ට දකුණු දිශාභිමුඛව වීදි සංචාරය කරණු ලැබීමට නියමිත වන අතර පෙරහැර දළදා වීදිය (වෝඩ් වීදිය), යටිනුවර විදිය ඔස්සේ රජ වීදියෙන් ඉහළටවිත් යළි ශ්‍රී දළදා මාලිගාව වෙත ගෙවදීමට නියමිතය.
මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ ප්‍රථම රණ්දෝලි පෙරහැර ලබන (10) දා රාත්‍රී 6.23 ට දකුණු දිශාමුඛව සිව් දේවාලයන්හි රන්දෝලි බහා 7.32 දකුණු දිශාමුඛව රන්දෝලි පෙරහැර දළදා වීදිය(වෝඩ් වීදිය), ඩි.එස් සේනානායක විදිය(ත්‍රිකුණාමල වීදිය), පන්සල පාරේ ඉහළට පැමිණ දේව වීදිය කොළඹ වීදිය(ශ්‍රීමත් බෙනට් සොයිසා විදිය), ඊ.එල් සේනානායක විදිය(කොටුගොඩැල්ල වීදිය), රජ විදිය ඔස්සේ ශ්‍රී දළදා මාලිගාවට ගෙවදිමට නියමිතය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ හතර වන කුඹල් පෙරහර අදයි
bandara Friday, 09 August 2019 03:35 AM
සාදු සාදු අපේ රටට. සියලුම රටවාසීන්ට... දළදා හාමුදුරුවන්ගේ පිහිට ලැබේවා.
sharm warn Friday, 09 August 2019 04:13 AM
මම හරිම ආසාවෙන් බලන දෙයක් දළදා පෙරහැර. මොනවා කිව්වත්, ප්‍රෞඩත්වය, ගාම්භීරත්වය, සුන්දරත්වය කියන තුනම එකම වෙලාවේ ගෞරවනීයව දකින්න පුළුවන් උත්සවයක් මේක... සිංහලයෙකු හැටියට මගේ ඉහළම ගෞරවය පුදනවා. මෙහි සියලු සාමාජිකයන් වෙත ...