IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මහා බ්‍රිතාන්‍යයේ පාලනය රිෂි සුනාක්ට

තම ප්‍රතිවාදියා වූ පෙනී මෝර්ඩන්ට්ද කන්සර්වටිව් නායකත්ව තරඟයෙන් ඉවත් වීමත් සමඟ හිටපු මුදල් අමාත්‍ය රිෂි සුනාක් කන්සවර්ටිව් පක්ෂයේ නව නායකයා ලෙස තේරී පත් විය. 

පෙනී මෝර්ඩන්ට් නායකත්ව තරඟයෙන් ඉවත්වන අවස්ථාව වන විට රිෂි සුනාක් හට ටෝරි මන්ත්‍රීවරු 200කගේ සහයෝගය හිමිවී තිබූහ.

බොරිස් ජොන්සන්හට සහාය දැක්වූ මන්ත්‍රීවරුන්ද රිෂි සුනාක්ට සහාය දැක්වීම විශේෂත්වයක් විය.

හිටපු බ්‍රිතන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ඊයේ (23) කන්සර්වටිව් පක්ෂ නායකත්ව තරඟයෙන් ඉවත් වීමත් සමඟ හිටපු මුදල් අමාත්‍ය රිෂි සුනාක් සහ පෙනී මෝර්ඩන්ට් කන්සර්වටිව් පක්ෂයේ නායක වීමේ බලාපොරොත්තුවෙන් සිටි අතර ටෝරි මන්ත්‍රීවරු 100 දෙනෙක් ගේ සහාය පෙනී මෝර්ඩන්ට්ට ලබා ගැනීමට නොහැකි වීමත් සමඟ ඇයද නායකත්ව තරඟයෙන් ඉවත් විය.

පෙනී මෝර්ඩන්ට් නායකත්ව තරඟයෙන් ඉවත් වෙමින් තමගේ සම්පූර්ණ සහාය රිෂි සුනාක්ට ලබා දෙන බව ප්‍රකාශ කළාය.

පෙනී මෝර්ඩන්ට් ඉවත්වීමෙන් පසු බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී රිෂි සුනාක් ටෝරි මන්ත්‍රීවරුන් ඇමැතූ අතර එය විනාඩි 10 කට සීමා විය.

කන්සවර්ටිව් පක්ෂ නායකයා ලෙස තේරී පත් වූ රිෂි සුනාක් අද(24) රාත්‍රියේ හෝ හෙට(25) උදෑසන බ්‍රිතාන්‍ය නව අග්‍රාමාත්‍යවරයා ලෙස කන්සවර්ටිව් පක්ෂය නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ඇතැයි බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කළේය.

ඒ අනුව නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වන 42 හැවිරිදි රිෂි සුනාක් බ්‍රිතාන්‍යයේ ප්‍රථම ඉන්දීය සම්භවයක් සහිත අග්‍රාමාත්‍යවරයා වේ.ඔහුගේ බිරිඳ බ්‍රිතාන්‍ය රජ පවුලටත් වඩා ධනවත් වීම විශේෂ සිදුවීමක් බව බ්‍රිතාන්‍ය මාධ්‍ය පෙන්වා දුන්නේය.

එසේම නැපෝලියන් යුද්ධයෙන් පසුව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ ලාබාලතම පුද්ගලයා ලෙස ඉතිහාස ගත වන බව පැවසේ.

නව අග්‍රාමාත්‍ය වරයා ලෙස රිෂි සුනාක් ගේ ප්‍රධාන සහ පළමු කාර්යය වන්නේ කැබිනට් මණ්ඩලය පත් කරගැනීම බවත්  භාණ්ඩාගාර අමාත්‍ය ජෙරමි හන්ට් එම ධුරය දිගටම කටයුතු කරන ඇති බව ආරංචි මාර්ග ප්‍රකාශ කළ බවත් බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කළේය.

034



අදහස් (8)

මහා බ්‍රිතාන්‍යයේ පාලනය රිෂි සුනාක්ට

pakeer Monday, 24 October 2022 09:08 PM

එංගලන්ත කාරයෝ කවදාවත් හිතන්න නැතිව ඇති ඉන්දියන් කාරයෙක් ඉන්දියන් කාරයන්ව අල්ල ගත්ත එංගලන්තෙ පාලනය කරන්න එයි කියලා.

:       5       37

ලංකාවේ හෙට... Monday, 24 October 2022 11:39 PM

එදා ඇමරිකාවේ = 'ඔබාමා'.... අද එංගලන්තයේ = 'රිෂි සුනාක්'.... හෙට ලංකාවේ = 'අසාද් සාළි'...!

:       3       3

siri Monday, 24 October 2022 09:16 PM

එයාටනම් හොඳම දීපවාලිය....රටට වෙනදේ ගණදෙයියෝ තමා දන්නේ.

:       11       19

"විල්පත්තු කොලනිය" Monday, 24 October 2022 11:31 PM

මේවගේ දෙයක් අපේ රටේ අයටත් මාර්තුවල අහන්න ලැබෙයි....

:       0       3

Perera Monday, 24 October 2022 11:38 PM

එංගලන්තේ දැන් කොහොමත් පල්ලම් බහින රටක්.

:       5       3

chandima Tuesday, 25 October 2022 02:13 AM

අපේ රටෙත් තව ටික කාලයකින් පාලනය නරේන්ද්‍ර මෝදිට කියයි. පුදුම වෙන්න දෙයක් නැහැ.

:       0       7

Hira Tuesday, 25 October 2022 10:55 AM

ඉංගලන්ඩ් වල සුදු ක්‍රිස්තියානිආධිපත්‍ය ටිකෙන් ටික පල්ලම් බසිමින් ඇත. කවදහරි රජ මාලිගවත් නමට පමනක් තියෙවි. අනේ සුද්දන්ට යන කල දසව.

:       1       0

ජනිත් Tuesday, 25 October 2022 11:13 AM

ලංකාවේ තමයි ද්විත්ව පුරවැසි කියලා දගලන්නේ. එංගලන්තයේ මොන පුරවැසියා වුණත් වැඩ තමයි කරන්න වෙන්නේ.

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 246 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 178 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 986 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site