IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මහා පරිමාණ පුනර්ජනනීය විදුලිබල ව්‍යාපෘති 6ක්

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාවේ සමස්ත විදුලි අවශ්‍යතාවයෙන් 2030 වසර වන විට සියයට 70 ක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරාගැනීමේ රජයේ ඉලක්කය සම්පූර්ණ කිරීම සදහා මහා පරිමාණ පුනර්ජනනීය ව්‍යාපෘතිය 6 ක් ස්ථාපිත කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

අදාළ ව්‍යාපෘති සඳහා රජයේ අවසරයන් ගැනීම, ඉඩම් පවරාගැනීම්, සම්ප්‍රේෂණ මාර්ග ඉදිකිරිම, විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම්ගත වීම්, මූල්‍ය අවශ්‍යතාවයන්, ව්‍යපෘති ඉදිකිරීම් කාලරාමුව වැනි කරුණු අද සාකච්ඡා කළ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

අදානි ග්‍රීන් එනර්ජි සමාගම සංවර්ධනය කරන මන්නාරම සහ පූනරින් මෙගාවොට් 500ක සුලං විදුලිබල උත්පාදන ව්‍යාපෘතිය 2025 දී වර්ෂයේ ජනවාරි මස අවසන් කරන බවත් මෙම ව්‍යපෘතියට අවශ්‍ය කිලෝවොල්ට් 400ක සම්ප්‍රේෂණ මාර්ගය ඉදිකිරීමද එම සමාගම ඉටු කරන බවත් අමාත්‍යවරයා කීය.

පූනකරි ප්‍රදේශයේ මෙගාවොට් 700ට වැඩි බිම්ගත සූර්ය පැනල බලශක්ති ව්‍යාපෘතියේ මෙගාවොට් 134ක් ඝෘජුව ජාතික පද්ධතියට සම්බන්ධය වන අතර බැටරි මතින් විදුලිය ගබඩාකිරීම මගින් මෙගාවොට් 700ක් දක්වා ජාතික පද්ධතියට පහසුකම් සලසා දීමට බලාපොරොත්තු වන බවත් එම ව්‍යාපෘති 2024 මාර්තු මස වනවිට ඉදිකිරීම් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

හම්බන්තොට ප්‍රදේශයේ සංවර්ධනය කරන මෙගාවොට් 150ක බිම්ගත සූර්ය පැනල ව්‍යාපෘතිය, දේශීය ආයෝජනයක් සමුහයක් ලෙස ඉදිර්කිරීම් කරන අතර එම ව්‍යාපෘතිය ද 2024 වසරේ දෙසැම්බර් වනවිට සම්ප්‍රේෂණ මාර්ග සමග සමබන්ධ කිරීමට යෝජිත අතර එය මෙගාවොට් 300ක් දක්වා උත්පාදනය වැඩි කිරීමට සුදුසු ආයෝජකයන් වෙත පිරිනැමීමට නියමිත බවද අමාත්‍යවරයා කීය.

සියඹලාණ්ඩුව මෙගාවොට් 100ක සුර්ය පැනල බලශක්ති ව්‍යාපෘතිය ලක්දනවි සමාගම, වින්ඩ් ෆෝර්ස් සමාගම සහ බ්ලු සිර්ක්ල් සමාගම ඒකාබද්ධව සම්ප්‍රේෂණ රැහැන් පද්ධතිය සමග සංවර්ධනය කරන අතර එය 2025 වසරේ දී අවසන් කිරීමට නියමිත බව කී අමාත්‍යවරයා පැවසුවේ සොලාර් ෆෝජ් සමාගම මඩකලපුවේ මෙගාවොට් 100ක බිම්ගත සූර්ය පැනල ව්‍යාපෘතිය ද සම්ප්‍රේෂණ රැහැන් පද්ධතිය සමග 2025 වසරේ සම්බන්ධ කිරීමට බලාපොරොත්තු වන බවත්ය.

ඉන්දියානු ජාතික තාප බල ආයතනය සහ ලංකා විදුලිබල මණ්ඩල එක්ව ඉදිකරන සාම්පූර් මෙගාවොට් 130ක බිම්ගත සූර්ය පැනල ව්‍යාපෘතියේ අදියර දෙකක් යටතේ අවසන් කරන අතර සම්ප්‍රේෂණ රැහැන් පද්ධතිය සමග පළමු අදියර ලෙස මෙගාවොට් 50 ක් 2025 වසරේදී ජාතික පද්ධතියට සම්බන්ධ කිරීමට නියමිත බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

 



අදහස් (4)

මහා පරිමාණ පුනර්ජනනීය විදුලිබල ව්‍යාපෘති 6ක්

sulalitha Saturday, 26 August 2023 10:11 PM

ඔය රෝස මල්වල නටුවේ කටු එහෙම නැතිද?

:       1       1

abaran seeya Saturday, 26 August 2023 10:54 PM

අපි අහුවෙයි ඕවට... මේ පාර නම් පුතේ මොනවා කිව්වත් වැඩක් නෑ. ඒ ගොනා වික්කා.

:       1       1

amarasena Saturday, 26 August 2023 11:12 PM

ඔතන ඉන්න අයගෙන් කී දෙනෙක් හෙට, අනිද්දා කූරියා ගහයිද දන්නේ නැහැ. විදුලිය ගැන දන්නා අය කීදෙනෙක් මෙතැන ඉන්නවාද? ඔය පච දේශනය හලන අය දන්නවාද මෙගා වොට් එකකයි, මෙගා වෝල්ට් එකකයි වෙනසවත්? අද ගෙදරට වෙලා ඉන්නවා. දෙවිනුවර සමුපකාරේ කඩලා හොරකම් කරලා, අහුවෙයි කියලා ගිනිතිබ්බ ගිනි දෙවියා තමයි!!! අපොස සාමාන්‍ය පෙළ 3 වතාවක් ෆේල්; ඡන්දෙන් පස්සේ හම්බවෙමු. අපි මහපාරේදීම ප්‍රශ්නය විසඳාගමු.. එදාට ඔය එස්.ටී.එෆ් අරවා මේවා ගාඩ් නැහැ.. බල්ලා මාක් තමයි.

:       0       3

kalinga Sunday, 27 August 2023 06:44 PM

කාංචන, ඡන්දෙන් පස්සේ ගමේ මිනිස්සු හම ගහනවා... දැනට බොරු කියකියා, කොමිස් කකා ඉඳපල්ලා...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 361 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 216 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site