
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
හෝමාගම මාගම්මන සමගි මාවතේ පදිංචි කාන්තාවකගේ අනියම් සැමියාගේ පහර කෑමෙන් අවුරුදු තුනක් වයසැති දියණියක ජීවිතක්ෂයට පත්ව ඇතැයි මත්තේගොඩ පොලිසිය පවසයි.
සිද්ධියෙන් පසුව සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර දියණියගේ මව සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ හෝමාගම මාගම්ම්න සමගි මාවතේ දියණියක බව පොලීසිය කියයි.
එදින උදෑසන දරුවාට පහර දී බැහැරට රැගෙන ගොස් යලි සවස නිවසට රැගෙන එන අවස්ථාවේ දී දියණිය කිසියම් අසාත්මික තාවයකින් පසු වීම නිසා හෝමාගම මූලික රෝහලට රැගෙන යන අවස්ථාවේදී මෙසේ මියගොස් තිබේ.
සිද්ධියට සම්බන්ධ සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර ඔහු සොයා මත්තේගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තම තමන්ගේ ආගම දහමට නැඹුරුවන්න. ඔබලා කොහාටද මේ යන්න හදන්නේ. තේරුම් ගන්න, කිසිම දෙයකට ඕනෑවට වඩා ඇලෙන්න ගැටෙන්න යන්න එපා. විවාහ ජීවිතයට ගියා නම් ඵතැන වන සියල්ල ඉවසීමෙන් යහපත් ලෙස දරාගන්න. ඵවිට ඔබට අනිවාර්යෙන්ම ප්‍රමාද වී හෝ යහපත උදාවනවා නිසැකයි. ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින්ම ආරක්ෂා කරනවා ඵ්කාන්තයි සත්‍යයයි. දෙමාපියන් වැඩිහිටියන් තලන පෙලන ජීවිත වලට නම් ඉතින් යහපත අහිමියි. ඵ්වා කාට වසන් කරත් විශ්වයට වසන් කල නොහැකි බවත් සිහි තබා ගන්න. තෙරුවන් සරණයි!