
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රසිද්ධ රූපවාහිනී විවාදයකට එන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ අභියෝගයක් සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී අද (21) බාරගත්තේය.
අලුත්ගමගේ මහතා මෙම ආරාධනය කළේ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව කල්තබන අවස්ථාවේ විවාදයේදී අදහස් දක්වමින් සිටින අතරතුරදීය.
හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දිගින් දිගටම කතා කළ නිසා තමා ඒ සම්බන්ධයෙන් ඔහුට විවාදයකට ආරාධනා කරන බව මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙහිදී පැවසීය.
"පාස්කු ප්‍රහාරය ගැන අපි අපේ සාක්ෂි අරගෙන එන්නම්. ඔයාලා ඔයාලගේ සාක්ෂි අරගෙන එන්න. අරගෙන අපි විවාද කරල බලමු." යැයි අමාත්‍යවරයා මෙහිදි සඳහන් කළේය.
තමා ඊට සූදානම් බවත් විවාදවලට බිය නොවන බවත් හරින් ප්‍රනාන්දු මහතා මෙහිදී පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොං පොරයක් අත ළඟ...
මේ වගේ වාචාලයින් දෙන්නෙක් වෙනුවෙන් වෙන්කරන ගුවන් කාලයත් අපරාධයක්... අදාල මතෘකාවට අදාලව කෙසේ වෙතත් දෙන්නා දෙන්නගේ රෙදි ගලවා ගනියි. මොනවට නැතත් දෙන්නම ඒ දේට දක්ෂ නිසා...
පොහොර ඇමතියා කීයටවත් ඔය සංවාදෙට එන්නේ නැහැ. කට විතරයි. බයගුල්ලෙක්?
මහින්දානන්ද මහතා ඉස්සෙල්ලාම අහන්න ලෙඩ ඇඳේ හිටිය තාත්තා පල්ලියට නොකියා ප්‍රහාර සිදුවෙන දවස, වෙලාව, ස්ථාන ඔබට පමණක් කිව්වේ ඔබව පරිස්සම් කරගෙන අනික් ක්‍රිස්තියානි කාරයින්ට මොනවා වුණත් කමක් නැහැයි කියා සිතුව නිසාද? ඔබත් කිසිවෙකුට නොකියා හැංගුනේ ප්‍රහාරයට සපෝට් එකක් දෙන ගමන් මම බේරුණාම ඇතියි කියන ප්‍රතිපත්තියේ සිටි නිසාද කියලා? ප්‍රහාරය වෙනබව දැනගෙන එය නවත්වන්න උත්සාහ නොකළේ කාදිනල් කියන විදිහට ගෝඨාභයට බලයට එන්න සපෝට් එකටද? නැතිනම් හම්බයින්ගේ සපෝට් එක නැතිවෙයි කියලා බියටද? තව තිබෙනවා පසුව ලියන්නම්...!