(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවේ අණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව 20 වරක් සංශෝධනය වූ නිසා නව ව්‍යාවස්ථාවක් ඉදිරිපත්වීමට ඉඩඇති අතර එම නව ව්‍යවස්ථාවේ බුද්ධාගම යන පරිජේදය රැකුණොත් හොඳ බවත් නැගෙනහිර සහ උතුරේ 1000 කට අධික පුරාවිද්‍යා ස්මාරක පිහිටි මහවැලි අධිකාරියට අයත් ඉඩම්වල බලය ප්‍රදේශීය ලෙක්ම්ගේ යටත් කළ හොත් ඕනෑම කෙනෙකුට දීමේ හැකියාව තියෙන බවත් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරත්න නාහිමියෝ අද (27) පැවසූහ.  
‘සුඛා සඞඝස්ස සාමගගී’ යන තේමාව යටතේ සම්බුද්ධ ශාසනයේ ආරක්‍ෂාව, පෝෂණය සහ ජාතික ආගමික සහජීවනය උදෙසා වන මහසඟ සමුළුව 2026 කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන ශාලාවේදී අද (27) පස්වරුවේ පැවැති අතර එහිදී ඉඳුරාගාරේ ධම්මරත්න නාහිමියෝ එසේ පැවසූහ.  
සම්බුද්ධ ශාසනය රැකගතයුතු යැයි ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පමණක් සඳහන්ව ඇති බවත් දේශපාලඥයන් නොදැනුවත්ව හෝ ඇතැම් සෙසු නායකයන් කළ ඇති ප්‍රකාශ හේතුවෙන් බුද්ධ ශාසනය රැකගන්න ඕන යැයි ව්‍යවස්ථාවේ සඳහන්ව ඇති ප්‍රකාශයට ගැටලුවක් ඇතිවිය හැකි බවත් ධම්මරත්න නාහිමියෝ කීහ.
සියලු සත්වයෝ නිදුක්වෙත්වා ලෙස මෛත්‍රී වඩන භික්‍ෂූන්වහන්සේ නින්දා අපහාස කරන අතර ස්වාමීන්වහන්සේ කවුරු දරාගෙන දුක්විදින්නේ කවුරුන් වෙනුවෙන් ද යන ගැටලුව මතුවන බවත් ලංකාවේ කිසිම හාමුදුරුකෙන් කන්න නොමැති කමින් මහරණ වී නොමැති බවත් උන්වහන්සේ ප්‍රකාශ කළහ.
හාමුදුරුවන් සිවුර දරාගෙන බුදුහාමුදුරුවන්ගේ ශාසනය වෙනුවෙන් ජීවිතේ දියකරන පිරිසක් බව කී ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරත්න නාහිමියෝ අතීතයේ සිටම රාජ්‍යය සහ භාක්‍ෂුන්වහන්සේ ඉතාමත් ළගින් සිටි අතර තාත්තා අම්මා ආරක්‍ෂා කරගන්නා විලාසයෙන් රට ආරක්‍ෂා කළයුත්තේ සම්බුදධ ශාසනය උදසාය, එහෙයින් රට සහ සම්බුද්ධ ශාසනය ආරක්‍ෂා කරගත යුතු අවස්ථාවලදී භික්‍ෂූන්වහන්සේ පෙනී සිටි බව ද සඳහන් කළහ.
ප්‍රමාණාත්මක සංවර්ධනයේදී ගුණාතම්ක පරිහානියක් වියහැකි බවත් චරිතයක් අල්ලාගෙන ඒකම උලුප්පාගෙන කටයුතු කිරීම අසත්පුරුෂ ක්‍රියාවක් මෙන්ම භාක්‍ෂූන්වහන්සේ පමණක් නොව ගිහිපිරිස ද බුද්ධ ශාසනය රැකගැනීමට කටයුතු කළ යුතු බවත් ඕනෑම සමාජයක ඉතාම විශ්ෂිටගණයේ මෙහෙවරක් කරන මාහා සංඝරත්නයට ඉදලා හිටලා කෙනක් අපහස කරන බවත් උන්වහන්සේ කීහ.
බොල් වී, කලටි පොල් අල්ලගෙන පොල් මෝලටම ගහන තත්වයක් ඇතිවී තිබෙන අතර අපහාස කරන පිරිස් ඕනෑම සමස්ත මහා සමාජයක පැතිකඩකට පහර ගසන බවත් බහුතර සිංහල ජනතාව අතර හාමදුරුවන් කියන්නේ ශාසනයට කැප වුණ පිරිමි පිරිසක් බවත් ඉඳුරාගාරේ ධම්මරත්න නාහිමියෝ පැවසූහ.
හමාගෙන සුළට, වැයෙටන වැස්ස පන්සල හැර නොයන්නාක් මෙන්ම සමාජයකට හෙන ගැවුවම එකී හෙන ගැසූ සමාජයේ යම් යම් අන්කොන් 39,992 ක් වන ශ්‍රී ලංකාවේ වර්තමාන මහ සංඝරත්නය අතර 50 කට අඩු ඉතාම කුඩා ප්‍රමාණයක් වන අපචාරි ක්‍රියාකරන අය අල්ලගෙන සමස්තයටම ගොස් කියන බව ද උන්වහන්සේ වැඩි දුරටත් සඳහන් කළහ.
ඉදිරි වසර තුන හතරක් යන විට භාක්‍ෂූන්වහන්සේට පාරට බහින්න යන තත්වයක් ඇතිවන තත්වයේ කුමන්ත්‍රණ ක්‍රියාත්මක වන බව භික්ක්‍ෂූන්වහන්සේ තේරුම් ගෙන නොමැති බවත් එවැනි ආකාරයේ මගඩි වැඩ ක්‍රියාත්මක වන ආකාරය දැකගත හැකි බවත් විශේෂ අනුශාසනයක් කරමින් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමියෝ එහිදී පැවසූහ.
‘කහකඩ පාතාලය අද කොළඹට, පීඩන් භික්‍ෂූන්, දේශපාලන භීක්‍ෂූන් සහ ව්‍යාපාරික භීක්‍ෂූන් ලෙස මෙම සඟ සමුළුවට කොළඹට වඩින භික්‍ෂුන්වහන්සේ ෆේස්බුක් එකේ හදුන්වා ඇති බවත් නූතන පාලකයන්ට කතාවත පෙන්වන්න බැරි තත්වයක් ඇති බවත් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමියෝ වැඩි දුරටත් කීහ.
පළමු සුභාශිංසන අනුශාසනය කරමින් කොටුව ශ්‍රී සම්බුද්ධාලෝක විහාර ඇතුළු විහාර ඝණයේ ආධිපත්‍යය උසුලන, බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය, දක්‍ෂිණ ලංකාවේ උප ප්‍රධාන සංඝනායක ඉත්තදෙමළියේ ඉන්දසාර නායකස්වාමීන් වහන්සේ පැවසුවේ අතීතයේදී ගමේ ජනතාවගේ සියලුම වැඳගත් අවස්ථාවලදී ගමේ පන්සලේ හාමුදුරුවන් සම්බන්ධ වූ බවත් අනුව ගමේ ජනතාවගේ නායකත්වය නිරායාසයෙන්ම ගමේ පන්සලේ හාමුදුරුවන්ට පැවරී තිබූ බවත්ය.
මෙම නායකත්වය ක්‍රමයක් ක්‍රමයෙන් උන්වන්සේගෙන් උදුරාගෙන වෙනම පැවැත්කට පැවරනු ලැබූ බවත් එහි ප්‍රතිඵලයක් ලෙස ගමේ ජීවත් වන තමන්ගේ දායක පිරිසගෙන් ස්වාමීන්වහන්සේ ඇත්කළ බවත් උන්වහන්සේ සඳහන් කළහ.
මෙම ශාසනාරක්‍ෂක සංඝ සභාවේ කටයුතු ආරම්භ කරමින් එහි ප්‍රධාන සංවිධායකවරයකු වන උලපනේ සුමංගල හිමියෝ පිළිගැනීමේ සහ අරමුණ පැහැදළි කිරීමේ කථාව කළහ.
කිසිදු ගිහිපාර්ශවයක මැදිහත්වීමක් නොමැති මහා සංඝරත්නයේම පමණක් සහභාගිත්වයෙන් මෙම සමුළුව සාර්ථක කරගැනීමට ලැබීම සම්බුද්ධශාසනය ලැබූ ජයග්‍රහණයක් බවත් ‘සුඛා සඞඝස්ස සාමගගී’ එනම් මහා සංඝරත්නයේ සමඟිය සැපයක්’ යැයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ එම ප්‍රකාශය යථාර්තයක් බවට පත්කරමින් රටට, සම්බුද්ධශාසනයට සහ සම්බුද්ධශාසනයේ චිරසථිතියට සැපයක් ගෙනදීම සහ අනාගතයක් ගොඩනැගීම පිණිස මෙම සමුළුව සංවිධානය කළ බවත් උලපනේ සුමංගල හිමියෝ පැවසූහ.
සියලු දිස්ත්‍රික්ක නියෝජනය කරමින් නියෝජිත සමුළුවක් ලෙස මෙම සමුළුව සංවිධානය කළ බව කී උලපනේ හිමියෝ පැවසුවේ මෙම සමුළුව සංවිධානය කිරීමේදී බාධාකිරීම් අඛණ්ඩව එල්ල වූ අතර ඒවා පරාජය කරමින් මෙම සංඝ සමුළුව පැවැත්වීමේ හැකියාව ලැබුණු බව ද සඳහන් කළහ.
මෙම සමුළුව ප්‍රාදේශීව සංවිධානය කළ ස්වාමීන්වහන්සේට දුරකථන ඇමතුම් දී බලපෑමක් කළ අතර ඇතැම් පන්සල්වලට පොලිසියෙන් ගොස් බියගැන්වීමට කටයුතු කළ බවත් ජාතියේ මුරදේව ලෙස විරුදාවලිය ගත් භික්‍ෂුන්වහන්සේ ගමන මෙවැනි නිවට ක්‍රියාවලින් වැලැක්විය නොහැකි බවත් උලපනේ සුමංගල හිමියෝ වැඩි දුරටත් පැවසූහ.
‘සුඛා සඞඝස්ස සාමගගී’ ශාසනාරක්‍ෂක සංඝ සභාවේ ප්‍රකාශය සහ ප්‍රතිඥාව අලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ඉදිරිපත් කළහ.
“සම්බුද්ද ශාසනයේ ආරක්‍ෂාව, පෝෂණය සහ ජාතික ආගමික සහජීවනනය උදෙසා වන මහා සංඝ ප්‍රතිඥාව’‘ අපි බුද්ධ ශාසනය ආරක්‍ෂා කරමු, පෝෂණය කරමු, එහි චිරස්ථිතිය වෙනුවෙන් අදීනව පෙනී සිටිමු. අපි ශ්‍රී ලංකාවේ සියලු ආගම්වල පූජනීය ස්ථාන, ඓතිහාසික උරුමයන් සහ නීත්‍යානුකූල ආගමික අයිතිවාසිකම්වලට ගරු කරමු. කිසිඳු ආගමික හෝ ජනවාර්ගික ප්‍රජාවකට වෛරය, හිංසනය හෝ අගතිය ඇතිකරන ක5ියාවලියට අනුබල නොදෙමු.
අපි මෛත්‍රිය, කරුණාව, අවිහිංසාව, සත්‍යය, යුක්තිය සහ ස‘මානාත්මතාව මත පදනම් වූ බෞද්ධ දර්ශනය සමාජය තුළ ශක්තිමත් කිරීමට කැපවෙමු. අපි බෞද්ධ සිද්ධස්ථාන, පුරාවිද්‍යාත්මක උරුමයන්, විහාර දේපළ, ජූජා භූමි සහ ශාසනික ආයතන නීත්‍යානුකූල හා ප්‍රායෝගිකව ආරක්‍ෂා කරන ලෙස රජයෙන් ඉල්ලා සිටිමු.
අපි බුද්ධ ශාසනයට, මහා සංඝරත්නයට සහ ජූජනීය ස්ථානවලට එරෙහි අපහාස, අවතක්සේරු කිරීම්, හිංසනය, අලාභහානි සහ නීතිවිරෝධී මැදිහත්වීම් පිළිබඳව පක්‍ෂග්‍රාහි නොවන විමර්ශන හා නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ඉල්ලා සිටිමු.
බෞද්ධ අනන්‍යතාව, ශාසනික අධ්‍යාපනය, පුරාවිද්‍යා උරුමය, ගම පන්සල සබඳතාව සහ මහා සංඝරත්නයේ සමාජ භූමිකාව දුර්වල කරන ඕනෑම ප්‍රතිපත්තියක්, ක්‍රියාමාර්ගයක් හෝ නිහඩ නොසළකා හිරීමක් විබෞද්ධකරණයට මඟ පාදන්නේ නම්, එයට එරෙහිව නීත්‍යානුකූලව, සාමකාමීව, ප්‍රජාතන්ත්‍රවාදීව සහ අවිහිංසාවෙන් නැගී සිටීමට අපි ප්‍රතිඥා දෙමු.
වත්මන් රාජ්‍ය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් බෞද්ධ සමාජය තුළ මතුව ඇති බෞද්ධ විරෝධී හෝ විබෞද්ධකරණයට මඟ පාදන බවට වූ චෝදනාව සහ කනස්සල්ල, ස්වාධීන හා විනිවිදභාවයෙන් විමර්ශනය කර ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවේ 9 වැනි ව්‍යවස්ථාව ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන ලෙස අපි රජයෙන් සහ පාර්ලිමේන්තුවෙන් දැඩිව ඉල්ලා සිටිමු.
අපි බෞද්ධ ශාසනය පක්‍ෂ දේශපාලනයේ හෝ පුද්ගල බල අරගලයක උපකරණයක් බවට පත්කිරීමට ඉඩනොදෙමු. මෙම ප්‍රතිඥාව ආණ්ඩු විරෝධී ක්‍රියාවක් හො ්කිසියම් පුද්ගලයකු, පක්‍ෂයක්, ආයතනයක් හෝ කණ්ඩායමක් බලගැන්විමේ ප්‍රකාශයක් නොව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කරක්‍ෂිත කරවීම සඳහා වන ශාසනික හා ජාතික ආයාචනයක් බව අවධාරණය කරමු.
එබැවින්, 9 වැනි වව්‍යවස්ථාව නාමික ප්‍රකාශයකට සීමා නොකර රාජ්‍ය ප්‍රතිපත්තිය, නීතිමය ආරක්‍ෂාව, ශාසනික අධ්‍යාපනය, පුරාවිද්‍යා සංරක්‍ෂණය, භික්‍ෂු විනය හා ආයතනික ක්‍රියාමාර්ග තුළින් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිමු” යැයි එම ප්‍රතිඥාවේ සඳහන්ව තිබුණි.
මෙම සංඝ සමුළුවට මෙරට බොහෝ ප්‍රදේශය නියෝජනය කරමින් භික්‍ෂූන්වහන්සේ දහසකට අධික පිරිසක් සහභාගි වී සිටියහ.