(සමන් විජය බණ්ඩාර)
මාවනැල්ල බුදු පිළිම කැඩිමේ සිද්ධියේ සැකකරුවන් හත් දෙනා අද (02 ) මාවනැල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව ජනවාරි මස 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මාවනැල්ල දිසා විනිසුරු මහෙස්ත්‍රාත් උපුල් රාජකරුණා මහතා නියෝග කළේය.
බුදු පිළිම වලට හානි කිරිම සම්බන්ධයෙන් මෙම පුද්ගලයන් පසුගිය 26 වැනි දින අත්අඩංගුවට ගෙන තිබුණු අතර සිද්ධියට සම්බන්ධ තවත් ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනිමට මෙ වන විට පොලිස් හා විශේෂ කාර්ය බලකා සෙබළුන් ඇතුළු බුද්ධි අංශවල කටයුතු මෙ වන විට සිදු වෙමින් පවතින බව පොලීසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගැනිමට නියමිත සැකකරුවන් මෙහි ප්‍රධාන පෙළේ සමාජිකයන් වන මාවනැල්ල දෙල්ගහගොඩ පදිංචි එකම පවුලේ අයියා සහ මල්ලි මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
නඩුව අද දිනයේ විභාගයට ගත් මොහොතේ මාවනැල්ල බුදු පිළිම කැඩිමට අමතරව අදාල සැකකරුවන් ගම්පොල, පොල්ගහවෙල, ඇතුලූ තවත් ප්‍රදේශ කිහිපයක බුදු පිළිම කැඩිමේ සිද්ධින් වලට සම්බන්ධ බව පොලිසිය මගින් මහෙස්ත්‍රාත්වරයා දැනුවත් කර අතර ඉදිරි දින වල එම ප්‍රදේශවල අධිකරණයන් වලට ඉදිරිපත් කිරිමට අවසරය ඉල්ලා සිටි අතර එහිදි පොල්ගහවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට පමණක් ජනවාරි 9 වැනිදා ඉදිරිපත් කිරිමට අවශ්‍ය නියෝගය ලබා දිම එහිදි සිදු විය.
දැනට වැරදි කරුවන් බවට පත් වි අද රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද හත් දෙනා අවුරුදු 25 ට අඩු වයස් සිමාවන් වල පසුවෙන අය වන බවද පොලිසිය කියයි.
මෙ වන විට අත්අඩංගුවට ගැනිමට සිටින සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 26 ක් සහ අනිත් සැකකරු වයස අවුරුදු 29 ක් වන බවද පොලිසිය පවසයි.
මෙලෙස මෙම චෝදනාවේ වැරදි කරුවන් වන සියලූ දෙනා මාවනැල්ල දෙල්ගහගොඩ, දානාගම, හිගුල වැනි මාවනැල්ල අවට ප්‍රදේශ වල පදිංචිකරුවෝ වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාගේ හරි කොන්ත්‍රාත්තුවක් වගේ. මේ කට්ටියගෙන් වෙනවෙනම ප්‍රශ්න කරලා හරියටම දැනගන්න ඕනෑ මොකක්ද ඇත්ත කියලා? මේක පිටිපස්සේ ඉන්න මහමොළ කාරයෝ ගැන දැනගන්න පුළුවන් එතකොටයි...
කෝ මේ හිරුනිකා? එ්කෙනුත් හිරිකිත විදිහට දේශපාලන වාසි ගන්න හැදුවද?
පොදු දේපල යටතේ එන වරදක් බැවින් ඔවුන්ට ඇප ලබා ගත නොහැකි වනු ඇත.
මුස්ලිම් පුද්ගලයෙක් විදිහට මං අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ.. 1. මෙම වසලයින්ට කිසිදු අනුකම්පාවක් නොපෙන්වා ඉතාමත් දැඩිලෙස කටයුතු කරන ලෙස 2. මොවුන් මෙහෙයවූ බලවේග හඳුනාගෙන ඔවුන් සහ ඔවුන්ගේ ඉලක්ක නිරාවරණය කරන ලෙස...
මේ සිද්ධියට ඉස්ලාම් ධර්මය සම්බන්ධ නැහැ. අන්‍ය විස්වාසවලට අපහාස කිරීම පැහැදිලිවලම තහනම් කරපු දෙයක්. මුස්ලිම් රටවල්වල ඕන තරම් පිළිම තියනවා (පක්සිතානය, බංගදේශය, ඊජිප්තුව...). මින්සාගේ නිර්මාණ හා මැවීම් කෙරෙහි දෙවියන්ට සමානව විස්වාසය කිරීමක් තමයි නැත්තේ.
රිමාන්ඩ් එකේදී සලකයි.
පාකිස්තානෙත්, ඇෆ්ගනිස්තානෙත් බුදු පිලිම තියනවා නෙවෙයි, තිබ්බා, ඒවා ඔක්කොම කඩලා දැන් නෑ
බමුණුආරච්චිගේ කතා කරන්න ගියාම කතා කරන්නේ හරියට ඔක්කොම දන්න බක පණ්ඩිතයෙක් වගේ. දන්නා දෙයක් කියන්න මෙතන ජාතිවාදේ පතුරුවන්නේ නැතුව....
දෙමව්පියෝ විසින් තියෙන පොඩි මොළෙත් හෝදලා දාපු හුඟදෙනෙක් ඔහොමයි. මේ අවිහිංසාවාදී ආගමට වෛර කරනවා. අර පලස්තීනයේ කුකුල්ලු මරනවා වගේ මින්ස්සු මරන්නේ දෙයියෝවත් ඇහැක් ඇරලා බලනවද? දෙයියොත් එම යුදෙව් ජාතියටයි සලකන්නේ. රටවල් ඔක්කම එකතු වුණත් ඔවුන්ට ගහන්න බැහැ... පැය 24 රටවල් ඔක්කොටම වෙන දේ දන්නවනේ.. ඒ ඉස්සර දින හයක් ගියේ. මන් ඉල්ලා සිටින්නේ ගිහින් ඔවුන් සමග යුද්ද කරන්න කියලයි...