(රංජන් කස්තුරි )
ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදෙන්නැයි අම්පාර දිස්ත්‍රික්කයේ මුස්ලිම් සාම සමුළුව ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් රටට සේවයක් කළ ප්‍රකට භික්ෂු නමක් බවද උන්වහසේට නිදහස ලබාදීම බෞද්ධයින්ගේ පමණක් නොව අන්‍යාගමිකයින්ගේ ද සතුටට හේතුවනු ඇතැයි ද අම්පාර දිස්ත්‍රික්කයේ මුස්ලිම් සාම සමුළුවේ නියෝජිත එස්.එල්.එම්. හනීෆා මදනීගේ අත්සනින් යුතුව ලිපියක් යවමින් එම සංවිධානය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.
තවද වසර ගණනාවක් තිස්සේ දේශපාලන සිරකරුවන් ලෙස සිටින්නන් නිදහස් කරන ලෙසද එම සංවිධානය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න එහෙමයි අපි. වරදක් කළත් සමාව දෙනවා.
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් රටට සේවයක් කළ ප්‍රකට භික්ෂූන්වහන්සේ නමක් බවද, උන්වහන්සේට නිදහස ලබාදීම බෞද්ධයින්ගේ පමණක් නොව අන්‍යාගමිකයින්ගේද සතුටට හේතුවනු ඇතැයිද අම්පාර දිස්ත්‍රික්කයේ මුස්ලිම් සාම සමුළුවේ නියෝජිත එස්.එල්.එම්. හනීෆා මදනීගේ අත්සනින් යුතුව ලිපියක් යවමින් එම සංවිධානය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.
ඥානසාර හාමුදුරුවන් ගැන මුස්ලිම් කොංග්‍රසයට හදිසියේ ඇතිවෙච්ච ලෙන්ගතුකම ගැන පුදුමයි. උන්වහන්සේ බන්ධනාගාරයට ගියේ මුස්ලිම් අයට කරපු අරියාදුවක් නිසා නෙවෙයි. උසාවියට අපහාස කිරීමේ වරදටයි. එක්නැලිගොඩ නෝන කියන හන්දා හිරේම තියන්නවත්, මුස්ලිම් කොංග්‍රසය කියන හින්දා නිදහස් කරන්නවත් අවශ්‍ය නැහැ. ඒක උසාවියයි, ජනාධිපතිතුමයි බලා ගත්තාවේ...
මේ පිළිබඳව අදහස් පල කිරීමට වේලාසන වැඩියි. ඒ නිසා අපි බලමු තව ටික දවසක් ඇයි මේ පිරිස උන් වහන්සේ නිදහස් කරන්න කියන්නේ කියලා.....
ඇත්තෙන්ම අපේ හාමුදුරුවො සටන් කලේ සිංහල, දමිල, මුස්ලිම් සියලු දෙනාගේම නිදහස වෙනුවෙන් ඥානසාර හාමුදුරුවෝ සිරගත වුනේ ඇයි කියලා රටට ආදරේ ඕනෑම කෙනෙක් දන්නවා.
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ සේවය රටට ඉතාමත් අවශ්‍ය කාලයයි. අපි ඔබවහන්සේ එනතුරු මග බලාගෙන ඉන්නවා
වෛරයෙන් වෛරය නොසන්සිදේ කියන බුදු දහමේ කියමන අයිති සිංහල බෞද්ධයන්ට පමණයි. ඒක නිසා මෙහෙම ඉල්ලීමක් කරන්න අයිතියක් නොමැත
මේ බළලා පැනලා තියෙන්නේ මල්ලෙන් එලියට අන්තිම වාක්‍යයෙන්. තවද වසර ගණනාවක් තිස්සේ දේශපාලන සිරකරුවන් ලෙස සිටින්නන් නිදහස් කරන ලෙසද එම සංවිධානය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.
හොද යෝජනාවක් ….
ඇත්තෙන්ම අපේ හාමුදුරුවො සටන් කලේ සිංහල, දමිළ, මුස්ලිම් සියලු දෙනාගේම නිදහස වෙනුවෙන් ???? ඔව් ඔව් උසාවියට අපහස කලේ රට ජාතිය වෙනුවෙන් ඔබතුමා හරි
මේකේ අන්තිමට තියනවා අනෙකුත් දේශපාලන සිරකරුවනුත් නිදහස් කරන්න කියල. ඒ කවුද ?
යම් වරදකට යමෙක් දඬුවමක් ලෙස සිර ගත කල යුතුනම්, මේ රට නීතියේ ආදිපත්‍ය සුරකින රටක් නම්, සිරගත කල යුතු පුද්ගලයින්ගේ පෝලිමේ ඥානසාර හාමුදුරුවෝ ඉන්නේ ගොඩක් පිටිපස්සෙන්.
අපේ අධිකරණය මේ හාමුදුරුවන්ගෙන් සමාව ඉල්ලන්නත් ඕනද? උසාවියෙන් වැරදිකරු කරපු කෙනෙකුට සමාව දෙන එක අධිකරණයට අපහාසයක් නොවෙයිද?