IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


‘මාව මරන්න කුමන්ත්‍රණය කරන්නේ රෝ ඔත්තු සේවයයි‘

තමන් ඝාතනය කිරීමට ඉන්දීය රහස් ඔත්තු සේවය (රෝ) කුමන්ත්‍රණය කරන්නේ යයි ශ්‍රී ලංකාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අඟහරුවාදා රාත්‍රියේ පැවසූ බව ඉන්දියාවේ ‘ද හින්දු’ පුවත් පත වාර්තා කරයි.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා පළුදු විය හැකි අන්දමේ චෝදනාවක් කරළියට ගෙන එමින් මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පවසා ඇත්තේ අඟහරුවාදා (ඊයේ) රාත්‍රියේ පැවැති කැබිනට් රැස්වීමේදීය. 

ඉන්දීය රහස් ඔත්තු සේවය “මාව මරන්න හදනවා, ඒත් අගමැති නරේන්ද්‍ර මෝදි මේ සැලසුම ගැන නොදන්නවා වෙන්න පුළුවන්” යයි ජනාධිපතිවරයා මැති ඇමතිවරුන්ට පැවසූ බව එතැන සිටි අයගෙන් දැනගැනීමට ලැබුණු බවත් ‘ද හින්දු’ පුවත් පත වාර්තා කරයි. 

“එහෙම කිව්වාම අපි මහත් තිගැස්මකට පත්වුණා” යයි නම හෙළි නොකරන ලෙස ඉල්ලා සිටි අයෙක් පැවසීය. 

මේ සම්බන්ධයෙන් කරුණු තහවුරු කරගැනීම සඳහා ජනාධිපති මාධ්‍ය අංශයේ නිලධාරියකු ඇමතූ අවස්ථාවේදී ඔහු කියා සිටියේ “මේ ගැන හොයලා බලලා අපි නැවතත් ඔබට කතා කරන්නම්” කියාය. එහෙත් හින්දු පුවත්පත මුද්‍රණයට යන අවස්ථාව දක්වාම ඒ ගැන අදාළ නිලධාරීන්ගෙන් ප්‍රතිචාරයක් නොතිබිණ. 

 



අදහස් (27)

‘මාව මරන්න කුමන්ත්‍රණය කරන්නේ රෝ ඔත්තු සේවයයි‘

OMG Wednesday, 17 October 2018 06:34 AM

ඉතා බැරෑරුම් ප්‍රකාශයක්....

:       23       267

සනත් Wednesday, 17 October 2018 07:59 AM

ඔන්න මේ සතිය ඇදගෙන යන්න තවත් පුවතක්

:       117       314

kumara Wednesday, 17 October 2018 08:22 AM

කිසිම වගකීමකින් තොරව මාධ්‍ය සංදර්ශන පැවැත්වීමෙන් රටට වන හානිය නිමකළ නොහැකිය..

:       124       230

sirimal Wednesday, 17 October 2018 08:44 AM

රනිල් වික්‍රමසිංහ ඉන්දියානු අගමැති හමුවෙන්න යන වෙලාවේම මෙවැනි ප්‍රකාශයක් කිරීමේ ඇත්ත පරමාර්ථය කුමක්ද? මහාවංශයට අනුව නම් ඉන්දියාවට උඩින් ගිය ලංකාවේ රජෙකුට යහතින් සිටීමට නොලැබුණු බව පැහැදිලි වෙයි. අප අත්දුටු ඉතිහාසය බලමු. සිරිමාවෝ සැමියා මළදා පටන් ඇමෙරිකානු ඔත්තු සේවය වන සී.අයි.ඒ භීතියකින් පෙලුණා. මේ නිසාම ඇය සෝවියට්දේශය සමග දිවට දිවගා වැඩ කළාය. නමුත් අවසානයේ ප්‍රකට ඇමෙරිකන් හිතෛෂියෙකු වූ ජේ.ආර් හෙවත් "යැංකි ඩිකී" අතින් ඈ පරාජය වූවාය. ජේ.ආර්. ඇමෙරිකාවට සමීපවීම ඉන්දියාව රිස්සුවේ නැත. එහි ප්‍රතිඵලය වුනේ "රෝ" සංවිධානයේ මෙහෙයවීමෙන් දෙමළ සන්නද්ධ කල්ලි තැනූ ඉන්දියාව ජේ.ආර්ට පමණක් නොව අවු 30ක් පුරා මුළු ලංකාවටම මදි නොකියන්න සැලකීමයි. මොසාඩ් භීතියෙන් පෙළුන ප්‍රේමදාස අවසන් කළ "බාබුගේ" බෝම්බයේ කොනක මොසාඩ් සංවිධානය වූයේය. මහින්ද ඉන්දියාවට පි‍ටුපා චීනය හා එක්ව කො‍ටු පැන්නේය. තම පරාජය පසුපස රෝ සංවිධානය සිටින බව කීවේ ඔහුමය. කරදරකාරී වුවත් සමහරු දියබරියන් මරා දමන්න පෙළැඹෙන්නේ නැති වුනත් ඉන්දියාවට උසුළු විසුළු කිරීමෙන් ඇතිවිය හැකි ඉරණම ප්‍රියජනක වෙන්නේ නම් නැත...

:       417       302

lalithWednesday, 17 October 2018 01:10 PM

චන්ද්‍රිකාගේ කාලේ රනිල් මීට කලිනුත් ඔය නොර්වේ වන්දනාවේ ගිහින් බ්‍රිතාන්‍යයේ වන්දනාවේ හිහින් අන්තිමේ ඇස්කන් පියාගෙන අත්සන් කරලා අාපු ගිවිසුමේ ප්‍රතිඵලයක් විදියට තමයි අපි ස්වාධීන රටක් වුනත් ජාත්‍යන්තරය තුළ ඉන්දියාවේ ප්‍රාන්තයක් වුනේ. දැන් මේ ලංකාවේ සම්පත් ඉන්දියාවට දෙන්න දඟලන්නෙත් රනිල්ගේ ආණ්ඩුවමයි. අංතට්ටුව දාලා වැඩේ කරගන්න පුළුවන්... මිනිහට විධායක බලය, ඡන්දයකින් තොරව ලබාගන්න... තියෙන එකම මාර්ගය ජනාධිපතිතුමා එම ධුර කාලයේදී මරා දැමීම... අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ඉතිරි ධුරකාලයේ ජනාධිපති වෙන්නේ අගමැති. ඉතින් ඔලුව අතගාලා ලංකාව බූදල් කරගන්න ඔප්පුවට අත්සන් ගන්න පුළුවන් කෙනෙක් පුටුවේ ඉන්දවන්න මේ වගේ දෙයක් නොකරයි කියලා හිතන්න බැහැ. මත්තල ගුවන් තොටුපොල අත්පත් කර ගැනීම, කොළඹ වරායේ පර්යන්තය අත්පත් කර ගැනීම, ත්‍රිකුණාමලේ තෙල් ටැංකි අත්පත් කර ගැනීම, ඉන්දියානු සමාගම් වලට නිදහසේ ලංකාව ආක්‍රමණය කිරීමට ඉඩදීම (අර සබන් නිෂ්පාදනාගාරය ඉන්දියාවට රැගෙන ගියා වගේ) සේතු සමුද්‍රම් පාලම සැදීම, ලංකාවේ සංචාරක කර්මාන්තය නතු කර ගැනීම වගේ කීයක් නම් මතු බලාපොරොත්තු ඇතිද?

:       321       1011

DESHAPREMIWednesday, 17 October 2018 03:34 PM

අැයි සිරිමල් බයටද ඔය පශ්චාත් භාගය උතුරට හරවාගෙන දඟලන්නේ? ඔය ප්‍රේමදාස බෝම්බය පසුපස මොසාඩ් සිටියාක් මෙන්ම ප්‍රභාකරන්ගේ වැඩපිළිවෙල පසුපසත් අපේ නායකයින් යයි කියා ගන්න සිංහ හම පොරවාගත් කැනහිලුන් සිටි බව දන්නේ නැතිද? ඔවුනට කබා පොරවාගෙන සිටි සමහරුන් සමහර ආයතනවල ඉහල පුටු වල වඩා හිඳුවා දැනටත් පුදසත්කාර කරන බව දන්නේ නැතිද? ප්‍රභාකරන් සමග රජය පැවැත්වූ සබඳතා හෙළිවූ විට එහි පසුබිම හෙළි කර තම ගරුත්වය බේරාගැනීමට ගිය ගිය ප්‍රේමදාස විනාශ කළෝ ප්‍රභාකරන්ම යයි සිතන්නේද? අඳුරේ අතපත ගමින් කොයිවළ යන්නෙහිද?

:       1       49

SathyayaaMonday, 22 October 2018 12:04 AM

බොහෝ දුරට ඔබ හරි. ලංකාවේ මිනිසුන් දේශපාලනය ගැන උදේ හවස තොර තෝංචියක් නැතිව කතා කලත් දේශපාලනය පිටුපස ඉඳන් හොල්මන් කරන දේශීය හා විදේශීය පිශාචයින් කවුද කියා දන්නේ ඉතාම ටික දෙනයි.

:       0       2

samThursday, 18 October 2018 02:42 AM

"මහාවංශයට අනුව නම් ඉන්දියාවට උඩින් ගිය ලංකාවේ රජෙකුට යහතින් සිටීමට නොලැබුණු බව පැහැදිලි වෙයි" දුටුගැමුණු රජ්ජුරුවෝ ගැන මහා වංශයේ නැද්ද? එතකොට කීර්ති විජයබාහු. ඔය කොහේ තිබෙන මහාවංශයක් ගැනද කියන්නේ. ලිඳෙන් වතුර බීල ගඟට ආවඩන්නත් එපා. ඉතිහාසයේ අපි දැනට දන්නා දේ විකෘතිකරලා මහජනතාව නොමග යවන්නත් එපා.

:       3       34

Perakum Wednesday, 17 October 2018 08:46 AM

දුර ඉන්න අය වගේ නෙවෙයි, අල්ලපු ගෙදර ඉන්න ලොක්කා තරහ කර ගත්තොත් වැඩේ දුර දිග යන්න පුළුවනි. කට පරිස්සම් කර ගත්තා නම් නේද හොඳ...? රාජ්‍ය තාන්ත්‍රික භාවය රැකගැනීමට උපදෙස් දෙන්න කවුරුත් නැද්ද...?

:       2       171

iranth Wednesday, 17 October 2018 08:47 AM

මේවා පට්ටපල් ගල්පැලෙන බොරු කියලා අන්තර්ජාලයේ තියෙනවා.

:       16       73

Kumar (Galf) Wednesday, 17 October 2018 09:16 AM

දැන් රෝ එකෙන් හොර හරකුනුත් මරන්න පටන් අරන්ද? මම අදනෙ දන්නේ...

:       53       331

sashi Wednesday, 17 October 2018 09:19 AM

ශ්‍රීමාල් ,පැරකුම් දෙදෙනා හොඳ අදහස් ඉදිරිපත් කර ඇත. ඔබට ස්තුතියි. මමද යමක් ඉගෙන ගතිමි.

:       5       76

Soma dubayi Wednesday, 17 October 2018 09:21 AM

විශිෂ්ට ප්‍රකාශයක් ජනාධිපති තුමා ,ඉන්දියාවේ කුමන්ත්‍රණය පරාජය කිරීමට ජනාධිපති තුමාට ශක්තිය දෙමු.

:       17       32

SUMITH Wednesday, 17 October 2018 09:52 AM

හොරහරක් මරන්න එන්නේ සුදු වෑන් වලින්නේ... එ්ක නිසා බයවෙන්න එපා කුමාර....

:       201       166

athura Wednesday, 17 October 2018 10:11 AM

ඉස්සෙල්ල එක්කෙනා පැරදිලා ගෙදර ගිහින් ජනේලේ එල්ලිලා කිව්ව එක මෙයා දැන් වෙන විදිහකට කියනවා.

:       50       3

Janahitha Wednesday, 17 October 2018 11:02 AM

මගේ උතුම් මව් බිමට මේ මොකද වෙන්න යන්නේ....... බල ලෝභීකම නිසා රට අනතුරේ. ඔබතුමා ප්‍රවේසම් විය යුතුයි. කිසියම් දෙයක් උනොත් රට අනතුරේ.

:       4       70

Amila Wednesday, 17 October 2018 11:08 AM

ඔහොම කටට බ්‍රෙක් නැති කතා කියලා අල්ලපු ගෙදර තරහා කරගත්තා කියන්නේ ඉතින් ඉල්ලන් කෑවා වගේ තමයි. ඔබගේ දේශපාලන වල ඔබ විසින්ම කපා ගත්තෙ නිල් පක්ෂය බදාගන්න ගියපු දවසේ තමයි. දැන් ඉතින් තව වල හෑරෙනවා මිසක් ඔකෙන් ගොඩ ඒමක් නෑ. ලොකේ ප්‍රධාන රටවල් තරහා කරගත්තු නයකයෝ එක්කො එලොව ගියා එහෙම නැත්තම් බලයෙන් එලවලා දැම්මා. මොළේ පවිච්චි කරලා වැඩ කරන්න බැරි බව නම් දැන් සනාතයි.

:       116       16

SisiraFriday, 26 October 2018 01:06 AM

සත්‍යවාදී අදහස් ප්‍රකාශ කිරීම යටත් වීම හෝ බියගුළු වීමක් ලෙස හිතුවා නම්, අදත් තිස් අවුරුදු දරුණුතම ත්‍රස්තවාදය පවතින බව තේරුම් ගන්න, ශ්‍රී සද්ධර්මය අනුව , සත්‍යවාදී බව, මරණය ට වඩා උසස් බව තේරුම් ගන්න තෙරුවන් සරණයි දෙවි පිහිටයි

:       0       0

jayasekara Wednesday, 17 October 2018 11:20 AM

අර ප්ලේන් එකේ කජු කාල ලංකාවට එවිත් කාපු කජු ගැන ...ප්‍රසිද්ධ වේදිකාවේ කියපු කතාව වගේනේද?

:       0       9

jayasekara Wednesday, 17 October 2018 11:22 AM

ඕකට තමා කියන්නේ යහපාලානේ ... ප්‍රසිද්ධියේම " ජාත්‍යන්තරය ජයගන්නවා කියල ..."

:       0       4

Sisili Bisili Wednesday, 17 October 2018 11:26 AM

ඇයි අර ජැකට් එක දැන් දාන්නෙ නැති හින්දද?

:       4       10

chathuri Wednesday, 17 October 2018 12:30 PM

කලින් ඉන්දියානු ජාතිකයා ඇල්ලුවා කට්ටියක් මරන්න. ඉන්නවා කියලා. අත්අඩංගුවට අරගෙන පරීක්ෂණ කරලා කිව්වා. එයා මානසික ලෙඩෙක්... කියලා. දැන් අලුත් කතාවක්. ලගට ඇවිත් මරලා යනකම්. ඉන්නේ නැතිව..., මානසික ලෙඩේ තියෙන්නේ කාටද? කියලා හොයලා බලන්න.

:       41       4

කරුණාපාල Wednesday, 17 October 2018 12:45 PM

ගැරඬි මරලා පව්පුරවා ගන්න තරම් පහත් තත්වයකට දැන් ඉන්දියාව පත්වෙලාද? සමහරවිට මඩුවලිගෙන් ගත්තු වැඩ ගැන ඉන්දියාව තවම දන්නේ නැතිව ඇති...

:       1       6

lalith Wednesday, 17 October 2018 12:48 PM

ඔබතුමා විතරක් නොවෙයි අපේ මුළු රටම මරන්නේ ඔය අය තමයි. අර අක්ක පෙන්නලා නංගි දුන්නා වගේ අපට එකක් පෙන්නලා සුද්දෝ එක්කලා වෙනත් ගිවිසුමක් ගහලා යුද්ධය නිමකරලා අපිව මුලාවේ දමපු ඉන්දියාව අපිව පාගා දමන්නට කළ හැකි සැම දෙයක්ම කරනවා. නමුත් මේ වෙනකොට අපේ ඥානකෝෂ යයි කියාගන්නා වෘෂභයෙකුට වත් තරම් වූ මොලයක් නැති බල ලෝභයෙන් අන්ධ වූ අමන දේශපාලකයින් හට පින් සිදුවන්නට ශ්‍රී ලංකාව ඔවුන්ගේ අවසරයකින් තොරව ජාත්‍යන්තර කරලියේ කිසිවක් කරකියාගත නොහැකි හපයක් වී හමාරයි. ඔවුන් තව දුරටත් සත්‍ය වටහා නොගෙන, එළුවා පසුපස යන සිගාලයින් මෙන්, රටේ කිසිදු සංවර්ධනයක් නොකර නිද්‍රාශීලීව හිඳිමින්, බටහිර රටවල් පසුපස වැඳ වැටෙනු දකිනවිට හෙට දිනයේ අපට කුමන ඉරණමක් අත්වෙයිදැයි සිතාගැනීමට වත් නොහැක.

:       2       126

BamunuarachchiSunday, 21 October 2018 09:40 AM

මට මිල සූත්‍රයක් තේරෙනවා නමුත් මෙයා මොකක්ද කියන්නේ කියා ත්රෙන්නේ නැත.

:       0       0

sam Thursday, 18 October 2018 02:39 AM

මේ කතාවට හේතු තුනක් පාදක වෙන්න පුළුවන්. 1. දුම දාන්නේ ගින්නක් ඇති නිසා වෙන්න පුළුවනි. එහෙනම් හොයන්න ඕනා. 2. මෙතුමා ඉඳහිට තමන්ගේ වැදගත්කම පෙන්නන්න හදනවා. අන්තිම සුමාන දෙකේ යුද්ධය මෙහෙයුවා වගේ දේවල්. 3. අරහේ යාපනයේ සිංහල වචන විකුර්ති කරලා විග්නේශවරන් වැඩ දානවා. මේ කතාව කියලා ඒක වහන්න හදනවාද.

:       0       13

chandra weerasinghe Wednesday, 24 October 2018 08:27 PM

අනේ මේ අහිංසකයට මොන මරණීය තර්ජනද අප්පා? කමක් නැහැ ටිකක් කෙලින් කටින් ඉන්න මොකක් හරි කියන්නත් ඕන නේ !!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ආපදා ණය ඉහළට: චක්‍රලේඛය පිටවේ
2025 මැයි මස 10 310 0

රාජ්‍ය සේවකයින් සඳහා ආපදා ණය ලබාදීම සම්බන්ධයෙන් නව විධිවිධාන ඇතුළත් නව චක්‍රලේඛයක් රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත්


පුංචි ඡන්දෙන් ජනතාව ආණ්ඩුවට සංඥාවක් දුන්නා
2025 මැයි මස 10 1411 0

පළාත් පාලන මැතිවරණයේදී ජනතාව ආණ්ඩුවට දුන් සංඥාව හොඳින් තේරුම් ගන්නා බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.



ව්‍යවස්ථා සභාවේ ලේකම් ධම්මික අස්වෙයි
2025 මැයි මස 10 2539 0

පාර්ලිමේන්තුවේ හිටපු මහ ලේකම් ධම්මික දසනායක මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධූරයෙන් පෞද්ගලික හේතු මත ලබන 15 වැනිදා සිට ඉල්ලා අස්වන බව එම සභාවට ද


කොළඹ ලක්ෂ 10කට ඡන්දය එපා වෙලා
2025 මැයි මස 10 1022 0

කොළඹ සහ ඒ අවට තදාසන්න ප්‍රදේශවල විවිධ රැකියාවන්හි නිරතව සිටි විශාල පිරිසක් මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සිය ගම්බිම් වෙත ගොස් නැත


සූදු ගැසූ 13ක් මාට්ටු
2025 මැයි මස 10 451 0

කාලයක සිට පොලොන්නරුව සෙවනපිටිය ප්‍රදේශයේ නිවසක් තුළ පවත්වාගෙන ගිය මහා පරිමාණ සූදු පොලක් වටලා, සූදු ක්‍රීඩාවේ යෙදී සිටි සිවිල් ආරක්ෂක බටයකු ඇතුළු දහත


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 485 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1356 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 348 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site