
(අංජුල මහික වීරරත්න)
මහජන නියෝජිතයින්ගේ ආරක්ෂාව වහාම තහවුරු කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ රජයෙන් ඉල්ලා සිටියි.
විශේෂයෙන්ම නගරාධිපතිවරුන් හා නාගරික මන්ත්‍රීන්ටත් ප්‍රාදේශීය සභා සභාපතිවරු හා මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව ලබාදිය යුතු බවත් නාමල් රාජපක්ෂ වැඩි දුරටත් පැවසීය.
පසුගියදා ඝාතනය වූ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පොලිස්පතිවරයාගෙන් ජීවිත ආරක්ෂාව ඉල්ලා සිටියත් එය ලබාදී නොතිබූ බව රාජපක්ෂ මහතා සඳහන් කළේය.
කෙනෙක් මිය ගියාට පසු ඔහුගේ අතීත ක්‍රියාවන් ගැන පවසා එම ඝාතනය වසා ගැනීමට පොලිස් ඇමති ආනන්ද විජේපාල සිදු කළ කතාව පිළිබඳව තමා ඉතා කණස්සල්ලට පත්වූ බවද නාමල් රාජපක්ෂ පැවසීය.
නාමල් රාජපක්ෂ මහතා මේ බව කීවේ කොළඹදී මාධ්‍යයට ප්‍රකාශයක් නිකුත් කරමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආනන්ද විජේපාල විපක්ෂයේ රෝල් එකක් ඉටු කරනාදැයි සැක සිතෙන තරමට ඔහු මෝඩ කතා කියයි. ආණ්ඩුවේ ලකුණු කැපෙයි. හඳුන්නෙත්ති, වටගල, ටී.බී. සරත්, බිමල්, හේවගේ, සමන්ත විද්‍යාරත්න වැනි වාචාල ඇමතිවරු කරන හානියට සමාන හෝ ඊටත් වැඩි හානියකි, මෙතුමා විසින් කරනු ලබන්නේ...
ගොඩක්ම ඔබතුමාගේ පක්ෂේ නියෝජිතයෝ ගැන වැඩි විමසිල්ලක් දක්වන්න ගොඩක් නියෝජිතයෝ පාතාලෙට සම්බන්ධ නිසා...
හොර පෙරකදෝරුවාට අමු කැවිලා. දූෂිත පව්ල් පාලන ආණ්ඩුව කාලේ අඩුම ගානේ අදහස් ප්‍රකාශ කරන්නවත් නිදහසක් තිබුණාද? මහා දවාලේ අධි ආරක්ෂිත කලාපයක් තුළ ලසන්තව අමානුෂික විදියට ඝාතනය කෙරුවා. සුදුවෑන් ඝාතන අතුරුදහන් මිනීමෝරු කරවපු හැටි දන්නෝ හොන්දාකාරවම දන්නවා. යුක්තිය නීතිය සාධාරණය විනාශ කරලා අධිකරණය පවා දේශපාලනීකරණය වෙලා තිබුනේ? වැරැදි කරපු පට්ට හොර දූෂිතයෝ තමා බය වෙලා ඉන්නේ...
කිසිම දේශපාලුවෙකුට අපේ මුදල්වලින් ආරක්ෂාව දෙන්න එපා. අපි ආණ්ඩුවක් ගෙනාවේ දූෂණය, වංචාව, නීතිය සාධාරණත්වය කියන දේවල් කරන්න බලාපොරොත්තුවෙන්... ජනතාව රට බංකොළොත් කරපු කිසිම කෙනෙකුට වතුර එකක්වත් දෙන්න කැමැති නෑ. ස්තුතියි.
මෝඩ බේබි. ලාමක ටින් ටින්... හිතන්නේ මුගේ පදවල ඉන්න කුඩු මිනීමරු බේබද්දන්ට අරාක්ශාව සපයන්න. ජනතාවගේ මුදලින්... ඔබලාට තියෙන්නේ ජනතාවට සේවය මිසක්... කුඩු අදින්න, මිනීමරන්න නෙමේ... ඒවා කෙරුවා නම් ඔබලාගේ අරක්ශාව ඔබලාම බලාගන්න. සල්ලි ගස් හිටවලා නැහැ. බේබිලයි වියදම් කෙරුවේ හොරා කෑවේ සල්ලි ගස්වලින් කඩලා වදුරෝ වගේ. ඔබලාට පාතාලය ඔය තරම් බය නම් ඇයි ඒ කට්ටියට කියලා කුලියට මිනිස්සු මැරුවේ... හිතුවේ නැහැ රට පෙරලෙයි කියලා. දැන් පාතාලයේ අය අහුවෙනවා. බේරාගන්න බැහැ. ඔබලාට උදව් කරපු නිසයි කියන්නේ. ඔබලාට දැන් මුකුත් කරන්න බැහැනේ. ඒ මිනිස්සු සාදාරණයි... පපුවට තියන එක. ආරක්ෂාව ඉල්ලනවා. ජනාධිපතිට කියනවා සේරම පාතාලයත් එක්ක ගනුදෙනු කරපු, ආන්ඩුවෙන් ඉල්ලා අස්වෙන්න ඕනෑ... බය නම් ගෙදර ඉන්න කිසිම ආරාක්ෂාවක් නැහැ. දෙන්නේ නැහැ රජයේ වියදමින්. තොපිට දැන් තමයි කාපුවා දිරවන්නේ... නාමල් බේබි ඊළගට ඔයා..
ඡන්දෙන් පැරදෙන බව දැනගෙන ජාතික ලැයිස්තුවෙන් රින්ගා ගත්තු මහජන නියෝජිතයා? දූෂිත පව්ල් පාලනේ රටට කරපු විනාසේ නිසා තමයි කොරියාවෙනුත් පැන්නුවේ? ඔය දූෂිත දේශපාලුවෝ බලයේ හිටපු කාලේ මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ වලින් ගසාකාපු හැටියට පුද්ගලික ආරක්ෂකයෝ වටේටම තියාගන්න බැරියැ. රටම කාබාසිනියා කරපු දූෂිත දේශපාලුවන්ව මහජන බදු මුදලින් ආරක්ෂා කරන්නේ අහවල් දේකටද?...
ඔබේ පියාගේ පාලන කාලයේ ඔබේම පක්ෂයේ චන්ඩි මල්ලි මැරුනේ කොහේදීද?
මහජන නියෝජිතයන් මහජනයාගෙන් ආරක්ෂා කරන්නත් ඕනෑද?
මැදමුලන හොර පෙරකදෝරුවට මරණ බය පේනවා වගේ. හොද වැඩ කරන අයට, පාතාල වලට සම්බන්ධ නැති අයට පොලිස් ආරක්ෂාවක් ඉල්ලන්න මෙයාට මොලේ කොලොප්පම් වෙලා වගේ. පවු අනේ පවු.
මේ වගේ කතන්දර තමයි අපට අහන්න වෙන්නේ 2040 වෙනකම්.
වැදගත් මහජන නියෝජිතයින්ව තෝරාගන්න මිනිස්සුන්ට ඉඩ දෙන්න. ඉඩදීල දැන් ගෙදර යන්න. මිනීමැරුම්, වංචා, දූෂණ ඔක්කෝම නවතිනවා...
ඇයි මහජන නියෝජිතයන්? අමුතු ජාතියක්ද? රටේ සමස්ත ජනතාවගේ ආරක්ෂාව එක සමානව වැදගත්. මේ කතාවලින් තේරෙනවා මෝඩයෙක් කියලා.
අයිආර්සී කාරයන්ට මහජන මුදලින් ආරක්ෂාව දෙන්න... අමු කැවිලාද? පාතාල කාරයෝයි, කුඩ්ඩෝයි පක්ෂෙට ගන්න ඔහෙට නම් ඒවා සාමාන්‍ය වැඩ වුණාට අපිට එච්චර පිස්සු නැහැ..
නැත්තන් පක්ෂෙන් දාන අය බාගෙට බාගයක් මරලා යයි නේද? ඔවුන් කොහොමද නිවී හැනහිල්ලේ කුඩු කිලෝවක්වත් අදින්නේ නේද...?
ඔයාගේ ගෝලබාලයෝ ටික අහුවුණු ගමන් මේ කරදර ඔක්කෝම ඉවරයි.