
ශ්රී ලංකා මහ බැංකුව සිය රන් සංචිතයෙන් තවත් කොටසක් විකුණා ඇතැයි නිල දත්ත වාර්තා සඳහන් කරයි.
ජනවාරි මාසයේ දී මෙලෙසෙ රන් සංචිතයෙන් කොටසක් විකුණා ඇති අතර ඉකුත් දෙසැම්බර් මාසයේ පැවැති ඇමෙරිකානු ඩොලර් මිලියන 175ක රන් සංචිතය ජනවාරි මාසය අවසන් වනවිට ඇමෙරිකානු ඩොලර් මිලියන 92ක් දක්වා අඩු වී ඇත.
ශ්රී ලංකා මහ බැංකුව ඉකුත් දෙසැම්බර් මාසයේදී ද සිය රන් සංචිතයෙන් කොටස් විකුණා දැමූ අතර ඉකුත් වසරේ දෙසැම්බර් මාසය අවසන් වනවිට ශ්‍රී ලංකාව සුතව ටොන් 3.1 ක රන් සංචිතයක් තිබුණු බවට ඇස්තමේන්තු කර ඇත.
ජනවාරි මාසයේ රන් සංචිතය විකුණා දැමීමත් සමඟ මේ වනවිට ශ්‍රී ලංකාව සතු රන් සංචිතය ටොන් 1.6ක් දක්වා අඩු ව ඇත.
059 - ඉකොනොමි නෙක්ස්ට් ඇසුරිනි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රත්තරන් තිබෙන්නේ ඕකට තමයි... මුදල් අවශ්‍ය වුණාම උගස් තියන්න... නැතිනම් විකුණන්න..
යන යකා කොරහත් බිඳගෙන යන්න වගෙයි හදන්නේ...
අලි බබා හා හොරු 40.. අනාගත පරම්පරා ගණනාවක්ම ණයකාරයෝ කරලා... ඩේසි ආච්චිත් එක්ක යන්න වගේ හදන්නේ...!
ඔය මනුස්සයා දැන් කීයක් හරි කොමිස් අරගෙන මහබැංකු ගොඩනැගිල්ලත් විකුණලා දායි.
මෙහෙම විකුණන් කන්න මේ වගේ රූකඩ ආණ්ඩුවක් අවශ්‍යද?
සෞභාග්‍යය මෙයම නොවේද?
සර් තව මොකුත් නැද්ද විකුණාගෙන කන්න..? විදේශිකයෝ පාලකයින් වුණාම ඔහොම තමයි වෙන්නේ...
මැවනැල්ල පැත්තේ මා ඔය අවට රත්තරන් තියෙනවා කියනවා. කැළණි ගඟ අවට තියෙනවා කියනවා. කොහෙද හාරන්න දෙන්නේ නැහැනේ...?
අවසානයේ මුළු රටම විකුණා දමනු ඇත!
කාගෙන් අහන්නද ...මයි කාර් මයි පෙට්‍රල්
ඔව් ඔව් ඒවා විකුනලා ඉවර වෙලා අපේ අත කරත් ගලවන්න හදයිද දන්නේ නැහැ .විකුනන්න දේවල් නැති වෙද්දී .අර වරාය ඇමති ඕවාට පළපුරුදු තියන ගොයික් නේ
ඉදිරි අවුරදු 3 ට කීයක් හරි හම්බකරගන්න එපැයි .කෝ බයියෝ හුරේ දාන්නේ නැද්ද ?