
(රංජිත් රාජපක්ෂ)
හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමට අයත් නාවලපිටිය නගර පිහිට පදනම් කාර්යාලයට පහර දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණයන් සිව්දෙනකු රුපියල් ලක්ෂයක ශරිර ඇප මත මුදා හැරීමට නාවලපිටිය දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් නිලන්ත විමලවිර මහතා අද නියෝග කළේය.
අයුතු ජනරාශ්‍රිය, අනර්ථය, සොරකම් කිරිම යන චෝදනා යටතේ සැකකරුවන්ට අධිකරණයට ඉදිරිපත් කර ඇත.
සැකකරුවන් වෙනුවෙන් නිතිඥවරුන් දෙදෙනකු ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වි සැකකරුවන්ට ඇප ලබා දි ඇත.
සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට නාවලපිටිය පොලිසිය මෙහෙයුමක් ආරම්භ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට පොලිසිය ගෝල්ෆේස් එකට ගහපු අය කීයක් ඇල්ලුවාද?
පෙර්කදෝරුවෝ වෙලේ සුදාගේ මානව හිමිකම් වෙනුවෙනුත් පෙනී හිටිනවා.
මහින්දානන්ද කියන්නේ අන්තිම පිළිලයක්
එතකොට මේ නීතිඥ මහත්වරු කාර්යාලය ට පහර දීම හරි කියල ද කියන්නේ . එහෙම ගියොත් ගෝල් ෆේස් පහර දීමත් හරි කියලා කියන්න බැරි නැහැ . වැඩේ අවුල්.
මොකද දන්නේ නැහැ මෙතැන අකමැත්ත පල කරලා තියෙන්නේ. ඒක හරි කියන්නද? ඔහොම යනකො. තව වැව් තියෙනවා.
ගොල්ෆේෂ් එකට ගහපු උන්ව අල්ලන්නේ මහජනතාවද,?