(ඩයනා උදයංගනී)
රට තුළ මහජන හදිසි අවස්ථා තත්වයක් ප්‍රකාශයට පත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
එය ඊයේ (1) සිට ක්‍රියාත්මකය.
මහජන ආරක්ෂාව සහ රටේ යහපැවැත්ම සුරක්ෂිත කිරීම සඳහාත් ජන ජීවිතයට අත්‍යාවශ්‍ය සැපයුම් හා සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහාත් ජනාධිපතිවරයා මෙම පියවර ගෙන ඇත.
එම ගැසට් නිවේදනය පහත දැක්වේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න ජනාධිපතිතුමා හරි තීරණය හරි වෙලාවට ගත්තා. ඔය ගැසට් එක මීට කලින් ගැහුවා නම් ඉන්ධන ප්‍රශ්නයක් ඇති වෙන්නෙත් නෑ, ගෑස් ප්‍රශ්නයත් නෑ, කිරිපිටි පෝලිනුත් නෑ, සිමෙන්ති මිල වැඩ වෙන්නෙත් නෑ, උද්ඝෝෂණත් නෑ, බාගේ රට්ටුන්ට ඉහළින්ම දෙන්න තිබුණා...
මම උපදින්නටත් පෙර සමසමාජයක් හැදීමට උත්සාහ ගත් පිරිසක් නිසා මිනිස්සු පීඩාවට පත්වීම ඉවසිය නොහැකිවූ අගමැති ඩඩ්ලි මැතිතුමා තනතුර අත්හැර ගියා කියලා අසා තියෙනවා. මෙතරම් පීඩාව එකල නැතුවත් එහෙම කළ නිසා එතුමා බත්දුන් පියා ලෙසට ජනතා ප්‍රසාදය ලැබුවා. වත්මන් ජනාධිපතිතුමාත් එහෙම කළොත් අනාගතයේ රට බේරාගත් විරුවා ලෙසත් ඩඩ්ලි මැතිතුමා මෙන් මානව හිතවාදියෙකු ලෙසත් ඉතිහාස ගතවේවි. නැත්නම් ඉඩි අමීන් හෝ ගඩාෆි ලෙසට කිව්වොත් 2019 ඡන්දය දුන් අපටත් දුකකි.
කරුණු මුලුමනින්ම තේරුම් නොගැනීම, එක් අන්තයක සිට බැලීම ජාතියේ පිරිහීමට හේතුවේ. ගෝඨාභය කොවිඩ් සාර්ථකව මැඩලුවා. කොවිඩ් නිසා ආර්ථිකයට විශාල හානියක් වුණා. බදු අඩුකළ එක වැරැදියි. පොහොර නවත්තපු එක වැරැදියි. විරෝධතා කරුවන් සහ අනෙක් පක්ශ විද්‍යාත්මකව විවෙචනය කළ යුතුයි...
රටේ යහපැවැත්ම සුරක්ෂිත කිරීම සඳහාත් ජන ජීවිතයට අත්‍යාවශ්‍ය සැපයුම් හා සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහාත්...?
අපිට නම් කිසිම හදිස්සියක් නැහැ. ප්‍රශ්නයකට තිබෙන්නේ, කන්න බොන්න හිඟකමත්, පෝලිම්වල ඉන්න නිසා රැකියාවක් කරගන්න බැරි එකයි. ඉදිරි සති දෙක තුළ සුබදායක දෙයක් සිදු නොවුණොත්, අපි එනවා මිරිහානට ඔබ බලන්න.
ඔන්න ඔතැනට එන්න තමයි දැඟලුවේ... දැන් හදිසි නීතිය යටතේ පෙළපාලි, උද්ඝෝෂණ තහනම් කියලා කියයි.
"මහජන ආරක්ෂාව සහ රටේ යහපැවැත්ම සුරක්ෂිත කිරීම සඳහාත්," යන වදන් ‘‘රාජපක්ෂලාගේ ආරක්ෂාව සහ ආණ්ඩුව සුරක්ෂිත කිරීම සඳහාත්, හදිසි අවස්ථා තත්වයක් ප්‍රකාශයට පත්කළ බව‘‘ විය යුතුයි.
කොරෝනා නමින් ලෙඩක් ඇති කලේ කෙනෙකුන්ගේ වුවමනාවට.. දන්න දා සිටම හෙම්බිරිස්සාවට මෙහෙම වුණාද..? උණ මුළු ලොවම අපහසුතාවයට පත් වුණා නේද? එයින්.., මුඛ ආවරණ, විෂනාසක බෙහෙත්, එන්නත් වැනි දේට කෙතරම් මුදලක් වැය වුණාද..? කොවිඩ් වසංගතයක් තිබුණාම කියමුකෝ.. සාර්ථකව මැඩලුවා වෙන්නේ කොහොමද..? රෝගය උත්සන්න වුණත් වගේ වගක් තිබුණාද..? පොඩි නිවාඩුවක් ලැබුණු ගමන් විනෝද චාරිකා.. කිසිම විනයකින් තොරව නේ උන්නේ සහ ඉන්නෙත්.. ඔය, රජය සාර්ථක නැහැ.. "අපි රටට අදරය කරනවා මේ රට නගා සිටුවන්න අපිට රට බාර දෙන්න" කියන අය හිතන්නේ " අහා මෙන්න වාරය" කියලා රට තවතවත් කඩා වැටෙන තැනකට අදින්න දිගට හරහට උද්ඝෝෂණ කරන එක.. හදිසි නීතිය එදයි දාන්න තිබුණේ.. ඒ කරලා ඡීවිතයට අවශ්‍යම දේ සාධාරණ පාලනයක් කරන්න තිබුණා. සැප සුඛ විහරණයට අවැසි දේ වලට ඉහළ පාලන මිලකුත් ඇති කරන්න. ඇති හැකි එකා ගන්නවා.. සතියක් කියවයි.. හුරු වෙනවා.. දැන් හරි හදිසි නීතිය පැනවූ එක හොඳයි.
බඩගින්නට පෝලිම් නැතිකිරීමක්ද මේ...?
83 වගේ කාබන් කොපියක්ද කියලා හිතෙනවා...
මෙයාම "අරාබි වසන්තට" එන්න කියනවා වගෙයි පෙනෙන්නේ. ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී වැඩකරලා මෙයා ඇමරිකාවට පැන්නොත් එහෙදී මෙයාට හිරේ ඉන්න වෙනවා. උගත්කමේ තරම දෝරේ ගලනවා...
හමුදා මානසිකත්වයක් තියාගෙන වැඩ කරන්න යනකොට ඔහොම හිතෙනවා.. රතු නූල් කාරයින්ගේ, දිරච්ච ලණු කාරයින්ගේ උපදෙස් පිළිපදින එක නවත්තලා කන්න බොන්න නැතිව නන්නස්තාර වෙලා ඉන්න ජනතාව දොරකඩටම ඇවිත් හු කියන්නේ මොකද කියලා තේරුම් අරගෙන වැඩ කළොත් ජාමෙ බේරගන්න පුළුවන් වෙන්න ඉඩ තියෙනවා මහත්තයෝ...!
මෙයා කරපු කෝවිඩ් මැඩලීමක් නැහැ. මෙයා කළේ අපේ විදේශ ශ්‍රමිකයෝ පිටරට පාරවල් වල හිඟාකනකොට, රටේ දොර වහලා දමලා සල්ලි තියෙන මිනිස්සු පමණක් ගජමිතුරු හෝටල්වල දමලා රට තුළට ගත්තා. ඒ නිසා බියවුණු විදේශ ශ්‍රමිකයා මුදල් එවන්නේ නැතිව හදිසියකට ගන්න කියලා මුදල් එහෙ බැංකුවල තැම්පත් කළා. දැන් අපි හැමෝම අනාථ වෙලා...
පෝලිම්වල මිනිස්සු මැරෙනකොට කිසි කතාවක් නෑ... යහපැවැත්ම සුරක්ෂිත කිරීමක් ගැන. තමුන්ට තර්ජන එනකොට අපේ පිටින් දාලා අපිවම මර්ධනය කරනවා. මෙහෙමත් මිනිස්සු... ඔයාගේ ගැසට් වලින් වැඩිකල් දුවන්න දෙන්නේ නැහැ...
ජනපති පමණක් නොව අගමැති, මුදල් ඇමැති, මහ බැංකු අධිපති යනාදී කිසිවකු ගැන කිසිඳු විශ්වාසයක් ජනතාව අතර නොපවතී...
නියමයි ජනාධිපතිතුමා, අපි නම් හැමදාම ඔබතුමා සමග සිටිනවා. රාජපක්ෂලා තරම් කවුරුවත් රටට සේවය කරලා නෑ...
හදිසි නීතිය දැම්මා කියලා ජනතාව විඳින දුක්කරදර නැතිවෙනවාද? මුලු මහත් ජනතාවම මේ වෙලාවේ කොයිතරම් අසරණ වෙලාද? දූෂිත පවුල් පාලනේ අයට නම් වගේ වගක් නැහැ. ජනතාවට සෞභාග්‍යයේ දැක්ම පෙන්නලා බලයට ආපු නායකයාගේ කෙරුවාවල්...!
ඔක්කෝටම ඕනෑ වුනේ හිට්ලර් කෙනෙක් කරන්නනේ.. හිට්ලරුත් හදිසි නීතිය ඇඳිරි නීතිය දමලා තමයි පටන් ගත්තේ.. තව ටික කලකින් නියම හිට්ලර්ව බලාගන්න පුළුවන් වෙයි ඔක්කෝටම...