
පවතින වියළි කාළගුණය හේතුවෙන් අනුරාධපුරය මහකනදරාව වැවේ ජලය සිඳී යාමෙන් ඉපැරණි මාර්ගයක සහ පාලමක කොටස් මතුව ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.
වැව මැද සිට මීටර කිහිපයක් ස්ථිර මාර්ගයක් ලෙස එය ඉදිකර ඇති අතර මාර්ගය කෙලවරේ පාලමක කොටස් මතුව ඇති බවත් ඔවුහු සඳහන් කරති.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය චන්දන රෝහණ විතානාච්චි මහතා පැවසුවේ එම මාර්ගය බිතාන්‍ය යුගයේ මුල් වකවානුවේ ඉදිකළ මාර්ගයක් බවයි.
පසුකාලීනව වැව ප්‍රතිසංස්කරණය කිරීමත් සමඟ එම මාර්ගය ජලයෙන් යටවී ඇති බවත් මහාචාර්යවරයා සඳහන් කළේය.
මහකනදරා වැව මහසෙන් රජ තුමන් විසින් ක්‍රිස්තු වර්ෂ තුන්වන සියවසේදී කනදරා ඔය හරස් කිරීමෙන් ඉදිකර ඇති බවත් ඔහු පැවසීය.
මුල් වකවානුවේදී කානවාසි ලෙස එම වැව නම් කර ඇති අතර මුල් කාලීන ඉදි කළ මහා පරිමාණ වැව් වලින් ප්‍රධාන වැවක් ලෙසත් එය සැලකේ.
දඹුලු ඔයේ අත්තක් වන මිරිස්ගෝනියාව ඔයේ අමුණක් සකස්කර කනදරා ඔය ඉදිකර ඇති අතර කලා ඔය නිම්නය සහ මල්වතුඔය නිම්නය සම්බන්ධ කර මෙය සකස් කර ඇති බවට පුරාවිද්‍යා සාක්ෂි හමු වී ඇති බවත් ඔහු සඳහන් කළේය.
මහකනදරා වැව අසලින් අනුරාධපුරේ සිට සේරුවාවිල හරහා ත්‍රිකුණාමලය දක්වා ප්‍රධාන මාර්ගයක් පැවති බවට හා පුරාණ ජනාවාස තිබුණු බවටත් සාක්ෂි හමු වී ඇති බවත් මහාචාර්යවරයා තවදුරටත් කීවේය.
(උපුල් හේරත්)

2025 දෙසැම්බර් මස 18
363
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
217
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහකනදරාවෙන් රජකාලේ පාලමක් මතු වේ
Perera Thursday, 24 August 2023 08:43 AM
මෙ තරමට පෙර නොදුටු අන්දමට හිදුන කියන්නෙ මේක දේව සාපයක් වගෙ.