(රංජන් කස්තුරි)

මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ උපසභාපතිවරයා අත්අඩංගුවට ගන්නැයි බලකරමින් මාවනැල්ල අධ්‍යාපන කලාප කාර්යාල ගුරුවරු හෙට (9)  සංකේත වැඩ වර්ජනයක නිරත වෙති.

ඒ අනුව මාවනැල්ල අධ්‍යාපන කලාපයට අයත් පාසල් 137ක ගුරුවරුන් හා විදුහල්පතිවරුන් අද සේවයට වාර්තා නොකරන බව ගුරු  -  විදුහල්පති වෘත්තීය සමිති සන්ධානයට අයත් ගුරු සංගම් නායකයෝ පවසති. 

ගුරු  - විදුහල්පති වැටුප් විෂමතා ඉවත්කරන ලෙස බලකරමින් උද්ඝෝෂණයේ නිතර වූ මව්පියන් පිරිසකට  තර්ජනය කළේ යැයි කියන  සිද්ධියක් සමබන්ධයෙන් මෙම වැඩවර්ජනය කරති.