(ඩී.ජී.සුගතපාල)

මෙම වසරේ ජූනි 01 දින සිට අගෝස්තු 31දක්වා මාස තුනක කාලයේ ගාල්ල දිස්ත්‍රික්කයේ මනුෂ්‍ය ඝාතන 15ක් සිදුව ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසිය.

මෙම ඝාතනවලින් දොළහක්ම වෙඩි තබා සිදුකරන ලද ඒවා වන අතර එයින් හතක්ම සිදුව ඇත්තේ අම්බලන්ගොඩ ප්‍රදේශයෙනි. අනෙක් තුන තියුණු ආයුධවලින් පහරදි සිදුකර ඇති මනුෂ්‍ය ඝාතනවේ.