(ජේ.ඒ.එල්. ජයසිංහ)

දැඩි ආපදා සහ ගංවතුර තත්තවයන් හේතුවෙන් මහනුවර නගරයේ සියලු සේවාවන් අඩපණ වී , ප්‍රවාහණ සේවාවන් සහ පානීය ජල සැපයුම් සේවා දින හතරක් තිස්සේ නතර වී විදුලිය විසන්ධි වී තිබීම නිසා ,සියලු ව්‍යාපාරික ස්ථාන ආපන ශාලා වැසී යාම හේතුවෙන් ජන ජීවිතය මුළුමනින්ම අඩපණ වී ඇතැයි නගර වැසියෝ පවසති .

මුළු නගරය පාළුවට ගොස් තිබේ.

මහනුවර රෝහලට රෝගීන්බැලීමට දුර බැහැර සිට පැමිණි ජනතාව බෝගම්බර බස්රථ අංගනයේද ,ඔර්ලෝසු කණුව බස්රථ අංගනයේද බීමට වතුර පොදක් නොමැතිව කුසට අහරක් නොමැතිව අතරමංවී පිරිසට 

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගවේ අනුග්‍රහය මත ලබා දීමට පියවර ගෙන ඇති බවත් ,ජනතාව පැමිණ දළදා මාළිගා පරිශ්‍රයේ මහමළුවේ ඉදිකර තිබෙන ස්ථානයෙන් ආහාර ලබා ගන්නා ලෙසත් ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා දන්වා සිටී.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කොටුවී සිටින විශ්ව විද්‍යාල සිසු සිසුවියන්ටද අහොර සැපයීමට පියවර ගෙන තිබෙන බව ප්‍රදීප් නිලංග දෑල මහතා පැවැසීය. 

කොළඹ සිට මාවනැල්ල දක්වා පැමිණ එතැන් සිට මහනුවර දක්වා පා ගමනින් පැමිණ උඩදුම්බර මැද මහනුවර ,ගලගෙදර වත්තේගම මාතලේ මාවතගම, යන ප්‍රදේශ කරා යාමට පොදු ප්‍රවාහණ සේවා‍ බස්රථ  නැවතුම් අංගන වල රැඳී සිටින බව වාර්තා වේ.