ජාතික ආර්ථික සභාවේ මහලේකම් මහාචාර්ය ලලිත් සමරකෝන් මහතා මාසයකට රුපියල් ලක්ෂ පහක වැටුපක් ලැබුවත් ඔහු වැඩිවශයෙන් කාලය ගතකර ඇත්තේ පිටරටයැයිද මේ තත්ත්වය එම සභාව අහෝසි කිරීමට ප්රධාන හේතුවවූ බවද ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා කැබිනට් පත්රිකාවක් ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත.
අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා යටතේ පැවැති ආර්ථික කළමනාකරණය පිළිබඳ කැබිනට් කමිටුව වෙනුවට ජනාධිපතිවරයා විසින් ජාතික ආර්ථික සභාව පිහිටුවනු ලැබුවේ 2017 වසරේදීය.
එහි මහලේකම් ධුරයට ලලිත් සමරකෝන් මහතා පත්කරනු ලැබුවේද ජනාධිපතිවරයා විසිනි.
මෙම පත්වීම සඳහා අනුමැතිය ලබා ගැනීමට ජනාධිපතිවරයා ඉදිරිපත්කර තිබූ කැබිනට් පත්රිකාවේ ජනාධිපතිවරයා විසින් ලලිත් සමරකෝන් මහතා හඳුන්වා තිබුණේ “පළපුරුද්දෙන් දැනුමෙන් සහ දක්ෂතාවයෙන් පරිපූර්ණ වූත්මෙම තනතුර හැම අතින්ම සුදුසුකම් ඇත්තාවූත් පුද්ගලයකු” ලෙසිනි.
කෙසේ වෙතත් ජාතික ආර්ථික සභාව අහෝසි කිරීම සඳහා ඉදිරිපත් කර ඇති කැබිනට් පත්රිකාවෙහි ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ මහලේකම්වරයා සිය වගකීම් ඉටු කිරීමට අපොහොසත්වී ඇති බවය. මහලේකම්වරයා පෞද්ගලික හේතුන් මත නිතර විදේශගතවන බවත් මේ වනතුරුම ඔහු ආපසු පැමිණ නැති බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබිණි.
මේ අතර ජනාධිපතිවරයාගේ උපදෙස් මත මහාචාර්ය ලලිත් සමරකෝන්ගේ ජාතික ආර්ථික සභාවේ සෙසු කාර්ය මණ්ඩලයේ සේවය අවසන් කරන බව ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා මහලේකම්වරයා ඇතුළු කාර්ය මණ්ඩලයට දැනුම්දී ඇත.
( සන්ඬේ ටයිම්ස් ඇසුරිනි)
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආර්ථිකේ හදන්න රට යන්න ඇති මගේ හිතේ...
කව්රුත් තමතමන්ගේ යාළුවන්ට තමන්ට පුළුවන් වෙලාවට සලකනවා. මිත්රකම.
ජනාදිපතිතුමට මිනිසුන් හඳුනාගන්න දිගු කලක් ගතවෙනවනේ. පෙරහැර ගිහිල්ලත් ඉවරයි
16 දා කිට්ටු වෙනකොට තව තව දේවල් මතක් වෙයි එලොව පොලුත් පෙනෙයි
ඔය විදිහටම රටට වැඩක් නොකර රට අගාදයට දැම්ම යහපාලනකාරයින්වත් ගෙදර යවන්න කටයුතු කරමු. ඒ සදහා අපේ සහයෝගය නොමසුරුව ලැබෙනවා.