(ක.ග.කරුණාරත්න)
එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවල රාජකාරී කරමින් සිටියදී මාලි රාජ්‍යයේදී සතුරු ඉලක්කයකට ගොදුරුව ජීවිතක්‍ෂයට පත්වූ ශ‍්‍රි ලංකා යුද හමුදාවේ මේජර් එච්. දිනේෂ් වසන්ත ජයවික‍්‍රම රණවිරුවාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (07) පොලොන්නරුව පුලස්තිගම, අභයපුර පොදු සුසාන භූමියේදී පූර්ණ යුද හමුදා ගෞරව ආචාර මධ්‍යයේ සිදුකෙරුණි.
ඒ අවස්ථාවට යුද හමුදාපති ලූතිනන් ජෙනරල් මහේෂ් සේනානායක මහතා ඇතුළු යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරී රැසක් ,එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ‍්‍රී ලංකා නියෝජිතවරිය වන හැමින් සිග‍්‍රර් මහත්මිය හා රණවිරුවාගේ මව, පියා, සහෝදරයින් ඇතුළු පවුලේ ඥාතීහු සහ ප‍්‍රදේශවාසිහු රැසක් සහභාගී වී සිටියහ.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ නම ලොවට ගෙනගිය සැබෑ විරුවෙකි ඔබ.මරණය දෝතින් රැගෙන උපදින අපසැම ඒ ගමන යා යුතුමය.ඔබ ඒ ගමන රජෙක් වගේම ගියා.සොයුර ඔබට නිවන්පුර රුවන්දොර විවර වේවා
ඔබට නිවන්සුව අත්වේවා !!!