
( රංජිත් රාජපක්ෂ )
මවුස්සාකැලේ ජලාශයේ සොරාව්ව දින 5 ක් තිස්සේ විවෘත කර තැබීමෙන් ජලාශයේ ජල ධාරිතාව සිඝ්‍රයෙන් පහළ බසිමින් පවති.
මවුස්සාකැලේ ජලාශයේ සිට කැනියොන් ජලාශය දක්වා ජලය රැගෙන යන නල පද්ධතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැනියොන් ජලාශයේ මෙටාවොර්ට්ස් 75 ක විදුලි උත්පාදනය මේ දිනවල සිදු නොකෙරේ.
මවුස්සාකැලේ ජලාශයේ සොරොව්වෙන් පිටවන ජලය කැනියොන් ජලාශයට එකතු වි ඊට පහළින් පිහිටි ලක්ෂපාන , නව ලක්ෂපාන සහ පොල්පිටිය යන විදුලි බලාගාර වල විදුලි උත්පාදනය සදහා එම ජලය භාවිතා කරන බව විදුලි බල මණ්ඩලයේ නිලධාරියෙකු කියා සිටියේය.
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පිහිටි කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට මේ දිනවල දැඩි වියළි කාලගුණ තත්ත්වයක් පවති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට පුද්ගලික බලාගාරවලින් විදුලිය මිලට ගන්න වුවමනා තත්වයක් පහසුවෙන්ම නිර්මාණය කරගත හැකිවේ... ව්‍යාපාර පවත්වා ගන්නේ එහෙමයි. අපි ඉටිපන්දම් හදන ව්‍යාපාරයක් පටන් ගනිමු.
ඉතින් නල පද්ධතිය අලුත්වැඩියා කරනවානම් සොරොව්වෙන් වතුර අරින්නැතුව ඔය ටික ඔක්කොම බොන්න කියලද රන්ජිත් කියන්නේ?
මාෆියාව හරියටම වැඩ කරනවා. මොනවා හරි හේතුවක් හදාගෙන වතුර ටික අරිනවා. නොරොච්චෝලේ නවතිනවා. ඊට පස්සේ පුද්ගලික සමාගම් වලින් විදුලිය ගන්නවා. ඕක තමයි සෙල්ලම. ඒකයි සුළං විදුලි බලාගාර හදන්න ඉඩ දෙන්නැත්තේ... මේවා සහගහන අපරාධ...