(චමිලා අල්විස්)

හොරණ රාජ්‍ය බැංකුවකින් රුපියල් කෝටි තුන හමාරක් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන වැඩි දුර විමර්ශනවලට අනුව එම බැංකුවේ කළමනාකරුවරකු සහ ආරක්ෂක නිලධාරියකු වැඩිදුර ප්‍රශ්න කිරීම් සඳහා අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් උතුරු අපරාධ විමර්ශන ඒකකය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් එම බැංකුවේ සහකාර කළමනාකරුවකු සහ ආරක්ෂක නිලධාරියකුගෙන් අද පෙරවරුවේ ප්‍රකාශයක් ගැනීමෙන් පසු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.  

අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් හොරණ මූලස්ථාන පොලිස් පරීක්ෂක රංග පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන්, අපරාධ අංශ ස්ථානාධිපති රංග දිසානායක මහතාගේ මෙහෙයවීමෙන් විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක අතර, බස්නාහිර පළාත් උතුරු අපරාධ විමර්ශන ඒකකයද ඊට සමාන්තර පරීක්ෂණ පවත්වයි.