(අංජුල මහික වීරරත්න)

ඉදිරි ප්‍රාදේශීය සභා ඡන්දයේ දී ජනතා විමුක්ති පෙරමුණ නාවලපිටියෙන් එක කොට්ඨාසයක් හෝ ජයග්‍රහණය කළහොත් තමා එදින සිට දේශපාලනය කරන්නේ නැතැයි හිටපු කෘෂිකර්ම අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

ඕනෑම වෙලාවක මැතිවරණ තබන්නැයි ජනාධිපතිතුමාට පවසන බව කී අලුත්ගමගේ මහතා පළාත් සභා, ප්‍රාදේශීය සභා,පාර්ලිමේන්තු ඕනෑම මැතිවරණයකට පොදුජන පෙරමුණ සූදානම් බවද කීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාවලපිටියේ පැවති ජනහමුව අමතමින් මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව සඳහන් කළේය.