අංජුල මහික වීරරත්න
‘පාර්ලිමේන්තුව වහා කැඳවා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්න’ යන මූලික ඉල්ලීම රැගත් මහා සඟ සමුළුව කොළඹ නව නගර ශාලාවේදී හෙට (6) පස්වරු 2.30ට පැවැත්වේ.
කොළඹ විහාරමහා දේවී උද්‍යානයේ බුදු පිළිමය අසළට රැස්වන මහා සංඝ රත්නය එතැන් සිට පෙරහරින් කොළඹ නව නගර ශාලාවට වැඩම කිරීමට නියමිත බව එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ බෞද්ධ කටයුතු ලේකම් සුජිත් අක්කරවත්ත මහතා පැවැසීය.
යහපාලනය උදෙසා ජාතික භික්ෂු පෙරමුණ මෙම මහ සඟ සමුළුව කැඳවා ඇති අතර රට පුරා මහා සංඝ රත්නය මේ වෙනුවෙන් කොළඹට වැඩම කිරීමට නියමිත බව සුජිත් අක්කරවත්ත සමතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් වෙනුවෙන් පෙරහැරේ යන හාමුදුරුවරුත් ඉන්නවද? හරි පුදුමයි.