(මොහොමඩ් ආසික්)
“මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති කරන්න දිවිහිමියෙන් කටයුතු කිරීම අපි කළ දේශපාලන වරදක්” යැයි හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද (25) පැවසීය.
මහනුවර දළදා මාළිගාවට පැමිණ දළදා වහන්සේ වැඳ පුදාගැනීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් හිටපු අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
ස්වාධීන අධිකරණයක් ක්‍රියාත්මක වන අවස්ථාවක ඉන් ලබාදෙන තීන්දු තීරණ ඉතාමත්ම නිවැරදි වන බවත් පාඨලී චම්පික රණවක මහතා කීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙසේ ද කීය.
‘‘අපි අතින් පසුගිය කාලයේදී යම් දේශපාලනමය වරදක් සිදු වුණා.2004 මහමැතිවරණයෙන් පස්සේ එක්සත් ජනතා නිදහස් සන්ධානය ජය අරගෙන තිබුණා. අපේ ජාතික හෙළ උරුමයේ ස්වාමීන් වහන්සේලා නව නම නිසා තමයි ඒක බහුතරය ලැබුණේ.
ඒ වෙලාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන පාර්ශවකරුවන් තීරණය කරල තිබුණා ලක්ෂ්මන් කදිරගාමර් මහතා අගමැති කරන්න. නමුත් ඒ ධූරයට මහින්ද රාජපක්ෂ මහතා පත් කරන්න කියලා අපිත් චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියට ඉල්ලීම් කළා.අපි ඒ ගැන ජාතියෙන් සමාව ඉල්ලනවා.
ඒ වගේම 2005 දී කඩිනමින් ජනාධිපතිවරණය අරගෙන 2004 උණුසුමෙන්ම ජනාධිපතිවරණය ජයගන්න ජනතා විමුක්ති පෙරමුණත් ඒක්ක කටයුතු කිරීම ගැන අපි අද ජනතාවගෙන් සමාව ඉල්ලනවා.
අපේම ඇතැම් ස්වාමීන් වහන්සේලා රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දක්වද්දී අපි ජාතික සම්මේලනයක් තියලා මහින්ද රාජපක්ෂ මහතාට සහාය දෙන්න ක්‍රීයාකාරිව වැඩකිරීමට තීරණය කළා. අපේ කැපවීමෙන් තමයි එතුමා ජනාධිපති වුණේ.
අපි ඒ ගැනත් මේ රටේ ජනතාවගෙන් සමාව ඉල්ලනවා.මේවා තමයි අපි කරපු දේශපාලන වැරදි.
විවිධ අවස්ථාවලදී රට වෙනුවෙන් ජාතික හෙළ උරුමය ඉදිරිපත් වුණා. එදා නොසිටි පිරිස් අද වනවිට වීරයන් බවට පත්ව සිටිනවා. එල්ටීටීඊ සංවිධානය වෙත මුදල් ලබා දෙමින් තමන්ගේ ජීවිත ආරක්ෂාව තර කර ගත් පුද්ගලයන් අද වීරයන් බවට පත්ව සිටිනවා.
ඒ අවස්ථාවලදී අප දේශපාලනික වශයෙන් යම් යම් වැරදි කළා. ඒ වැරදි ඉදිරියේදී නිවැරදි කරගෙන සිදුකළ තවත් දේශපාලන වැරදි ඉදිරියේදී හෙළි කරනවා‘‘ යැයි හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොකුම වරද සහ මෝඩකම තමා සුද්දට ගහලා රට බේරාගෙන හොරුන්ට රටයි, ජනතාවයි බාරදුන් එක... ලෝකේ තවමත් සුද්දට අයත් රටවල්වල මිනිස්සු සැප විඳිනවා. රටත් ලස්සනයි. අපේ 1942 ඉඳන් මේ නායකයින් මොනවද කෙරුවේ? දුප්පතාව අතකොලුවට අරන් නායකයින් සුරසැප විඳිනවා. අධික මුදල් කන්දරාවක් මොවුන් සහ මොවුන්ගේ පවුල් වෙනුවෙන් වෙන්කරගෙන අවනීතියෙන් රට පාලනය කරනවා මොවුන් කිසිවෙකුට දැනුමක්, උගත්කමක් නැහැ. රට පාලනයට, මිනිස්සු වගේ ජීවත් වෙද්දී අපි තවමත් වැද්දෝ වගේ... අපිට සලකන්නේ සත්තුන්ට වගේ..
පැහැදිලිවම! මේක ඔය ජෙප්පෝවත් දැක්කේ නැහැ, උන් කාටත් ඕනෑ වුනේ මොනවා හරි කරලා යූඇන්පී එක පරද්දන්න. තවමත් ඔය කොමියුනිස්ට් පක්ෂෙක කෙනෙක්ගෙන් අහන්න.. එයත් එහෙම්මම කියයි. ජේ.ආර්. ගෙන් පස්සේ පත්වුණු කිසිකෙනෙක් ඒ තනතුරට සුදුසු නැහැ. ජනප්‍රිය, ජනප්‍රියකම බලාගෙන වැඩ කරන අය ජනාධිපතිකමට සුදුසු නැහැ. ඔතනට ඕන සීරියස් මනුස්සයෙක්... ලෝකේ ගැන දන්නා මනුස්සයෙක්, ලාභ ජනප්‍රිය සිල්ලර දේශපාලන අදහස් නැති මනුස්සයෙක්, දෙමල, සිංහල, මුස්ලිම් කියලා බලන්නේ නැති හැම කෙනාම එක විදිහට දකින ආගමක් පස්සේ වුවමනාවට වඩා එලවන්නේ නැති මිථ්‍යා විශ්වාස පස්සේ යන්නේ නැති මිනිහෙක්... ලංකාවේ ඉන්නවද එහෙම දේශපාලකයෙක්...
ඔල්මාදෙන් කියවනවද මන්දා..? පුළුවන් නම් ස්වාධීනව ඡන්දෙ ඉල්ලලා පෙන්වන්නකෝ..? එතකොට වෙනස බලාගත හැකියි... ජනතා රැල්ල කාටද කියලා..
තමුන් වගේ දේශපාලන මුග්ධයකුට ඡන්දය භාවිතා කරපු එක ගැන මහජනතාව විදිහට මම ඇතුළු විශාල පිරිසක් කණගාටු වෙනවා. ජාතිය, ආගම ගැන කතාකරලා අන්තිමට ජාතිය, ආගමට විනකටින මිනිස්සු එක්ක එකතුවෙලා කරපු දෙපිටකාට්ටු ගමන ගැන අපිට අමතක නැහැ...
මහින්ද මහතා ජනපති කාලේ සුදුරෙදි හැඳි යටි උගුල් සූත්තර හොර දේශප්‍රේමීන් වන ඔබ වැනි අය නොවේ.. මේ රටේ සාමාන්‍ය ජනතාව, වර්තමාන ජනාධිපතිතුමාව තෝරාගත්තෙත් මේ රටේ පොළවේ පය ගහලා ඉන්න සාමාන්‍ය ජනතාව... මේවට කවුරුවත් ලකුණු හිඟාකන්න යන්න එපා.
කන්න ඕන වුණාම කබරගොයත් කිඹුල්ලු කරන ඔබලාට වාසිය තියන තැන ඔබලා ඉන්නවා. මේ ආණ්ඩුවට ගත්තෙ නැති නිසා වෙන යන්න තැනක් නෑනේ කොහොමත්...
මහින්ද ජනපති කිරීම අපි කළ දේශපාලන වරදක් බව පෙනුනේ ඔබ සිරගත පසුවද? කෙසේවෙතත් පසුගිය රජය විසින් ඇතිකර ඇති ස්වාධීන මැතිවරණ කොමිසම, ස්වාධීන අධිකරණය, පොලිස් කොමිසම වැනි ආයතන ආරක්ෂා කරගැනීමට නම් විපක්ෂයේ සිට තනතුරුවලට එකිනෙකා විවේචනය කරමින් පාරවල් ගානේ බලුපොර අල්ලන්නේ නැතිව සියලු කණ්ඩායම් එක්ව එක අරමුණකින් කැපවීමෙන් කටයුතු කර රජයක් පිහිටුවීමට කටයුතු කරන්න. එසේ නොකරන්නේ නම් ඉදිරි මැතිවරණයෙන් තුනෙන් දෙකක බලයක් මහින්දට සහ ගෝඨාභයට ලබා ගතහොත් ස්වාධීන ආයතන සියල්ලක්ම අහෝසිවනවා නොඅනුමානයි. එක්සත් ජාතික පක්ෂයේ මල්ලිලා සෙට් එකටත් කීමට ඇත්තේ නායකයින් පලවා හැරීම පසෙකතබා වර්තමාන රජයේ දුර්වලතා දිනපතා විවේචනය කිරීමට, ජනතාව දැනුවත් කිරීමට ඉදිරියේදී කටයුතු කරන ලෙසයි. වර්තමාන බහුතර විපක්ෂයේ පාර්ලිමේන්තුව තුළත්, පිටතත් රජයේ දුර්වලතා විවේචනය කිරීමට සැලසුම් කළ යුතුය. මේ සඳහා කණ්ඩායමක් ඇතිකළ යුතුයි. රජය විවේචනය කළහැකි භික්ෂූන් කණ්ඩායමක්ද සොයා ගන්න. නොඑසේනම් අපේ මහින්ද / ගෝඨාභය ඉදිරියේදී බහුතර රජයක් පිහිටුවනු ඇත.
මේ වරදක් කරලා තවත් කතා කරනවා.
සෝම හාමුදුරුවන්ට පින්සිදු වන්නට දේශපාලනයට ඇවිත් දැන් කයිවාරු ගහනවා. ඔයාවත් බලයට පත්කරපු එක සිංහල බෞද්ධයින් කරපු ලොකුම මෝඩකම... සිංහල වෙනුවෙන් වත් බෞද්ධයින් වෙනුවෙන්වත් කරපු අබමල් රේණුවකවත් වැඩක් නැහැ. මෙයාලා පිනට හම්බවුණු බලය යොදාගත්තේ. එයාගේ සුබ සිද්ධියට විතරයි.
එම දේශපාලන වරදින් නම් රටට යහපතකුයි සිද්දවුනේ... අවුල තියෙන්නේ අනෙක් වැරදිවලයි.
ඔයා ඔබතුමා කියන්නේ 2005 මහින්ද මැතිතුමා ජනපති වී රට බේරාගත්තු එක වැරදියි කියලද..? මහින්ද මැතිතුමා ජනපති වූ හින්දා තමයි රට නිදහස් වුනේ...
ඔන්න ඔතන තමයි වරද තියෙන්නේ... මේ ගොල්ලෝ සිතාගෙන ඉන්නේ රටේ පාලකයන් පත්කළේ ඒ ගොල්ලන් කියලා. අන්තිමේ එහෙම හිතාගෙන ඡන්දෙ දීපු අපිව පැත්තකට දානවා. මට පෙනෙන්නේ මෙයාව පුනරුත්ථාපනය කරන්න වෙනවා ඔක්කෝටම ඉස්සරවෙලා...
තව ටික දවසකින් කියයි යූඑන්පී එකත් එක්ක වැඩ කලාය සමාවෙන්න කියලා... ජාතියට විහිලු සපයන මනුස්සයෙක් වීම ගැන කණගාටුයි.
ඒ කියන්නේ යුද්දේ දිගටම තියාගන්න තිබුණා නම් හොඳයි කියලද?
ඔය වගේ තවත් එක්කෙනෙක් ජාතියෙන් සමාව ඉල්ලුවා හිරගෙදරට යන්න ඕනෑ කෙනා රජගෙදරට යැව්වා කියලා. බලාගෙන යනකොට මහින්ද අනුන්ගේ වැරදි හින්දා බලයට පත්වෙච්ච කෙනෙක්නේ. මේ පාරත් වැරදුණාද? කස්ත්‍රෝ කිව්වා වගේ ඉතිහාසය විසින් තමයි වැරදුණාද නැද්ද කියලා තීරණය කරන්නේ...
මම ඔබත් සමග සම්පූර්ණයෙන්ම එකඟයි..
අපිත් වැරැද්දක් කළා. සෝම හාමුදුරුවෝ ගැන හිතලා හෙළ උරුමෙට ඡන්දෙ දුන්නු එක... හාමුදුරුවන්ගේ පහනෙන් ඔය පාර්ලිමේන්තු ආවේ.. තිලක් කරුණාරත්න එක්ක ආරවුලක් ඇතිවුණේ පාර්ලිමේන්තු පුටුව බෙදාගන්න බැරිව... අපිත් දන්නවා ඉතිහාසේ... අපි මැරිලා ඉපදිලා නැහැ.
ඔයාලා වගේ පව්කාරයින්ට ධර්ම රාජ්‍යයක් හදන්න ඡන්දෙ දුන්න එක තමයි ලොකුම වැරැද්ද... ඔය මහත්තයෝ කවදාවත් මේ රටේ ප්‍රධාන නායකයෙක් වෙන්නේ නෑ. ඒක ස්ථිරයි. ඔයා බෞද්ධයෙකුත් නෙවෙයි හොඳ මනුස්සයෙකුත් නොවෙයි...
ඔව්... මහින්දගේ කරේ එල්ලිලා දේශපාලන අයට එන්න දීපු එක බරපතල වැරැද්දක්... දැන් අපිට එ් මෝඩකම තේරෙනවා.
වාහන අනතුර හා මහින්ද ජනපති කරවීම අතර තිබෙන සම්බන්ධය කුමක්ද?
කතාව හරියට මහින්ද ජනාධිපති කළේ මෙයා වගේ..
ඔබ බන්ධනාගාරගත කළේ මහින්ද මහත්තයා නිසා නොවේ. රිය අනතුරක් නිසා...
ඔබලා නෙවෙයි මහින්ද පත් කලේ..? එ්ක කලේ ජනතාව, ඒ නිසා තමයි යුද්දේ දිනුවේ.
හිතන් ඉන්නේ මෙයාලට තමයි ඔක්කොම කරන්න පුළුවන් කියලා. මහින්ද ගෙනාවේ මිනිස්සු...
ඒක ඔයා නෙවෙයි කරේ. ඒක උනේ මහජන ඡන්දයෙන්. ලෝක පාලන දෙවියෝ කියලා හිතාගෙන ඉන්නේ.
රිය අනතුරක් කරලා පැන ගිය කෙනා ගැන අපේ කිසිම විස්වාසයක් නැහැ.
මේ කව්ද මහින්ද බලයට ගෙනාවා කියන්නේ? මහින්දගේ ඇමති මණ්ඩලේම ඉඳගෙන, 2015 යූඑන්පී, දෙමළ, මුස්ලිම්, ජේවීපී එක්ක එකතුවෙලා මහින්ද පරද්දපු එකයි කරපු වරද. පහුගිය වහල් ආණ්ඩුව එක්ක එකතු වෙලා ජිනීවා ගිවිසුමෙන් රටයි, රණ විරුවොයි පාවලා දීලා, මාගම්පුර වරාය විකුණලා, රණවිරුවන්ට බොරු චෝදනා හදන්න OMP එකකුත් හදලා, රට විදේශිකයන්ටත් විකුණලා දැන් කතා කරනවා 2005 ගැන. මහින්ද පැරදිලා ගෙදර යන්නේ නැතුව ආපහු පාර්ලිමේන්තු ආවේ රටේ වාසනාවට. එහෙම නොවුණා නම් අද මෙහෙම කතා කරන අය මුළුරටම සම්පූර්ණයෙන්ම විනාශ කරලා දානවා. මුළුරටම එදා මහින්ද වෙනුවෙන් නැගී නොහිටින්න මේ ගොල්ලෝ මහින්දවත් හිරේදානවා. ඒකාබද්ධ විපක්ෂේ මන්ත්‍රීවරු හිරේ දානකොට කතා නොකරපු කට දැන් තමන් හිරේ වැටුණාම ඇරිලා. පළිගැනීම මගේ ශබ්දකෝෂයේ නැතිනිසා මිසක් හරි නම් වහල් ආණ්ඩුවම අද ඉන්න ඕනේ හිරේ. දහස්වෙනි වතාවටත් කියනවා පරිස්සමෙන් ඉන්න. ඔබේ පිහිටෙන් අද දේශපාලනයට ඇවිල්ලා ඉන්න මිනිස්සුම විරුද්ධවාදීන් එක්ක එකතුවෙලා ඔබව දේශපාලනයෙන් අයින් කරන්න බලා ඉන්නවා.
කියන්නේ 2009 යුද්ධය දින්නේ ඔබගේ බාප්පොච්චි වෙන්න ඇති !!
උගතුන් ඉදිරිපත් වෙලා නුගතුන් ඉදිරිපත් කළා ම ඔහොම වෙන එක ලෝක ධර්මතාවකි. මට ඕනේ තරම් අත්දැකීම් ඇත.
මෙතන කරල තියන කොමෙන්ට් අති විශිෂ්ඨයි. මහින්ද ජනපති කලෙත්, මෛත්‍රී ජනපති කලෙත්, ජනතාව මිසක් මේ අය නෙවෙයි. අපි තමා ඔබ පත්කලේ කියලා නායකයො ලග ඉදන් මේ වගේ වැඩ කරන ඈයින්ට එලවන්න කලින් කියන්න තියෙන්නේ, ඔබ නොවේ ජනතාව තමා මා පත්කලේ කියලා.
අපටනං කිසිම කනගාටුවක් නෑ.
මහින්ද, චම්පික, කියන්නේ දේශපාලන ගේම් කාරයෝ දෙන්නෙක්.
යුද්ධේ දින්නා කියලා තමාගේ අතට තම පවුලේ අතට මෙරට අයිති විදියට පාලනය කල කාලයක් තිබුනා. නුවර වැලිකොට්ට පාරවල් වල දාලා පුතාලා රේස් පැද්දා.
රිය අනතුරක් කරලා පැනලා ගිහින් කියන කතා.
ඇයි ජනතා විමුක්ති පෙරමුණත් ඒක්ක කටයුතු කිරීම ගැන සමාව ඉල්ලන්නේ?
මහා දේශ ප්‍රේමියෙක් කියලා නේද මෙයාම කියා ගන්නේ?
පුජිත ජයසුන්දර ඇත්ත කිවුවොත් හදිසි අනතුර ගැන සියලු විස්තර දැනගන්න පුළුවන් මෙයාගේ කෙරුවාව.
වෙනම ඉල්ලලා 50000ක් ගන්න බැරි කෙනා මහින්ද ජනාධිපති කරවලා තියෙනවා. 2005 හෙළ උරුමය තිබුන නිසා මහින්ද ජනාධිපති කරවන්නේ නැතිව තමාටම වෙන්න තිබුනේ. අනිත් එක ගම්මන්පිලව දේශපාලනිකව හිරේ දාලා දැන් රිටන් එක ලැබෙනකොට මහින්දව කාලා හරියන්නේ නෑ.
මහින්ද යනු මහජනතාව ඇන්දීමේ ගෞරව උපාධියක් හිමි පුද්ගලයෙකි.
හාමුදුරුවන්ගේ පිහිටින් පාර්ලිමේන්තු ඇවිත් දැන් බොරු සීලයක් මවාපාන්න හැදුවට රටම දන්නවා මෙයා කවුද කියා.
මහා උජාරුවට අනිත් අයට පේන්න හාමුදුරුවරුන්ට වැන්දට, ඇත්තේ මහා ගුණමකු ලක්ෂණ... කරපු සේවයක් නැහැ. ඔක්කොම කරන්නේ කුහක, අසම්මත වැඩ.. ඔබගෙන් ගත යුත්තක් තමන්ගේ පවුලේ උදවියටවත්, රටේ ජනතාවටවත් නැහැ.
කලේ කුමන්ත්රණම තමයි. දේශපාලනයෙන් නොවෙයි, රටෙනුත් නෙරපා දමන්න.
මහින්ද හින්දා නේද මේ රටේ යුද්දෙ ඉවරවුනේ? ඇයි ඔයාලට බලේ තියනකන් ඔයාලා මොකද කලේ? දැන් නැට්ට අස්සේ ගහගෙන ඉන්න.
රටේ රාජ අනුශාසක මට්ටමින් වැඩ වාසය කළ යුතු මහා සංඝයා වහන්සේලා 2004 දි නිල වශයෙන් පාර්ලිමේන්තුවට වැඩමවා කරපු ලොකුම අකුසලය සිද්ධ කරගෙන දැන් වමාරනවා.
ඔබ වැන්නවුන් දේශපාලනයට වැද්ද ගැනීමෙන් රටේ ජනතාව කලේ ලොකු වැද්දක්. මහින්ද රාජපක්ෂ බලයට නාවානම් වැළලූ තැන මේවනවිට ගසක්වත් පැලවන්නේ නැත.
ඔබ කියන්නේ යූඑන්පී එකේ මතයද? පුද්ගලික මතයද? දේශපාලනය කරන්න. නිකන් උඩු බුරන්න එපා...
කවුද මල්ලි මේ...?
හිටපු පා.ම. සජින්ද වාස් ගුණවර්ධනත් මේ වගේම බොරු ප්රවෘත්ති සාකච්ඡාවක් තියලා ශැන්ග්‍රිල්ලා ගනුදෙනුවේදී සිදුවී ඇති අල්ලස් ගැනීමක් ගැන හෙලිකළා. වහාම ඔහුවත් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කළ යුතුයි.
මහින්ද පත්වුණු විදිටමයි ගෝඨාභය පත්වුනෙත්...
මහින්ද භීතිකාව කොපමණද යත් බොරැල්ල හන්දිය පහුකරලා දෙමටගොඩ පැත්තට ටික දුරක් යන විට ඒ කාලේ හිටපු අය විඳවපු හැටි දැනෙනවා ඇති නේද? වීර පාට් දාපු අය දැන් හැසිරෙන ආකාරය දකින මහ ජනතාව දුක්වෙනවා.
බෞද්ධ නායකයට අමතක උනා බුදු බන. අඩුම තරමේ පන්සිල් පද පහ මතකද දන්නේ නෑ... බලතන්නහව සේරටම මුල ... තන්හාහි ජායති සෝකෝ...
අපි ඔබලාව විශ්වාස කරපු එක තමයි අපේ වැරැද්ද?