(රංජන් කස්තුරි)
මහින්ද රාජපක්ෂ මහතාට බහුතරයක් නොමැති හෙයින් නව අගමැතිවරයකු පත්කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවේදී ලබන 5 වැනිදින නිසි ක්‍රියා පටිපාටිය අනුගමනය කරමින් සම්මත කර ගන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දෙමළ ජාතික සන්ධානයට දැනුම් දී තිබේ.
ජනාධිපතිවරයා මෙම දැනුම් දීම කර ඇත්තේ ජනාධිපතිවරයා සමඟ අද (30) රාත්‍රීයේ කොළඹ ජනාධිපති නිල නිවසෙහි පැවැති විශේෂ සාකච්ඡාවේදීය.
පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් හා ජනාධිපතිවරයා එහිදී දීර්ග ලෙස සාකච්ඡා කළ බවද දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා පැවැසීය.
මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නොමැති බව එහිදී ජනාධිපතිවරයා පිළිගත් බවද සුමන්තිරන් මහතා කීය.
මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනා හතරක් පාර්ලිමේන්තුවේදී සම්මත වූ බව තම පක්ෂය එහිදී ජනාධිපතිවරයාට පෙන්වාදුන් බවද ඔහු පැවැසීය.
දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්පන්දන් මහතා ඇතුළු නියෝජිතයෝ පිරිසක් එම සාකච්ඡාවට සහභාගි වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතුමාමනේ කලින් කිව්වේ බහුතරය පෙන්වන්න ඕනෑතරම් කට්ටිය ඉන්නවා කියලා. එතුමාම කිව්වා නේද රුපියල් ලක්ෂ 100 සිට ලක්ෂ 500 දක්වා මුදල් වලට මන්ත්‍රීන් අලෙවි වුණා කියලා. එතරම් මුදල් කන්දරාවක් වියදම් කරලා මන්ත්‍රීන් බිලිබාගන්න කටයුතු කළ කණ්ඩායම කවුද කියන එක රහසක් නෙවේනෙ. ඉතින් ඒ ගොල්ලෝ එක්ක ආණ්ඩු කරන්න ගිහිල්ලා දැන් තේරුම් අරගෙන වගෙයි. සල්ලි තිබුණට කැමැත්ත ගන්න එක හිතන තරම් ලෙහෙසි නෑ කියලා. මේ සේරටම හේතුව වටේට ඉඳගෙන දිරච්ච ලණුදෙන්න කලින් එජාපයේ හිටපු දැන් එජාපය පෙන්නන්න බැරි "රම්බත් පිජාල" කියන දේවල් අහන්න ගිය එක කියලයි හන්දියේ කඩේ පත්තර බලන්න එන කට්ටිය කියන්නේ.
අපිත් දන්නවා මහින්දට බහුතරයක් නොමැතිබව. නමුත් රටට විශේෂයෙන් ජාතියට ආදරය කරන මන්ත්‍රීන් මහින්ද සමග එකතුවෙවී කියා බලාපොරොත්තු වුනා. නමුත් එහෙම උනේ නැහැ. මොකද විජාතිකයින්ට ඔවුන්ගේ ජාතික අවශ්‍යතා ඉටුකර ගතහැකි නිසාත් මහා පරිමාණයෙන් සිදුවූ හොරකම් හා 71 දෙනෙකුගේ විශ්‍රාම වැටුප රැකගැනීමට උවමනා නිසාත් මොවුන් මහින්ද සමග එකතු උනේ නැත.
පාර්ලිමේන්තුව තුල නම් බහුතරය නැති බව පේනවා ඒත් ජනතාවගෙ කැමැත්ත නම් තිබෙනවා. ඒ බව දන්න නිසා තමයි ඔයාලා ඔය අංචි අදින්නෙ දේශපාලනයෙන් අයින් කරන්න. එක ලෙහෙසි වෙන්නෙ නැහැ හොදෙ
මහින්දට බහුතර බලය නැති බව රාත්රියේදී පිලිගත්තාලු. ඒ වුණාට ඔහු සමගම දවාලේදී ඔහු අගමැති ලෙසින්ම සිට රාජ්‍ය උත්සවයකට සහභාගි වුණා. මේවා දෝෂාභියෝගයකට වටිනා සාක්ෂි...
මෙයාලා දඟලන්නේ මෙයාලට ඕන කෙනාව ගන්න..
ඔබතුමාලා තේරුම් ගන්න... මහින්දට බහුතරය තියෙන්නේ ජනතාවගේ කියලා...
කොහොමත් මේක පටන්ගත් දා ඉඳලම ජනමතය නොපෙනෙන පාර්ලිමේන්තුවක්... විපක්ෂය වෙන්නේ මන්ත්‍රීලා කීප දෙනෙක් ඉන්න TNA එක. දැන් බහුතරය මහින්දට නැහැ. ඒක ලංකාවේ හැමෝම දන්නවා. මොකද TNA එකට ඕනේ විදිහට මහින්ද නටන්නේ නැහැනේ. (මහින්ද කලේ දෙමළ ජනයාට කන් දුන්නු එක, ඒ මිනිස්සුන්ට ඕනෑ ඊළමක් නොවෙයි, හොඳ ජීවිතයක් තමයි ඕනේ. එ්ත් දෙමළ දේශපාලකයන්ට ඕනේ කොහොම හරි බලය). එ්ක නිසා 2015 වරද නිවැරදි කරගන්න ජනතාවට අවස්ථාව දෙන්න.
වෙන අය කව්රු ගෙන්න හැදුවත් දැන් නම් මෛත්‍රීපාල මහත්තය ලොවෙත් මහින්දව අයින් කරන්නේ නැහැ .එකනම් ෂුවර්
සම්පන්තන් අයියා බහුතරය බලන්න යන්නකෝ මහජන ඡන්දෙකට... පාර්ලිමේන්තු බහුතරය තිබෙන්නේ ජොබ් එකයි, පැන්ෂන් එකයි රැකගන්න. රට රැකගන්න බහුතරය තිබෙන්නේ අපේ ළඟ. ෆෙඩරල් සිහිනය පහවුණා නේද? දළදා වහන්සේ මේ රටේ වැඩසිටින තාක් මිසදිටුවන්ට රටපාවා දෙන්න ලැබෙන්නේ නැත. 2005 දීත් අපි බේරුණා.. 2018 දීත් බේරුණා. මොනහෝ ක්‍රමයකින් මිසදිටුවන්ගෙන් රට බේරෙනවා.
මැතිවරණ ඉල්ලන හැමපැත්තම සිතාබලා ජනාධිපතිවරණය, මහමැතිවරණය සහ පළාත් සභා මැතිවරණය සියල්ලම එකම දිනක තියන්න බලකරමු. ලැබෙන වාසි 1. මේ මැතිවරණය 3 ටම රු. කෝටි1500 යනවා තුනම එකවිට පැවැත්තුවොත් කෝටි 750ක් විතර යන්නේ 2.මහජනතාවට වන පීඩාව අඩුවෙනවා 3.දේශපාලකයන්ට යන වියදමත් අඩුවෙනවා 4.රටේ නිෂ්පාදනය වැඩිවෙනවා 5. කලබල ගති කාලසීමාව අඩුවෙනවා 6. මරණ ගණන අඩුවෙනවා