
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
මහජන ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා රටපුරා කැඳවීමේ ආඥාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කරනු ලැබ ඇත.
මෙම ආඥාව පිළිබඳව නියෝජ්‍ය කතා නායක රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවට අද (8) දැනුම් දුන්නේය .
ජනාධිපතිවරයා මෙම ආඥාව නිකුත් කර ඇත්තේ හතළිස් වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂක ආඥා පනතේ දොළොස් වැනි වගන්තිය අනුව ඔහුට පැවරී ඇති බලතල ප්‍රකාරවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රටේ මොන ආණ්ඩුවක් තිබුනත් හැමදාම වැඩවර්ජන ඉතින් රටක් කොහොමද ඉස්සරහට යන්නේ
දැන් නම් පිස්සුව හොදටම තදවෙලා වගේ. ඥාණක්කා තමයි මේවට වගකියන්න ඕනේ.
(ඉන්) ඩිපෙන්ඩන්ස් ඇරඹෙයි.
සන්නද්ධ හමුදා කැඳවන්න හේතුව මොකක්ද? සැරින් සැරේ කැඳවනවා. මොකටද දන් නෑ. හමුදා පාලනයකට කුරුමානම් අල්ලනවද මන්දා.
නරක හීනයක්වත් දැකලද එක්කෝ කවුරු හරි තවත් දිරච්ච ලනුවක්වත් දීලද මන්ද. මේ ඩින්ගිත්තට "මහජන ආරක්ෂාව සඳහා" සන්නද්ධ හමුදා කීසැරයක් නම් කැදෙව්වද අප්පා ? මෙහෙම හමුදා කැදවිල්ලක් නම් ජීවිතේට දැකල නැහැ.
දනුක, සැරයන්, මිතුරනි,.. විධායක ජනාධිපතිවරයා විසින් තම විධායකය විසින් සිදුකලයුතු කාර්යයක් විධිමත් පරිදි සිදු කිරීමකි. ඒසේ නොමැතිව මෙලෙස කැදවීමේන් නිල ඇඳුම් ලා ආයුධ රැගෙන දුවගෙන පැමිණීමක් අදහස් නොකෙරේ. මත්්රව්ය වැටලුවද, විධායකයට අයත් ක්‍රියා විධායකය විසින් සිදු කල යුතුය. නිලයට හිමි වගකීම් ඉටු කල යුතුය. ඒය සක්‍රීය හමුදා ක්‍රියාවලිය තුල කල් නොමරා සහ විධිමත් පිළිවෙලකට සිදු කරනු ලබයි. මෙය මෙලෙස සිදු කරන පළමු හෝ ඒකම අවස්ථාවද නොවන අතර, වත්මන් ජනාධිපතිතුමා ඒසේ කල ඒකම ජනාධිපතිවරයාද නොවෙයි.
මහජනතාවගෙන් ආණ්ඩුව බේරාගැනීමටයි හමුදාවන් කැඳවන්නේ...!
ගුටි නොකා බේරෙන්න විදිහක් වගේ