IMG-LOGO

2025 මැයි මස 06 වන අඟහරුවාදා


මහේන්ද්‍රන් ලංකාවට ගෙන්වා ගන්න නීතිපතිගෙන් ලේඛන

(මනෝප‍්‍රිය ගුණසේකර)

මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා ලංකාවට පිටුවහල් කරවා ගැනීම සඳහා සිංගප්පූරූ රජය වෙත ඉල්ලීමක් කිරීමට අවශ්‍ය නීතීමය ලේඛන අඩංගු ගොනු නීතීපතිවරයා විසින් විදේශ කටයුතු අමාත්‍යාංශයට හා ආරක්‍ෂක අමාත්‍යාංශයට අද (02) බාර දෙන ලදී.

එලෙස බාරදුන් එක් ගොනුවක පිටු 21,000 ක් පමණ අඩංගු බව නීතීපති, ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතාගේ සම්බන්ධීකරණ නිලධාරිණි, ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය.

භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී රජයට රුපියල් කෝටි 68 කට අධික පාඩුවක් සිදුවන අන්දමින් මහා පරිමාණ වංචාවක් සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ශ‍්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම කරමින් පළමු ස්ථිර විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණය විසින් නිකුත් කළ වරෙන්තුව අනුව අර්ජුන් මහෙන්ද්‍රන් මහතා ලංකාවට පිටුවහල් කරවා ගැනීම සඳහා සිංගප්පූරූ රජයෙන් ඉල්ලීමක් කිරීමට ලංකාණ්ඩුවට අවකාශ ලැබී ඇත.

භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී රජයට පාඩු සිදුවන අන්දමින් මහා පරිමාණ වංචාවක් සිදු කිරීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කළ ජනාධිපති පරීක්‍ෂණ කොමිසම හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව අර්ජුන් මහෙන්ද්‍රන් මහතා විදේශ ගතවූ අතර ඉන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගැනීමට හෝ ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට හැකියාවක් නොලැබිණි.

ඉන් වසර කිහියපකට පසු නීතිපතිවරයා විසින් අර්ජුන් මහෙන්ද්‍රන් මහතා ඇතුළු විත්තිකරුවන් දස දෙනෙකුට එරෙහිව ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ නඩු පවරන ලදී.

එම නඩුව විභාගයට ගත් පළමු ස්ථිර ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ විනිසුරු මඩුල්ලේ විනිසුරුවරුන් ලෙස කටයුතු කළ සම්පත් විජේරත්න (සභාපති විනිසුරු) සම්පත් අබේකෝන් සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන් විසින් අධිකරණය මඟහැර විදේශගතව සැඟවී සිටින ශ‍්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කරන ලදී.

එලෙස වරෙන්තු නිකුත් කිරීමත් සමඟ අධිකරණය මඟහැර විදේශගතව සැඟවී සිටින විත්තිකරුවකු සිය රටට පිටුවහල් කරවා ගැනීමට උදර්පන නීතීය යටතේ අවශ්‍ය මූලික කරුණක් සම්පුර්ණ වීමෙන් අනතුරුව අර්ජුන් මහෙන්ද්‍රන් මහතා ලංකාවට ගෙන්වා ගැනීමට සිංගප්පූරූ රජයෙන් ඉල්ලීමක් කිරීමට අවශ්‍ය ලේඛන ආදිය  නීතීපතිවරයා විසින් සකස් කරන ලදී.

ඒ සඳහා පිටු 21,000 කින් යුත් ලේඛන අඩංගු ගොනු සකස් කළ නීතීපතිවරයා  සිංගප්පූරූ රජය වෙත ඉල්ලීමක් කිරීමට අවශ්‍ය නීතීමය ලේඛන අඩංගු ගොනු නීතීපතිවරයා විසින් විදේශ කටයුතු අමාත්‍යංශයට හා ආරක්‍ෂක අමාත්‍යංශයට බාර දෙන ලදී.

එලෙස බාරදුන් ගොනු විදේශ කටයුතු අමාත්‍යංශය විසින් සිංගප්පූරූ රජයට ඉදිරිපත් කර මෙම නඩුවේ ප‍්‍රධාන විත්තිකරුවකු වන අර්ජුන් මහෙන්ද්‍රන් මහතා ලංකාවට පිටුවහල් කර එවන ලෙස උදර්පන නීතීය යටතේ සිංගප්පූරූ රජයෙන් ඉල්ලීමක් කළ යුතුය.

 

 

 

 

 

 

 

 

 

 

 

 



අදහස් (23)

මහේන්ද්‍රන් ලංකාවට ගෙන්වා ගන්න නීතිපතිගෙන් ලේඛන

ඉන්දික Monday, 02 September 2019 01:08 PM

ඇයි මේ සැකකරුවෙක්ට "මහත්මයා" කියල අමතන්නේ?

:       10       326

Uditha - London Monday, 02 September 2019 01:36 PM

වසර 30ක යුද්ධය නිම කරන්න ගියාට වැඩිය අමාරු වැඩක්නේ මේක... දැන් කොච්චර කල් ඉඳන් අපි මේ නාට්‍යය බලනවද? මගේ හිතේ කෝපිකඩේ වගේ කොටස් හුඟක් තියනවද කොහෙද...?

:       0       284

kolam bossMonday, 02 September 2019 07:01 PM

ලංකාවේ කට්ටිය හිතන්නේ පිටු 21000 ක වාර්තාවක් දිපුවම සින්ගපුරු නිලදාරීන් ටික ඉඳගෙන ඔය පිටු 21000 කියවයි කියලද ? ඔතන තමයි වැරදුන තැන .ඒ මිනිස්සුන්ට තියෙන වැඩ රාජකාරි වල හැටියට ඔච්චර ලොකු වාර්තාවක් දිපුවම ඕක දිග අරින එකක් වත් නැහැ . ඕව හොඳයි ලංකාවේ අයිස් ගහන කට්ටියට හොඳට ඉඳගෙන අවුරුද්දක් විතර කියවල කලපනා කරන්න පටන් ගන්න . සින්ගප්පුරු අරිනවනම් පිටුවක වාර්තාවක් අරින්න. අපේ නමත් දිග වැඩියි කියල ලෝකේ මිනිස්සු කියනවා . පිට රටක ෆෝරම් එකක් පුරවන්න ගියහම හෙන කට්ටක් කන්න ඕන . ඒ අස්සේ පිටු 21000 ක වාර්තාවක් කියවයිද ???

:       8       23

Raveendra Monday, 02 September 2019 01:46 PM

ඉතින් ඇත්තනේ ලොක්කන්ගේ යාළුවෝ වුණාම "තක්කඩි හොරු" වුණත් මහත්මයා කියන්නේ.. මොකද ලොක්කොත් හොරුනේ.. අවාසනාවකට " මහත්තය " කිව්වේ නැහැ .කිව යුත්තේ " මහත්තයා " යන වචනයයි නමුත් මහත්මයා නොව. මහත්මයා කියන්නේ මනසින් උසස් අවංක නිහතමානි මිනිසාටය. එනමුත් තක්කඩින්ට සිංහල භාෂාවට නිගාකරමින් මෙවන් වැදගත්, අර්ථවත් වචන මෙවැනි පරයින්ට භාවිතා කිරීමත්ම කණගාටුවකි.

:       1       253

Nuwan Monday, 02 September 2019 01:53 PM

ඔය කවුරු ලංකාවට ගෙන්නුවත් වැඩක් නැහැනේ.. අපි දැක්කනේ මදුෂ්ලා, කන්ජිපාන්ලා ගෙන්නලා ලස්සනට හොර පාරෙන් සමහර පොලිස් නිලධාරීන්ම ඔවුන්ට රජුන්ට වගේ සලකපු හැටි, අර තව නළුවෙක් 2500ක දඩයක් ගෙවලා ගෙදර ගියහැටි, මෙන්න තවත් මෙගා නාට්‍යයක්...

:       0       413

Hafeel Monday, 02 September 2019 02:58 PM

අගමැති කිව්වනේ මහේන්ද්‍රන් සිංගප්පූරු ගිහින් මගුල් කාල එනවා කියලා.

:       0       209

Dusara Monday, 02 September 2019 03:34 PM

එක පිටුවක එක අකුර ගානේද තියෙන්නේ?

:       0       317

Nandana Monday, 02 September 2019 03:40 PM

නොකෙරෙන දීගෙට කෝඳුරු තෙල් හත්පට්ටයක් ඕනෑ වගේ...

:       0       201

ආන්ජලො නුගාරා Monday, 02 September 2019 06:25 PM

පුහුල් හොරා කරෙන් දැනේ.හොරකමෙ තරම පිටු ගානෙන් දැනේ.

:       0       6

kule Monday, 02 September 2019 06:27 PM

කොරු හතලිහනම් ලංකාව පුරා නිදහසේ කරක් ගහනවා

:       0       0

kumarage Monday, 02 September 2019 06:32 PM

එය මේ ලංකාවට ගෙන්නන්න හදන්නේ මොනවටවත් නෙවෙඉ, අර කන්ජිපනි ඉම්රාන් වගේ සුළු දධුවමක් දීල නිදහස් කරගන්න..ඊට පස්සේ අයෙත් රට කන්න

:       0       0

chinthaka Monday, 02 September 2019 07:05 PM

"බැනා" නැති උනාට හොරකමට ආධාර, අනුබල දීපු "මාමා" තාම ලංකාවේ ඉන්නවනේ,,, ලබන චන්දෙන් පැරදිලා පොරත් රට පනින්න කලින් දැන්මම ඇතුලට ගත්තොත් හොදය් නේද? නැත්නම් අපි FCID මහත්වරු අශ්වයා පැනල ගියාට පස්සේ මේ වගේම හොයන්න පටන් ගනිය්නේ

:       0       4

Nandalal DE SILVA - France Monday, 02 September 2019 07:11 PM

[ඒ සඳහා පිටු 21,000 කින් යුත් ලේඛන අඩංගු ගොනු....] නැව් මගින්ද දන්නේ නැහැ ඔය "පත්තර මිටිය" සිංගප්පුරුවට යැවුවේ ? සිංගප්පූරූ රජයේ නිලධාරීන් ඔය තොගය කියවල ඉවරවෙනකොට මෑන් එරටින් පිටවෙලා ගිහිල්ලත් ඇති ! කොහොම උනත් පිටු 21,000 සංක්ෂිප්තව ලිය යැවුවා නම් එරටේ නිලධාරීන් "ඕවර් ටයිම්" නොකර එය කියවා බලන්නත් තිබුණා... අනේ වාසේ කියල මගේ සීය කියනවා.

:       0       11

Paul Monday, 02 September 2019 09:30 PM

අස්සයට ලස්සනට පැනල යන්න ඉඩ දීල දැන් ලස්සනට බයිලා කියනවා අපිව රවට්ටන්න ...!!! සුජීව උන්නැහේට කිව්වනම් තවත් පොතක් ලියවගන්න පුළුවන් නේද ...??

:       0       7

Ruwan Tuesday, 03 September 2019 02:41 AM

මෙම නාටකයේ කොටස් ජනාධිපතිවරනයෙන් පසුව අවසන්වීමට නියමිතය

:       0       2

de silva berlin Tuesday, 03 September 2019 02:56 AM

මෙම තත්වයට ජනපති ,අගමැති , නීතිපති ඇතුළු සියලු දෙනාම වගකිව යුතුය , මුලින්ම මහේන්ද්‍රන් වංචාවක් කරලා කියල දැනගත්ත වෙලාවේ , සැක පිට මොහු අත්අඩංගුවට අරන් අධිකරණය නඩු පවරන්නේ නැතුව බොරුවට කාලේ සහ මුදල් නාස්ති කරමින් කොමිසමක් පත්කරගෙන පිස්සු නැටුවා දැන් පෙනෙනවා නේද වෙලා තිබෙන දෙය ? කරුණාකර කල් යවන්නේ නැතුව අර රවී කරුණානායක කියන සැක කාරයත් අත්අඩංගුවට අරන් නඩු පවරන්න , ඕනේ තරම් සාක්ෂි ඔහුට විරුධව තිබෙනවා නැත්නම් ඔහුත් රට පනිවි , අර අර්ජුන ඇලෝසියස් කියන සැක කරු ප්‍රමුක අනිකුත් පුද්ගලයනුත් ඇප අවලංගු කර නැවත අත්අඩංගුවට අරන් නඩුව , මහේන්ද්‍රන් නැතුව දිගටම අසා විසදුමක් දෙන්න .

:       3       17

SLTuesday, 03 September 2019 04:14 AM

අනේ යන්න මෙයා, හොරකම කරන්න උපදෙස් දුන්න කෙනා මෙයාව අල්ලයිද? ඇයි පාර්ලිමේන්තුවේදී චරිත සහතිකයක් දුන්නේ

:       1       13

amila Tuesday, 03 September 2019 04:11 AM

අල්ලයි මුගේ නැට්ට

:       0       4

nimal Tuesday, 03 September 2019 04:54 AM

මේවගේ වැඩ වලින් තේරුම් ගන්ඩ දේශපාලුවන්ගේ ලග තියෙනෙ සක්කිලි ගති . මුන් හිතන්නේ අපි මෝඩයෝ කියල . හොරු රැල රට කනවා ආයේ ජන්ද නම් දෙන්ඩ එපා මුන්ට . මේ සේරම නාටක. මුව අල්ලන්නේ නැහැ . රටේ හිටපු එකාව යවල දැන් නැට්ට . අගමැති ගේ ගැට එංගලන්තේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ

:       0       13

Bandula. Tuesday, 03 September 2019 05:30 AM

දැන් අවුරුදු ගානක් බැරි වුන දේ අද කරන්න යන්නේ, මේක තවත් චන්ද නාට්ටියක්, ඇත්තටම මේකනම් මහා විහිළුවක්? මොකද ගමේ පොඩි හෝ හොරකමක් කල අයෙක්නම් ඔහුට උඩ පැන පැන තලාවි ඒත් කාවද මේ රවට්ටන්න හදන්නේ, මේ හොරකමට සම්බන්ද හැමෝටම සාපවෙවා!

:       0       15

වීරවිජේ Tuesday, 03 September 2019 06:04 AM

නීතිපති ඇහැරිලා...මේ ටිකේ එහෙනං වැඩ ටිකක් කරමු. ආයෙ නිදාගන්න තියෙන්නෙ මාස 4කට පස්සෙ.

:       0       1

Manoj Tuesday, 03 September 2019 07:24 AM

ඔය වාර්තාවේ සුජීවගේ පොතත් තියෙනවද ?

:       1       0

උපුල Wednesday, 04 September 2019 06:57 AM

මෙහෙ අඹුඩ ගගහ පත්තර වල දාල මිනිහව අල්ලන්න කට්ටිය සිංගපූරුවට යනකොට මිනිහ වෙනරටකට ගිහින් ලු

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

බ්‍රිතාන්‍ය, ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසකට සීමාවක්
2025 මැයි මස 06 678 0

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය ඇතුළු රටවල් කීපයකින් බ්‍රිතාන්‍යයට ලැබෙන අධ්‍යාපන වීසා බලපත්‍ර අයැදුම්පත් සළකා බැලීම සීමා කිරීමට සැලසුම්කර තිබෙන බව එරට ස


සීනිගම දියඹ දේවාලයට ඇතුළු වූ සොරා වැටී මැරිලා?
2025 මැයි මස 06 468 0

සිනිගම දෙවොල් දේවාලයේ දියඹ දේවාලය තුළ ඉතා අභිරහස් අයුරින් මියගිය අයකු අද (6) උදෑසන සොයාගත් බව මීටියාගොඩ පොලීසිය කියයි.


බදුල්ලේ ජනතාවත් ඡන්දයට පෝලීමේ
2025 මැයි මස 06 260 0

පලාත් පාලන මැතිවරණයේ බදුල්ල ජනතාව අද (6) ජන්ද දැමීමට පෝලීමේ රැදී සිටියහ.


දමනින් සොරාගත් වෙඩි බෙහෙත් සමග හතරක් අල්ලයි
2025 මැයි මස 06 150 0

අම්පාර දමන අලහේන ගම්මානයේ පෞද්ගලික ව්‍යාපාරිකයකුගේ වෙඩි බෙහෙත් ගබඩාවක් කඩා සොරා ගත් වෙඩි බෙහෙත් සමග සැකරුවන් 04 දෙනකු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි


අනුර යාපා - බිරිඳගේ ඇප කොන්දේසි ලිහිල් කරයි
2025 මැයි මස 06 477 0

ගංවතුරින් අවතැන් වූ පුද්ගලයන්ට සහන සැලසීමේ මුවාවෙන් රජයේ මුදල් සපරාදී සාවද්‍ය පරිහරණය කළේ යැයි කියන හිටපු අමාත්‍යය අනුර ප්‍රියදර්ශන යාපා, ඔහුගේ බිර


ආදිවාසීන්ට පොරව ගේන්න අවසර
2025 මැයි මස 06 249 0

ආදිවාසීන්ට පොරව රැගෙන ඡන්ද පොළට යෑමට මැතිවරණ කොමිෂන් සභාව පළමු වරට මෙවර අවසර දී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 769 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 199 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1241 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site