(නාලක සංජීව දහනායක)
මහින්ද රාජපක්ෂ මහතා ජනවාරි මස දෙවැනි සතියේදී කොළඹ-07 ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවතේ අංක 30 දරණ ස්ථානයේ පිහිටි විපක්ෂනායක කාර්යාලයේ වැඩ ආරම්භ කිරීමට නියමිත බව විපක්ෂයේ ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවැසීය.
නව වසර සඳහා පාර්ලිමේන්තුව ලබන මස 8 වැනිදා ආරම්භ වීමට නියමිත අතර ඉන් පසුව විපක්ෂ නායකවරයා විපක්ෂනායක කාර්යාලයේදී වැඩ ආරම්භ කරනු ඇතැයිද එම ප්‍රකාශකයා කීය.
කෙසේ වෙතත් තමන් විපක්ෂනායක ධූරයෙන් ඉවත් නොකළ බව පවසමින් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්පන්ධන් මහතා තවමත් විපක්ෂනායක කාර්යාලය පරිහරණය කරමින් එහි රැදී සිටින හෙයින් මහින්ද රාජපක්ෂ මහතාට විපක්ෂනායකධූරයේ වැඩ කටයුතු කරගෙන යාම දැනට බාධාවක්ව ඇතැයිද එම ප්‍රකාශකයා වැඩිදුරටත් සදහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තණ්හාව වැඩි වූ විට මෙසේ සිදුවේ..
පොහොට්ටුව කොහොමද විපක්ෂ නායක වෙන්නේ ?????? බල තණ්හාව ..රටට ඇති ආදරයක් නෑ..
බලතණ්හාව තමයි පෙන්නුම් කරන්නේ..... නැත්තම් අලුත් නායකයෙකුට ඕක දුන්නා නම් කොච්චර වටිනවාද?
අගෝස්තු 26 අන්තිමට උනේ ඔබතුමාව විපක්ෂ නායක කරපු එක...
මෙයා දැන් "තාවකාලික සේවකයකුගේ" තත්වයට වැටි තිබෙනවා. විශාල වැඩබිම්වලත් මෙවැනි අය දැන් බහුලව ඉන්නා බව අපට පේනවා! තාවකාලික හොර අගමැති කෙනෙක් ලෝකේ පහළ උන එකම රට අපේ සිරි ලංකාවයි! එතැන ආයුෂ තිබුනේ දින 50යි. එතනින් චුත වෙනකොට කුඩැල්ල වගේ දෙවැනි වතාවට තාවකාලික විපක්ෂ නායකයා හැටියට එම පදවියටත් රිංග ගත්තා! එහේ කී දොහක් ඉන්න ලැබේවිද දන්නේ උඩ ඉන්න මෙයා අදහන දෙවියෝ පමණයි. අපේ සීය නම් කියන්නේ මෙයා හරියට "ඉත්තෑවගේ ගුලට රිංගපු කබල්ලාව" වගේ බලෙන් රිංගන්න ආස කෙනෙකේ වගේ කියලයි!
අනේ මහත්තයෝ, ඔය ජොබ් එක ගැන වත් විශ්වාසද හරියටම?
දැන් සම්බන්දන් කොළඹත් අල්ලනවද?
මහින්ද මහත්තයෝ! ඔබට දෛවය විසින් දී තිබුණු කාලයෙන් 99,9% ඔබ විසින් ගෙවා දමා අහවර බව ඔබගේම හිත දන්නවා වුණත්, ඔබේ ගෝල බාලයින්ට එල්ලෙන්න වැලක් නැති නිසා අර 0.1% එක අල්ලාගෙන ඔබව මඩවනවා. ඔබ පිළිබඳ අධිතක්සේරුව ඔබට මෙන්ම රටටත් අහිතකර බව අමතක කරන්න එපා...
වැඩ අරඹනවා කිව්වේ කොටි නැගිටිනවෝ කියන එකනේ...
පොඩි තනතුරක්වත් ප්‍රතික්ෂේප කරලා දිනේෂ් හෝ වෙනත් කෙනෙකුට දුන්නා නම්නේ වඩා හොඳ...
මා සිතන්නේ තවමත් නීත්‍යනුකුල විපක්ෂනායකයා ආර්. සම්පන්ධන් බවයි.