
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
බන්ධනාගාර ආඥා පනත හා අනෙකුත් බන්ධනාගාර නීති රෙගුලාසි මගින් දේශපාලන සිරකරුවන් ලෙස වෙන් කරන ලද කොට්ඨාසයක් සම්බන්ධයෙන් කිසිඳු අර්ථ නිරූපණයක් කර නොමැති බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.
අමාත්‍යවරයා මේ බව කීවේ සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් පී.පෙරේරා මහතා පාර්ලිමේන්තුවේදී ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
අධිකරණ මඟින් සැකකරුවන් වශයෙන් බන්ධනාගාර ගත කරන අතර, දේශපාලන සිරකරුවන් වශයෙන් අධිකරණ මඟින් රැඳවියන් බන්ධනාගාර ගත කර හෝ බන්ධනාගාරයේ රදවා හෝ නොමැති බව අමාත්‍යවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියල්ල දත් විපක්ෂේ නීතිඥයා කට පාඩම්කරලා මදි වගේ...
නීතිය ඉදිරියේ සැවොම සමාන විය යුතුයි. කිසිම කෙනෙක් තවත් කෙනෙකුට වඩා "විශේෂ" නැහැ.
එහෙමනම් දැන්වත් දේශපාලන සිරකරුවන්ට අර්ථකතනයක් බන්ධනාගාර පනතට එකතුකරපල්ලා .
ඉස්සර නම් හිටියා. දැන් ආණ්ඩුව අතට ආවම ෆැසිස්ට් වේගෙන යන්නෙ.
ඉස්සර ලංකාවේ මොනවද නොතිබුණේ! ආසියාවේ ආශ්චර්ය පෙන්නපු අයනේ හිටියේ. අපරාධවලිනුත් ස්වයංපෝෂිතයි යෝෂිතයිනේ!