
(රෝෂන් තුෂාර)
2015 වසරේ ශ්‍රී ලංකා මහා බැංකු භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමෙන් දූෂණය නම් වරද සිදු කර ඇතැයි කියන හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාට පෙබරවාරි මස 25 දින අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් ඉංග්‍රීසි භාෂාවෙන් නොතීසියක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද(26) නිකුත් කළේය.
2015 පෙබරවාරි හත්වැනි දින බැංකු බැඳුම්කර නිකුතුවකින් රජයට රුපියල් බිලියන දහයකට අධික පාඩුවක් සිදු කළේ යැයි සඳහන් කරමින් අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුව මෙම නොතීසිය නිකුත් කළේය.
හිටපු මහ බැංකු අධිපතිවරයා මහ බැංකු බැඳුම්කර නිකුත් කිරීමේදී නිලධාරීන්ට බලපෑම් කර ඥාති සංග්‍රහ කරමින් රජයට පාඩුවක් සිදු කිරීමට එරෙහිව මෙම පැමිණිල්ල ගොනු කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd