
(ඩයනා උදයංගනී)
මාස 8 ක කාලයක් සදහා ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් බැරල් ලක්ෂ 18 ක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සමාගමකින් ආනයනයට කැබිනට් අනුමැතිය හිමිව ඇත.
ඉකුත් පෙබරවාරි 15 වනදා සිට ලබන ඔක්තෝබර් 14 දක්වා මාස 8 ක කාලයක් සඳහා මෙම පෙට්‍රල් තොගය ආනයනය කිරීමට නියමිතය.
මේ සඳහා වන දිගුකාලීන කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම සඳහා ලියාපදිංචි සහ තාවකාලිකව ලියාපදිංචි කරගන්නා ලද සැපයුම්කරුවන්ගෙන් ලංසු කැඳවා ඇති අතර, අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරනු ලැබූ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත එම කොන්ත්‍රාත්තුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඕ.ක්‍යු ට්‍රේඩින් ලිමිටඩ් නැමති මෙම සමාගමට පිරිනැමීමට ඇමති මණ්ඩල අනුමැතිය ලැබී ඇත.
මෙම යෝජනාව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදේශ ශ්‍රමිකයින්ගේ ඩොලර් එකට නියම මිල ගෙවන්න නම් මෙහෙම හිඟාකන්න අවශ්‍ය වෙන්නේ නැහැ.
අනුමැතිය පමණක් මදි... ඩොලරුත් ඕනෑ...
ආණ්ඩුව ඔක්කොම ඇනගෙන ඉවරයි... රට බංකොළොත් කරා අපේ සර්...!
ඔව්, ඔව්... මොනවා නැතත් පෙට්‍රල් ගෙන්න ගන්න එපැයි... මොවුන්ගේ සුපිරි වාහන වී8 එහෙම දුවාගන්න. මොකද අපි වගේ ටුක්වල යන්න කියලද? අඬලා, දොඩලා ගත්තු සැපවාහනේ දිහා බලාගෙන හූල්ලන්න පුළුවන්ද මේ අහිංසකයින්ට..? තව ඡන්දෙ දීලා බලය දෙන්න.