
(මනෝප්‍රිය ගුණසේකර)
මහ බැංකු බැ ඳුම්කර නිකුතුවකදී රජයට රුපියල් කෝටි 3698 වංචා කළැයි කියන සිද්ධියට අදාලව රිමාන්ඩ් බාරයේ සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පර්පචුවෙල් ට්‍රෙසරිස් සමාගමේ අධ්‍යක්ෂවරුන් ඇතුළු 11 දෙනා ඇපමත මුදා හැරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල බහුතර තීන්දුවකින් තීරණය කළේය.
මහාධිකරණ විනිසුරුවරුන් වන දමිත් තොවත්ත (සභාපති),මංජුල තිලකරත්න සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ නඩුව විභාගයට ගත් අවස්ථාවේ විනිසුරුවරු තිදෙනා වෙන් වෙන්ව තීන්දු තුනක් ප්‍රකාශයට පත් කළහ.
මහධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අපරාධ නඩු විධාන සංග්‍රාහයේ 450(6) වගන්තිය යටතේ නීතිපතිවරයාගේ අනුමැතියකින් තොරව විත්තිකරුවනට ඇප දිමට මෙම අධිකරණයට බලයක් නැති බවත් ඒ මත විත්තිකරුවන් සියලු දෙනා නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට නිර්දේශ කළේය.
දමිත් තොටවත්ත සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන විනිසුරුවරුන් සිය තීන්දු ප්‍රකාශයට පත් කරමින් විත්තිකරුවනට ඇපලබා දීමට මෙම අධිකරණයට බලයක් ඇතැයි තීරණය කළේය.
එමෙන්ම පොදු දේපොළ පනත යටතේ චෝදනා ලබා සිටින විත්තිකරුවන් ඉදිරිපත් කොට ඇති කරුණු සුවිශේෂි කරුණු බව තීරණය කළ විනිසුරුවරුන් බහුතර තීන්දුවට අනුව විත්තිකරුවන්ට ඇප දීමට තීරණය කළහ.
එක් එක් විත්තිකරුවන්ට රුපියල් ලක්ෂ 10 බැගින් වටිනා මුදල් හා රුපියල් ලක්ෂ 50 බැඟින් වටිනා ඇපකරුවන් දෙදෙනකු සහිත ඇප මත මුදා හැරීමට නියම කළේය.
විත්තිකරුවනට විදේශ ගත වීම තහනම් කළ විනිසුරු මඩුල්ල ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට බාර දීමට නියම කළේය.
(ඡයාරූප ළහිරු හර්ෂණ)








(මනෝප්‍රිය ගුණසේකර)
මහබැංකු බඳුම්කර වංචාව සම්බන්ධයෙන් රිමාන්ඩ් ගතව සිටි හිටපු අමාත්‍ය රවි කරුණානායක ඇතුළු පිරිසට දෙවන නඩුවෙන් ද මීට සුළු මොහේතකට පෙර ඇප ලබා දීමට අධිකරණය නියම කළේය.
වැඩි විස්තර පසුව
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොල් ගෙඩියක්, අඹ ගෙඩියක් හෝ ශත දෙකේ හෝ තුට්ටු දෙකේ "හොරකම් නොකරනු"... කරනවා නම් කෝටි ප්‍රකෝටි "හොරකම් කරනු" යන්න නොතේරෙන්නේ කාටද..? මෙම පට්ට හොරුන්ගේ නාටකය කවදා අවසන් වේද?
ලොකු කුට්ටියක් පාස්වෙලා වගේ..
අවුරුදු කන්න වෙන්න ඇති.
නඩු වලින් නිදහස් වෙයි. හැබැයි නුඹලා ඔය දුප්පත් මිනිස්සුන්ගේ හොරා කාපු සල්ලිවල ශාපය ස්වභාවයෙන්ම ලැබෙනු ඇත.
බොහෝ දේශපාලකයන් දුෂිතයි. රවී හොරකම් කලාද නැද්ද කියලා අපි තවම හරිට දන්නේ නැහැ. උසාවියෙන් වැරදිකරුවන් බව සාධාරණ නඩු විභාගයකින් ඔප්පු වෙලා නැහැ. ඒ නිසා මේ පක්ෂ දේශපාලනය නිසා කලින්ම තීන්දු තීරණ වලට ඇවිත් මේකේ නඩු තීන්දු දෙන්න හදන උදවියට මේ කියන්නේ. ඔහෙලා ඔය විදියටම බැසිල්ට, ගෝටාට කියනකොට මල පැනලා නටුව බවත්, උන් නිදොස් කොට නිදහස් වෙනකොට ශරීරයේ දෙපැත්තට ලොක් කරගෙන හිටිය හැටිත් මතකද? රවී වැඩක් කරපු මිනිහෙක්. තවම තීන්දු දීලා නැහැ. සැකකරුවෙක් විතරයි. අපි බලමු. වැරදි නම් කවුරු උනත් වැරදි.හැබැයි කවුරුත් නිවැරදි නම් දඬුකඳේ ගහන්න ලැස්තිවෙන්න එපා.
"කවුරු ආවත් හොරු අල්ලන්නේ නෑ මල්ලි." හොරු ටික එළියේ.. එහෙම කිව්ව එකා ඇතුලේ. එන්න ජයග්‍රහණය සාමකාමීව සමරමු.
රටේ දළ දේශීය නිෂ්පාදනයට වඩා ණය වාරිකය වැඩියි. මේ හිඟන රටේ බන්ධනාගාරයට කෙළින අය මොන අපායේ යයිද?