
(රේඛා තරංගනී ෆොන්සේකා)
කොළඹ සිට මාතර දක්වා දිවෙන මොරටුව,පානදුර වාද්දුව මුහුදු බඩ දුම්රිය මාර්ගයේ ස්ථාන 76 රේල් පීලි දිරාපත්ව අබලන් තත්ත්වයට පත්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු අනාවරණය කරගෙන ඇත.
මේ හේතුවෙන්එ ම මාර්ගයේ වේග සීමා පන්වා ඇති බවත් අබලන් වූ මාර්ගය අලුත්වැඩියා කිරීම්ට ඩොලර් ගැටලුව බලපෑම් එල්ල කොට ඇති බවත් දුම්රිය ආරංචිමාර්ග පවසයි.
මේ පිළිබඳව දුම්රිය දෙපාර්තමේන්තු ප්‍රධාන ඉංජිනේරු (මාර්ග හා කර්මාන්ත) එච්.එම්.කේ.ඩබ්ලිව් බණ්ඩාර මහතාගෙන් අප විමසා සිටි අතර ඒ මහතා පැවසූයේ මේ වන විට කොළඹ සිට වාද්දුව දක්වා කලාපයේ සැලකිය යුතු ප්‍රමාණයක පීලි දීරා පත්වීම නිසා පැයට කිලෝ මීටර් විස්ස, තිහ වශයෙන් වේග සීමා පනවා ඇති බවයි.
ඒ අනුව කොළඹ සිට පයාගල දක්වා දිවෙන ද්විත්ව දුම්රිය මගෙහි උඩු මාර්ගය ලෙස සැලකෙන කොළඹ සිට මාතර දක්වා දිවෙන මගෙහි ස්ථාන තිස් එකකද පහල මාර්ගය ලෙස සැලකෙන මාතර සිට කොළඹට දිවෙන මගෙහි ස්ථාන විසි පහකද මෙම අබලන් තත්වයට දක්නට ලැබෙන බව ඔහු පැවසීය.
එමෙන්ම පයාගල සිට තනි මාර්ගයක් ලෙස මාතර දක්වා දිවෙන මාර්ගයේද ස්ථාන දහයක රේල් පීලි අබලන් තත්ත්වයට පත්ව ඇති බව ඔහු පැවසීය
එම දිරාපත් වීමට ප්‍රධාන හේතුව මුහුදුබඩ දුම්රිය මාර්ගය මුහුදට ඉතා ආසන්නයෙන් පිහිටීම යැයි ඒ මහතා පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රේල්පීලි දිරන්න දවස්, මාස, අවුරුදු කීයක් යනවාද? ඩොලර් ප්‍රශ්නේ දවස්, මාස, අවුරුදු කියලා ඉන්නද? ඔය කියන ඉංජිනේරුවා අවුරුදු කීයක ඔය තනතුර දරනවාද? දේශපාලුවන් සම්බන්ධතාවයක් එක්කම කියන්නකෝ..!