(දසුන් රාජපක්ෂ)
රජය විසින් ක්‍රියාත්මක කළ වී මිලදී ගැනීමේ ව්‍යාපෘතිය යටතේ වී මෙට්‍රික් ටොන් 5217 ක් මේ මාසය තුළදී මිලදී ගෙන ඇතැයි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද (18) පැවසීය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කළේය.
දිවයිනේ විවිධ ප්‍රදේශ 12 කින් මිලදී ගෙන තිබෙන මෙම වී මෙට්‍රික් ටොන් 5217 සඳහා රුපියල් කෝටි 26 කට අධික මුදලක් රජයට වැය වී ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
යුද හමුදාවේ අධීක්ෂණය යටතේ වී මිල දී ගැනීමේ කටයුතු සිදු කළ බව ද ඒ මහතා කියා සිටියේය.
සහල් සඳහා ස්ථාවර මිලක් පවත්වා ගැනීමට වී මිලදී ගැනීමේ ව්‍යාපෘතිය ආරම්භ කළ බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා ඒ අනුව සහල් කිලෝවක් සඳහා රුපියල් 100 නොඉක්මවන ස්ථාවර මිලක් පවත්වාගෙන යාමට මේ වන විට රජයට හැකිවී තිබෙන බව ප්‍රකාශ කළේය.
මෙම සතිය තුළ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකින් තවත් වී තොග මිලදී ගැනීමට නියමිතව ඇති බවද, වසර තිහකට පසු අස්වැද්දූ වන්නි දිස්ත්‍රික්කයේ වී තොගයක් ද මිලට ගැනීම සඳහා රජය අපේක්ෂාවෙන් සිටින බවද ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2018/2019 මහා කන්නේ වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 3,072,581 (තිස් ලක්ෂ හැත්ත දෙදහස් පන්සීය අසු එකයි) මෙට්‍රික් ටොන් 5217 මිලදී ගත්තා කියන්නේ මහා කන්නේ වී නිෂ්පාදනයෙන් 0.17% රජයෙන් මිලදී ගෙන තියෙන්නේ.