(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
තමන්ට අගමැති ධුරයේ සහ ඇමැති ධුරවල කටයුතු කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු නියෝගය ඉවත් කරන ලෙස ඉල්ලා හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් ඉදිරිපත් කළ අභියාචනය අද (14) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉල්ලා අස්කර ගන්නා ලදී.
මෙම පෙත්සම් ප්‍රසන්න ජයවර්ධන, විජිත් මළල්ගොඩ සහ ප්‍රීති පද්මන් සූරසේන යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.
එහිදී මෙම තහනම් නියෝගය නිකුත් කළ සිද්ධියට අදාළ නඩුව එය ගොනු කළ මන්ත්‍රීවරුන් 122 විසින් අභියාචනාධිකරණයෙන් ඉල්ලා අස්කර ගෙන ඇති බැවින් මෙම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමට අවශ්‍ය නොවන බව මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වයේ නීතිඥවරු අධිකරණයට දන්වා සිටියහ.
ඒ අනුව අදාළ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අධිකරණය අවසර ලබා දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇති යන්තම්... තව පොඩ්ඩෙන් ඔය නඩුවෙනුත් ඉල්ලා අස්වෙන්න ඉඩතිබුණා.