(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
මාරවිල කුරුස පල්ලිය ආසන්නයේ මුහුදේ දිය නාමින් සිටි පිරිසක් රළ පහරකට හසුව ගසාගෙන යද්දී ප්‍රදේශවාසීන් තිදෙනකු බේරාගෙන ඇති අතර එක් අයකු දියේ ගිලි මියගොස් ඇතැයි මාරවිල පොලිසිය කියයි.
පොලොන්නරුව සිය නාත්තන්ඩිය වැලිපැන්න ප්‍රදේශයේ ඥාති නිවසකට පැමින සිටි පිරිසක් කුරුස පල්ලිය ආසන්නයේ මුහුදේ නාමින් සිටියදි 12 හැවිරිදි දරුවකු එකවර දිය රළකට හසුවි ගසාගෙන යද්දී ඔහු බේරා ගැනිමට ගිය අනෙක් පිරිස මුහුදු රළට ගසාගෙන ගොස් ඇත
මුහුදු රළට ගසාගෙන යමින් සිටි පිරිස ප්‍රදේශවාසින් කඩිනමින් බේරා ගැනිමට කටයුතු කර ඇතත් 42 හැවිරිදි අය රෝහලට ඇතුලත් කරන විටත් මරණයට පත්ව ඇති බව රෝහල් බළධාරියකු පැවසිය.
මාරවිල රෝහලට ඇතුලත් කළ එම වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කළ බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම කණගාටුදායකයි. අවදානම් බව දැනදැනත් මොකටද යන්නේ? මුහුදේ නාන්න යන එකත් සමහරුන්ට විනෝදයක් වෙන්න පුළුවන්...