
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
එළිසෙබෙත් මහ රැජින ක්‍රිස්තියානි ආගම ඇදහුවද මෙරට බුදුදහම ආරක්ෂා කිරීමට කටයුතු කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ශ්‍රී ලංකාවෙි බුද්ධ ජයන්ති සැමරුමට ද මහ රැජින සහාය දැක්වූ බවද ජනාධිපතිවරයා කීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසූයේ දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ අභාවය වෙනුවෙන් ශෝකය පළ කිරීමේ ශෝක යෝජනාව අද (23) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ය.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එලිසබෙත් මහ රැජිනගේ අභාවය පිළිබඳ ශෝක යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
එහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසූයේ ලංකාව ජනරජයක් බවට පත්වූවාට පසුව මෙරට ඇතැම් ගැටලු විසඳීමට ද රැජින සහාය දුන් බවයි.
ශ්‍රී ලංකාව පමණක් නොව ලෝකයම පරිවර්තනයට ලක් කළ තැනැත්තියක් ලෙස මහ රැජින සැලකිය හැකි බව ද නමුත් අනිත්‍ය කියන දේ ලෝකය තුළ පවතින දෙයක් යැයිද එය තේරුම් ගත යුතු බවද ජනාධිපතිවරයා මහ රැජිනගේ ශෝක යෝජනාවේ අදහස් දක්වමින් පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස,හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ,ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ,අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ,මහත්වරු ප්‍රමුඛ මන්ත්‍රීවරු ද ශෝක යෝජනාවේ අදහස් දැක්වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
'එළිසෙබෙත් මහ රැජින ක්‍රිස්තියානි ආගම ඇදහුවාද මෙරට බුදුදහම ආරක්ෂා කිරීමට කටයුතු කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය' .... වෙන මොනවද කියන්න පුළුවන්?
අනේ දැන් සති 02ක් විතර රජීව්ගේ අභාවය අල්ලගෙන නැතුව හොඳටම ඇති. රටේ මිනිස්සු බඩගින්නේ අපේ ප්‍රශ්න විසඳන්නේ චාර්ල්ස් රජතුමාද?
එළිසබෙත් මහ රැජිණ ලංකාවේ බුදුදහම ආරක්ෂා කළා? මේ මොන විකාර කතාවක්ද? එතුමිය පුද්ගලික ධන පරිත්‍යාගයෙන් එංගලන්තයේ හෝ ලංකාවේ පන්සල් හැදුවාද?
පරගැතිකම... රනිල්ගේ බාප්පත් ක්‍රිස්තියානි බිෂොප් කෙනෙක් හින්දා වෙන්නැති ඔයතරම් උජාරුවට කතා කරන්නේ...?
අපොයි ඔව්... ලංකාව පුරාම ක්‍රිස්තියානි පතුරවලා, බෞද්ධයින් ටික සල්ලි දීලා ක්‍රිස්තියානි කරන්න පුදුම සහායක් දුන්නේ...