(සුමිත් පොතුපිටිය)

විනෝදයට මුහුදේ දියනාමින් සිටී තරුණයකු දියේ ගිලී මියගොස් ඇති බව කළුතර දකුණ මූලස්ථාන පොලිසිය සදහන් කරයි.

මෙසේ මියගොස් ඇත්තේ කළුතර උතුර සිරිනිවාස පාරේ පදිංචිව සිටී අනුහස් කවිශ්ක ද සිල්වා යන 20 හැවිරිදි තරුණයකු බවට හදුනාගෙන තිබේ.

එම තරුණයා ඔටෝ මොබයිල් පාඨමාලාවක් හදාරමින් සිටින අතර , ඊයේ (21) පස්වරුවේ කළමුල්ල දේවස්ථානයට පිටුපසින් මුහදේ දිය නෑමට ගොස් සිටියදී දියරැලකට හසුවී මුහුදේ ගසාගෙන ගොස් ඇති බව සදහන් වේ.

පොලිසිය ජීවිත ආරක්ෂක නිලධාරින් සහ ප්‍රදේශවාසීන් ගේ සහය ඇතිව සොයමින් සිටියදී අද උදැසන සිරුර කටුකුරුන්ද මුහුදු වෙරළට ගොඩගසා තිබු බව පොලිසිය පවසයි.

කළුතර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගර නිලධාරින්ගේ පරීක්ෂණයෙන් පසු මෘතදේහය කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල වෙත රැගෙන යන ලදී.