IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


මහ පාරට වැටුණු මව් සෙනෙහස

රන්න චන්ද්‍රසේන ගමගේ

මහමඟ දමා ගිය වයෝවෘද්ධ මවක ප්‍රදේශවාසීන් විසින් කවා පොවා නහවා අලුත් ඇඳුම් ද අන්දවා පොලිසියට බාරදීමේ සිද්ධියක් මිද්දෙනිය තබලපැලැස්ස ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

මිද්දෙණිය පොලිස් වසමට අයත් තලාව තබලපැලැස්ස ප්‍රදේශයේ මහමඟ දමා ගිය මවක මෙලෙස ප්‍රදේශවාසීන්ගේ සත්කාර මැද පොලීසියට බාර දුන් බව මිද්දෙණිය පොලිසිය පවසයි.

තලාව ඇඹිලිපිටිය මාර්ගයේ තබලපැලැස්ස ප්‍රදේශයේ නිවසක් ආසන්නයේ සිටි කාන්තාව ඊයේ (19) අලුයම නිවැසියන් විසින් දැක ඇයගෙන් තොරතුරු විමසා තිබේ. එහෙත් තමන් ගැන පැහැදිලි තොරතුරක් දෙන්නට ඇයට නොහැකි වී ඇත. පසුව තබලපැලැස්ස ප්‍රදේශයේ ජනතාව ඇයට උපකාර කරන්නට ඉදිරිපත් වූහ.

කාන්තා පිරිසක් මෙම වයෝවෘද්ධ මව නිවසකට රැගෙන ගොස් නහවා පිරිසුදු කළහ. අලුත් ඇඳුම් ද, ආහාර ද ඇයට ලැබිණි. කාන්තාවන් කිහිප දෙනකුම එම මවගෙන් තොරතුරු විමසුව ද ඇයට තමන් ගැන යමක් කියන්නට මතකයක් නොවීය.

මිද්දෙණිය පොලිසියේ නිලධාරි පිරිසක් ද තබලපැලැස්සට පැමිණ මවගෙන් තොරතුරු විමසූහ. පොලිස් නිලධාරීන්ට ද තොරතුරු දෙන්නට එම වයේවෘද්ධ මවට මතකයක් නොවිණි.

පොලිසිය පැවසුවේ කවුරුන් හෝ පිරිසක් මෙම මව මෝටර් රථයකින් රැගෙන විත් මහමඟ දමා යන්නට ඇති බවයි. මහමඟ දමා ගිය මව වරින් වර දරුවන් දෙදෙනකු ගැන සඳහන් කළ බව ද පොලිසිය කියයි. මළ පහ පවා තැවරී සිටි එම වයෝවෘද්ධ මව සෝදා  උපකාර කිරීමට තබලපැලැස්සේ ජනතාව ඉදිරිපත් වූ බව පොලීසිය කීය.



අදහස් (3)

මහ පාරට වැටුණු මව් සෙනෙහස

ලුම්බිණි Thursday, 20 April 2023 06:59 AM

මෙවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි යශෝ කැලුම් වර ජෝතිය පිනෙන් උදාරයි

:       0       12

fairoos Thursday, 20 April 2023 12:36 PM

ඉතාම කනගාටුයි මේ අවුරුදු සමයේ මෙහෙමත් කාලකන්නි .උදවු උපකාර කරපු අයට පින්

:       0       0

නිකිතා Thursday, 20 April 2023 01:28 PM

අම්මේ මේ දරුවන් අම්මලාට මෙහෙම සලකන්නේ ඇයි. අම්මලා කවදාවත් මේ දරුවන්ට කියලා දීලා තියේද දෙමව්පියන්ගේ වටිනාකම. වැඩිහිටියන්ට සැලකීමේ වටිනාකම . අම්මලාගේ බලාපොරොත්තුව උනේ කොහොම හරි තියෙන ඔක්කොම විභාග ටික දරුවෝ ඉහලින් සමත්වෙලා විශ්වවිද්‍යාලයට යවල ඉහලම රැකියාවක් කරනවා බලන්නයි. කෑම ටික, වතුර ටික ළඟටම ගෙනත් දීල පාඩම් කරන්න උදව් කෙරුවේ ඒ බලාපොරොත්තුවෙන්.දැන් ඒවා හරි ඇති. දැන් මේ වයසක අම්මලාගෙන් ඒ දරුවන්ට කරදරයි. ඒ නිසා තමයි අම්මලා මෙහෙම මහමගට ගෙනත් දන්නේ.දරුවන්ගේ මේ පහත් නින්දිත වැඩවලට අම්මලත් වග කියන්න ඕනේ.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 486 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site