
(සිරංගිකා ලොකුකරවිට)
ගාල්ල බන්ධනාගාරයෙන් වාර්තා වූ මාරාන්තික මෙනින්ගොකොකල් රෝගය බාහිර සමාජයට ව්‍යාප්ත වී ඇත්දැයි අද (26) කරාපිටිය ශික්ෂණ රෝහලේ දී පැවැත්වූ ළදරු මරණයක මරණ පරීක්ෂණයේදී සැකයක් ඇති වී තිබේ.
ගාල්ල, තලාපිටිය ප්‍රදේශයේ පදිංචි මාස 08ක් වයසැති දැරියක් කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඊයේ (25) මියගොස් ඇති අතර එම මරණය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණය පැවැත්වූ ගාල්ල නාගරික හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා පවසන්නේ එම මරණය බැක්ටීරියාවක් හේතුවෙන් ඇතිවන මෙනින්ගොකොකල් රෝගය හේතුවෙන් සිදු වූ බවට සැකයක් පවතින බවයි.
එසේම, මියගිය දැරියගේ දේහය සම්බන්ධ අවසන් කටයුතු හැකි ඉක්මණින් සිදුකරන ලෙසත්, දෙමාපියන් ඇතුළු පවුලේ සාමාජිකයන්ට සහ ඥාතීන්ට යම් රෝග ලක්ෂණයක් ඇත්නම් හැකි ඉක්මණින් රෝහල්ගතවන ලෙසත් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ ජ්‍යෙෂ්ඨ අධිකරණ වෛද්‍ය නිලධාරී යූ.ජී.බී.ජයරත්න මහතා මියගිය දැරියගේ ඥාතීන්ට උපදෙස් ලබා දී තිබේ.
2025 දෙසැම්බර් මස 18
361
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
216
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාස අටේ දැරියගේ මරණය සැකයක්