IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මහ කන්නයට වගා ණය නිකුත් කිරීම ඇරැඹෙයි

(අංජුල මහික වීරරත්න)

ඉදිරි මහ කන්නය සඳහා  ගොවීන්ට  ගොවි බැංකු මගින් වගා ණය නිකුත් කිරීම ආරම්භ කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

මෙවර මහ කන්නයේ දී වගා  කිරීමට සැලසුම් කර ඇති කුඹුරු ප්‍රමාණය හෙක්ටෙයාර් 814,678කි.  එම ප්‍රමාණය වගා කිරීමට යෝජිත සමස්ත කුඹුරු ප්‍රමාණයෙන් සියයට 100කි.

2022/23 මහ කන්නය සඳහා වගා ණය නිකුත් කිරීම සංකේතවත් කරමින් කෘෂිකර්ම, වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතින් වගා ණය නිකුත් කිරීම නෙටොල්පිටිය ගොවි ජන සංවර්ධන මධ්‍යස්ථානයේ දී සිදු කෙරිණි . එහි දී වගා ණය ලාභී ගොවීන් 11කට අමාත්‍යවරයා අතින් රුපියල් 50,000ක් බැගින්  නිකුත් කරනු ලැබීය. මෙම වගා ණය නිකුත් කිරීම ගොවිජන බැංකු නියමු ව්‍යාපෘතිය යටතේ සිදු කෙරේ.

මෙම වසරේ වගා කටයුතු සඳහා ගොවි බැංකු විසින් රුපියල් මිලියන 7124ක් ගොවීන් 207,103 දෙනෙකුට නිකුත් කර තිබේ.



අදහස් (0)

මහ කන්නයට වගා ණය නිකුත් කිරීම ඇරැඹෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site